Thursday, August 18, 2016

ඉන්දීය සිනමාවට යථාර්ථය රැගෙන ආ සිනමාකරු ......


                              සත්‍යජිත් රායි





”සිනමාකරණය පිළිබඳ තදින් එල්බ ගත් මතයක් මා වෙත නැත. මගේ කෘතීන් සඳහා තෝරා ගන්නේ මා සිත් ගත් විෂයන් ය. මා චිත‍්‍රපට නිපදවන්නේ එයින් ලැබෙන කලාත්මක වින්දනය උදෙසාම ය.”
                                                                           -සත්‍යජිත් රායි-


සත්‍යජිත් රායි සිනමාවේදියාණන්ගේ පෞද්ගලික ජීවිතයෙන් තොරතුරු බිඳක්

වර්ෂ 1921 මැයි 02 දින ඉන්දියාවේ කල්කටා නගරයේ උපත ලබා එහි හැදී වැඩුණු සිනමාකරුවෙකි. පියා සුකුමාර් රායි වූ අතර මව සුප‍්‍රභා නම් විය. ඔහුගේ ඥාතීන් හා හිතවතුන් ඔහුව හඳුන්වනු ලැබුවේ ”මනික්” යන ආදර නාමයෙනි. මූලික අධ්‍යාපනය රජයේ පාසලකින් ලැබූ අතර කල්කටා විශ්වවිද්‍යාලය, ශාන්ති නිකේතනය, රබීන්ද්‍රනාත් තාගෝර් විශ්වවිද්‍යාලය යන උසස් අධ්‍යාපන ආයතන වලින් උසස් අධ්‍යාපනය ලැබුවේ ය. බෙංගාලි ජාතිකයෙකු වූ ඔහු බීඒ ගෞරව උපාධිය කල්කටාවේ විශ්ව විද්‍යාලයකින් ලබා ගත්තේ ය. ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී සරසවියට ඇතුල් වූ අතර එහිදී චිත‍්‍ර ශිල්පය හා සංගීතය ඇතුලූ ලලිත කලාවන් රැුසක් ප‍්‍රගුණ කළේ ය. වර්ෂ 1943 දී දැන්වීම් සමාගමක චිත‍්‍ර ශිල්පියෙකු ලෙස සේවය කරන ලදි. ඉන්පසු සිග්නට් සමාගමේ ග‍්‍රන්ථ කවර නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කළ අතර පසුව වෙනත් නිර්මාණකරුවන්ගේ ග‍්‍රන්ථයන්හි මුලු් පිටු කවර සඳහා චිත‍්‍රයන් ද නිර්මාණය කළේ ය. ඔහුගේ බිරිඳ බිජෝයා රායි නම් විය. සිනමා කර්මාන්තයට සුවිශාල මෙහෙවරක් කළ  බෙංගාලි ජාතිකයෙකු වූ ඔහු 1992 අප‍්‍රියෙල් 23 දින දැයන් සදහටම සමුගත්තේ ය. එහෙත් ඔහුගේ නාමය සිනමා අඹරෙන් මැකී නොගොස් සදානුස්මරණීයව පවතී. 


සත්‍යයජිත් රායි විසින් නිර්මාණය කරන ලද සිනමා කෘති අතරින් කිහිපයක්






පාතර් පංචාලි 
අපරාජිතයෝ 
අපූර් සංසාර්         
ජල්සර්ඝාර්         
පරාශ් පාතර්         
දේවි 
තින් කන්‍යා 
කංචන්ජුංගා 
මහානගර් 
චාරුලතා 
විරියාකානා 
අරන්යාර් දින් රාත‍්‍රී



සත්‍යයජිත් රායිගේ සිනමා කෘති කිහිපයක් පිළිබඳ සටහනක්







පාතර් පංචාලි (1955)








අධ්‍යයක්ෂණය - සත්‍යයජිත් රායි 
කතාව - විභූති භූෂන් බන්දෝපාද්‍යයගේ දීපාතර් පංචාලි නවකතාව 
සංගීතය - විශිෂ්ටතම සිතාර් වාදකයෙකු වූ රවිශංකර් 
ඡුායාරූපකරණය - සුප‍්‍රකට ඡුායාරූප ශිලිපියෙක් වූ සුබ්රතා මිත‍්‍ර .      මෙය ඔහුගේ ප‍්‍රථම සිනමා කෘතිය විය.  
මෙම චිත‍්‍රපටය අපූ ත‍්‍රිත්වයේ පළමු වැන්න යි. 
දරිද්‍රතාවය මැද දිවිගෙවන බ‍්‍රාහ්මණ පවුලක් වටා ගෙතුණ කතාවකි. 
එහි ප‍්‍රධාන චරිතය වන්නේ – හරිහර ය. 
බිරිඳ  - සර්බෝජා ය. 
පුතා වන්නේ - අපූ ය. 
මෙහි මහලූ කාන්තාව වු ඉන්දීර්ගේ  චරිතය නිරූපණය කළේ නිහඬ සිනමා යුගයේ නිළියක වූ චුන්නිබාලා දේවි ය.



අපරාජිතයෝ



මෙය පාතර් පංචාලි නවකතාවේ දෙවන කොටස යි.
කලා අධ්‍යක්ෂණය - බන්සි චන්ද්‍ර ගුප්ත
ඡුායාරූපකරණය - සුප‍්‍රකට ඡායාරූප ශිල්පී සුබ්රතා මිත‍්‍ර 
මෙහි ඡුායාරූප ශිල්පියා වන සුබ්රතා මීත‍්‍ර විසින් පරාවර්තන ආලෝක ක‍්‍රමය ප‍්‍රථම වරට චිත‍්‍රාගාර දර්ශන තලයක භාවිතා කරන ලද්දේ මෙම සිනමාපටයේ දී’ ය.




අපූර් සංසාර් 






මෙය අපූ ත‍්‍රිත්වයේ අවසාන කොටස යි. 
ළමා වියෙන් හා ගැටවර වියෙන් සමුගෙන අල්ප සතුටත් සමඟ තරුණ වියට පා තබන බැරෑරුම් ප‍්‍රශ්න මඟින් යටපත් කරන්නා වූ දුක්ඛදායක වූත් දුෂ්කර වූත් වැඩිහිටි ජීවිතය පිළිබඳ කතාන්දරය කි.


තීන් කන්‍යා

වර්ෂ 1961 දී මෙම චිත‍්‍රපටය රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ කතා තුනක් ආශ‍්‍රය කරගනිමින් තැනූ චිත‍්‍රපට තුනකින් සමන්විත විය. 
මෙහි ඡුායාරූපකරණය සෞමෙන්දු රෝයි ශිල්පියා විසින් සිදු කරන ලදි.
මොහුගේ ඡුායාරූපකරණ ශිල්පීයතාව තුළින් විවිධ හා විස්තෘත වූ චරිත හා පරිසර ස්වභාවයන් සියුම්ව හා අනායාසයෙන් ග‍්‍රහණය කර ගෙන ඇත. 
මෙම චිත‍්‍රපටයේ දී සත්‍යජිත් රායි විසින් ප‍්‍රථම වරට සංගීතය නිරමාණය කරන ලදි.


කංචන්ජුංගා

මෙය සත්‍යජිත් රායිගේ ප‍්‍රථම වර්ණ සිනමාපටය යි. 
ඡුායාරූපකරණය - සුප‍්‍රකට ඡුායාරූප ශිල්පී සුබ්රතා මිත‍්‍ර. 
බොහෝ පිරිසක් මවිතයට පත් කරමින් 1:2  1/4 අනුපාතයට මෙම සිනමාපටය කැමරා ගත කරන ලදි. 
මේ සඳහා ප‍්‍රතික‍්‍රියා වේගය අඩු ඊස්ට්මන් ASA 40 දළ සේයාපටය යොදා ගෙන ඇත.
එසේ යොදා ගනිමින් සුබ්රතා මිත‍්‍ර කඳුකර පෙදෙසක් වූ ඩාර්ජීලිං හි අඳුරු පැහැගත් හවස්යාමය , චලතයන්ගේ ක්ෂණිකව වෙනස් වන ගති ස්වභාවයන් ග‍්‍රහණය කර ගන්නා ලදි.


සත්‍යජිත් රායි සිනමාකරුවාණන්ගේ සිනමාපටවල විශේෂතා

ඔහුගේ චිත‍්‍රපට මූලික වශයෙන්ම ගෝචර වන්නේ ඔහුගේ ම පේ‍්‍රක්ෂකයන්ට වීම.

බෙන්ගාලි සාහිත්‍යය ඔහුගේ චිත‍්‍රපටවල ප‍්‍රධාන මූලාශ‍්‍රය වීම. 

ඔහුගේ චිත‍්‍රපට කන්නඩ හා මලයාලම් බසින් මෙන් ම හින්දි බසින් පවා නිෂ්පාදනය වීම.

එලෙස ම එම චිත‍්‍රපට යථාර්ථය පසක් කරවන බෙංගාලය තුළ ඉන්දියානු ජාතික සටන හා පුනර්ජීවන ව්‍යාපාරය ගැන කතා කිරීම.

දේශීයත්වය අගය කිරීම.

ඉන්දීය ජන ජීවිතයේ යථාර්ථය පසක් කරීම.



සිනමාවට සිදුකළ සුවිසල් මෙහෙවර වෙනුවෙන් ඔහුට හිමි වූ සම්මාන හා ඇගයීම්




වැනීසියෙන් ස්වර්ණසිංහ සම්මානය. 

බර්ලිනයෙන් රන් වලසා හා විශිෂ්ටතම අධ්‍යයක්ෂක සඳහා වන සම්මාන දෙකත් සමඟ ඔහුගේ සමස්ත සිනමා නිර්මාණ වෙනුවෙන් විශේෂ ජූරි සම්මානය. 

සෙල්ස්නික් සම්මානය , සදර්ලන්ඞ් කුසලානය , 1957 වර්ෂයේ දී හොඳම චිත‍්‍රපටය හා 1959 දී හොඳම අධ්‍යයක්ෂවරයා සඳහා සම්මානය.

සැන්ප‍්‍රැන්සිස්කෝවෙන් , ඔක්ස්ෆර්ඞ්, ලන්ඩන් සම්මානනීය ආචාර්ය උපාධි.

බි‍්‍රතාන්‍යය සිනමා සංගම් සම්මේලනයෙන් අඩසියවසක විශිෂ්ටතම සිනමා අධ්‍යයක්ෂවරයා සඳහා උත්්තමාචාරය. 

සිනමාව වෙනුවෙන් ජීවිත කාලයක් කළ මෙහෙය වෙනුවෙන් 1992 ඔස්කාර් සම්මානය. 

ඉන්දියානු රජය විසින් ලබා දුන් 1992 දී භාරත රත්න සම්මානය.



ඉන්දියානු සිනමාවේ උන්නතිය උදෙසා සත්‍යයජිත් රායිගෙන් ලද දායාද


වර්ෂ 1947 දී ඔහු විසින් කල්කටාවේ පළමු චිත‍්‍රපටි සංගමය පිහිටුවීම.

වර්ෂ 1976 දී සත්‍යයජිත් රායි විසින් සිනමාව පිළිබඳව ඔහුගේ මති මතාන්තර අන්තර්ගත කරමින් ප‍්‍රථම කෘතිය ලෙස ”  Our Films Their Films ”  ප‍්‍රකාශයට පත්කිරීම. 

වෘතාන්ත , වාර්තා හා කෙටි චිත‍්‍රපට 37 ක් ලොවට දායාද කිරීම.


සත්‍යජිත් රායි සිනමාකරුගේ විශේෂතා

මොහු ඉන්දියානු චිත‍්‍රපට අධ්‍යයක්ෂවරයෙකු ලෙස හැඳින්වුව ද බෙංගාල චිත‍්‍රපට නිර්මාණය කළ පුද්ගලයෙකු වීම.

විසිවන සියවසේ විසූ ශ්‍රේෂ්ට චිත‍්‍රපට අධ්‍යයක්ෂකවරුන් අතළොස්ස අතරට අයත් වීම.

ඔහු අන්තර් ජාතික සිනමා සම්මාන 11 ක් ද ඉන්දියානු ජාතික සම්මාන 32 ක් ද දිනා ගැනීම.

අධ්‍යයක්ෂණය , නිෂ්පාදනය , තිරපිටපත් රචනය , ලේඛනය යන ක්ෂේත‍්‍රයන්හි විශිෂ්ටයෙකු වීම.



සත්‍යයජිත් රායිගේ සිනමා කෘති සඳහා හිමි වූ සම්මාන කිහිපයක්


ඔහුගේ ප‍්‍රථම සිනමාපටය වූ පාතර් පංචාලි චිත‍්‍රපටය සඳහා,

කෑන්ස් සිනමා උළෙලේ දී දී ”හොඳම මානුෂීය වාර්තාචිත‍්‍රපටයට”  හිමි සම්මානය දිනා ගැනීම.  

වර්ෂ 1955 නවදිල්ලි ජනාධිපති සම්මාන උළෙලේ දී රන් හා රිදී පදක්කම් දිනා ගැනීම. 
        
වර්ෂ 1957 බර්ලින්හි දී සෙල්ස්නික් ගෝල්ඩන් ලෝරල් සම්මානය දිනා ගැනීම. 

වර්ෂ 1966 ජපානයේ දී හොඳම විදේශීය චිත‍්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීම.


අපරාජිතයෝ සිනමාපටය සඳහා,

වර්ෂ 1960 බර්ලින්හි දී සෙල්ස්නික් ගෝල්ඩන් ලෝරල් සම්මානය දිනා ගැනීම.

වර්ෂ 1967 ඩෙන්මාර්ක්හි දී හොඳම යුරෝපීය නොවන චිත‍්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීම.

අපූර් සංසාර් සිනමාපටය සඳහා,
වර්ෂ 1959 නවදිල්ලියේ දී ජනාධිපති රන් පදක්කම දිනා ගැනීම.


ජල්සඝාර් සිනමාපටය සඳහා,

වෂ 1959 නවදිල්ලියේ ජනාධිපති සම්මාන උළෙලේ දී රිදී පදක්කම දිනා ගැනීම. 

වර්ෂ 1959 මොස්කව්හි දී සංගීතය සඳහා රිදී පදක්කම දිනා ගැනීම. 


තීන් කන්‍යා සිනමාපටය සඳහා,

වර්ෂ 1961 නවදිල්ල්යේ ජනාධිපති සම්මාන උළෙලේ දී රිදී පදක්කම දිනා ගැනීම. 

වර්ෂ 1963 බර්ලින්් සිනමා උළෙලේ දී සෙල්ස්නික් ගෝඩන් ලෝරල් සම්මානය දිනා ගැනීම. 


චාරු ලතා සිනමාපටය සඳහා,

වර්ෂ 1964 නවදිල්ලි ජනාධිපති සම්මාන උළෙලේ දී රන් පනක්කම දිනා ගැනීම. 

වර්ෂ 1965 බර්ලින්හි දී සිල්වර් බෙයාර් ෆෝ බෙස්ට් ඩිරෙන්ෂන් සම්මානය දිනා ගැනීම.



සත්‍යජිත් රායිගේ සිනමා නිර්මාණ පිළිබඳව ජපන් චිත‍්‍රපට අධ්‍යයක්ෂවරයෙකු වූ අකිර කුරසෝවා නිර්මාණකරුවාගේ ඇසින්





”පාතර් පංචාලි නැරඹීමෙන් පසු මා සිත තුළ ඇති වූ උද්වේගය මට කවදාවත් ම අමතක කරන්න බැහැ. ඉන්පසුව ද කිහිපවතාවක් ම මා එය නැරඹූ අතර ඒ හැම වරම වඩ වඩාත් කැළඹුනෙමි. එය සුවිසල් නදියක මහීමාන්විත භාවයෙන් හා සැහැල්ලූවෙන් ගලා බසින ආකාරයේ සිනමාවකි. මිනිසුන් උපදිනවා , ජීවත් වෙනවා , මරණය භාරගන්නවා ඉතාම නිරායාසයෙන් සහ කිසිදු හදිසි ගැස්සීම් වලින් තොරව, රායි සිය සිත්තම පින්තාරු කරනවා. ඒත් ඒකෙ ප‍්‍රතිඵලය නරඹන්නාගේ ගැඹුරු හැඟීම් අවදි කිරීම යි..........”

5 comments: