Sunday, August 28, 2016

එදා මෙදාතුර හදවතෙහි රැඳි ගී



අම්මාවරුනේ

අම්මාවරුනේ.....
අම්මාවරුනේ.....
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා.....
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ......
අම්මාවරුනේ.......

සෙනෙහස වැඩි දා
සිතද බොළවේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ.......
අම්මාවරුනේ........
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා.......
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරුනේ.......
අම්මාවරුනේ......

ගායනය - නන්දා මාලනී


බෝ මළුවේ මල් සුවඳක පැටලී

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

ගායනය - සනත් නන්දසිරි


දෙවනි බුදුන් ලෙස

දෙවනි බුදුන් ලෙස ලාවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවක උතුම් ලද
අම්මා...... අම්මා...... අම්මා......

දෙසවන් සනසා මා නැළවු ඔබ
මියුරු මියැසියෙ අරුත කියා දුනි
ඒ මියසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත

අම්මා.....අම්මා.......අම්මා

ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒදිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත

අම්මා......අම්මා.......අම්මා

ගායනය -  සුනිල් එදිරිසිංහ


කරුණා සුවඳ තවරාලූ හද පියුමේ


කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ

ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ

බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ.....

ගායනය - නිහාල් නෙල්සන්



දුරස් වන්නට මේ ලෙසින්


දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ.....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ......//

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද.......//
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද.....

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ......//

අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද......//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද....

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ//

ගායනය - අාචාර්ය දයාරත්න රණතුංග



දුක හාදු දෙන රැයේ

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා

ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

ගායනය - ගුණදාස කපුගේ



සැඳෑ කලුවර කුර ගගා විත්

සැඳෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳල තනි වෙලා මා තනි වෙලා

වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා

ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තෙ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බ‍ර වෙලා

ගායනය - නන්දා මාලිනී



සඳ තරු නිහඬයි

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා

ගායනය - ඩබ්. ඩී. අමරදේව


මේ නගරය මා ඔබ


මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය     - මර්වින් පෙරේරා
ගායනය     - මර්වින් පෙරේරා


සද මා හා සිනාසුනා

සද මා හා සිනාසුනා
තරු මා හා සිනාසුනා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතාකලේ නෑ....

පුරා පෝය හද අහසට එන විට
මා එනවා බෝ මලුව දිහාවට
බෝ මලුවේ හිද පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට

සද මා හා සිනාසුනා..........

පුරා පෝය හද පායන විලසේ
ඔබ එනවා බෝ සමිදු පුදන්නට
නාදුනනා ලෙස ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සද මා හා සිනාසුනා.........

ගායනය - දයාරත්න රණතුංග



සුළඟ නුඹ වගෙයි

සුළඟ නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි

වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි

සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන්ගියා
පුදුමයක් නොවෙයි

සුළඟ නුඹ වගෙයි......

සිත තනි කළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොයසොය
රිදෙවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි

සුළඟ නුඹ වගෙයි.......

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ‍


පූජාසනයේ ඔබ හිඳුවා

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ

ඉසුරින් කිත් යසසින් බබලන දා 
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ

පූජාසනයේ ඔබ හිඳුවා....

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ ඔබ හිඳුවා....

ගායනය :නන්දා මාලනී 

කෘතගුණ සැළකූ ශ්‍රේෂ්ට නිරිදුන්

මහා විජයබාහු (පළමුවන විජයබාහු රජු)


පළමුවන විජයබාහු රජු  (මහා විජයබාහු, විජය බා) (ක්‍රි.ව. 1055 සිට 1110 ) දක්වා පොළොන්නරුව අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රාජ්‍ය ලේ උරුමය ඇතිව එතුමා උපන්නේ ය. එකල ශ්‍රී ලංකාවේ කොටසක් ආක්‍රමණික ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යයයන් විසින් පාලනය කරන ලදි. 1055 දි රුහුණ හෙවත් දක්කිණ දේශයේ පාලනය බාර ගත් එතුමා පසුව වසර 17 ක දිගු සටන් මෙහෙයුමකින් පසු 1070 දි චෝල ආක්‍රමණිකයන් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේන් එලවා දැමීමට සමත් විය. සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරිමට එමගින් එතුමාට හැකිවිය. එතුමාගේ පාලන කාලය තුළ බුද්ධ ධර්මය නැවත පිහිටුවිමටත් යුද්ධය නිසා විනාශ වු යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අළුත් වැඩියා කිරිමටත් කටයුතු කරන ලදි.විජයබාහු , කිත්ති , කීර්ති යන නාමයෙන් ක්‍රි.ව. 1039 දි දක්කිණ දේශයේ රුහුණු රාජධානියේ උපත ලැබීය. එතුමා රුහුණු පාලකයා වු මොග්ගල්ලාන රජු හා ලෝඛිතා බිසවගේ පුතණුවන්ය. එකල ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වුවත් රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් පාලනය ගෙන යන ලදි. 

එතුමාට වයස 15 දි රුහුණේ රාජ්‍යයත්වයට පත්විමේ අරමුණ ඇතිව ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වු ලෝකිස්සර පරාජය කරන ලදි. පසුව ක්‍රි.ව. 1055 දි විජයබාහු නමින් රුහුණේ රාජ්‍යයත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර නිතර ප්‍රහාර එල්ල කලත් ඒවා මැඩපවත්වා, ක්‍රි.ව. 1058 දී රුහුණ සම්පුර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කරල සම්පුර්ණ රුහුණු පාලනය එතුමාගේ යටතට ගැනිමට සමත් විය.

රුහුණ ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමෙන් අනතුරුව එකල අගනගරය වූ පොළොන්නරුව ආක්‍රමණය කිරීමේ පිපාසාවෙන් මඩිනු ලැබූ හෙතෙම 1066 දී පොළොන්නරුව වෙත තම මංගල ප්‍රහාරය මෙහෙයවා ලදි. මද කලෙකට එය තම ග්‍රහණයට නතු කරගත්තේ ය. එනමුදු දකුණු ඉන්දීය ආධාරයෙන් බල ගැන්වුනු සොලී චෝල හමුදාවන් නැවතත් ප්‍රහාර එල්ල කළෙන් විජයබාහු තෙම නැවත පසු බැස්සේ ය. එසේ පසුබැස වාකිරිගල දී නැවත සංවිධානය වුනු විජයබාහු පොළොන්නරුව තම ග්‍රහණයට ගැනීමේ නැවුම් වෑයමක් දියත් කළේ ය. එවිට පාලන බලය සඳහා සටන් වැදි වෙනත් පාර්ශවයන් විසින් දියත් කළ කැරළි සඳහා ද මුහුන දීමට ද සිදුවිය. ඒවා ද විජයග්‍රහණය කළ විජයබාහු ස්වකීය හමුදාවන් පොළොන්නරුව නැවත ගැනීමේ අදිටනින් යුතුව මෙහෙය වුවද සොලීන් අතික්‍රමණය කිරීමට නොපොහොසත් වූයේ ය.

සියලු බාධක බිද දමමින වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේ දී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.






පනාකඩුව තඹ සන්නස


පළමු වැනි විජයබාහු රජතුමාට අයත් මෙම තඹ සන්නස ප්‍රමාණයෙන් දිගින් අඩි එකයි අගල් දෙකහමාරකි. එහි පළල අගල් තුනක්‌ පමණ වේ. මෙහි සාමාන්‍ය ඝනකම අගලින් අටෙන් එකකිග සන්නසේ බර රාත්තල් දෙකක්‌ සහ අවුන්ස දෙකහමාරකිග සන්නසේ එක්‌ පත් ඉරුවක පේලිි හත බැගින් ලියූ අකුරු පේලි 28 කින් යුක්‌තය. පේලිි අතර පරතරය සෙන්ටිමීටර් 0.02 කින් යුක්‌ත වේ. අකුරක ප්‍රමාණය ගත්විට උස සෙන්ටි මීටර් 1.2 ක්‌ හා පළල සෙන්ටිමීටර් 0.9 ක්‌ පමණ වේ. අකුරු උල් රවුම් හැඩයක්‌ ගන්නා ආකාරය දැකගත හැකිය. පනාකඩුව තඹ සන්නස තඹ පතක සටහන් කිරීමට මූලික හේතුව වශයෙන් හදුනාගත හැක්‌කේ එය සුරක්‌ෂිතව දිගුකාලයක්‌ තබා ගැනීම සදහා ය. 

පනාකඩුව තඹ සන්නස තුළින් පළමුවන විජයබාහු රජතුමා විසින් තම බාල කාලය පිළිබද කතා පුවත හැඟීම්බරව කිසිවක්‌ නොසගවා නිහතමානීව ප්‍රකාශකර ඇත. සොළින්ගේ ආධිපත්‍යට යටත්ව තිබූ කාලයේ තමා පමණක්‌ නොව පියාණන් වූ මුගලන් ඇතුළු සියලු ඥාතීන් මහත් ඕනෑකමින් ආරක්‌ෂා කළ නිසා ඒ උදවුවලට කෘතගුණ සැලකීමක්‌ ලෙස බුද්ධරාජ හෙවත් රුහුණු ප්‍රදේශයේ සිවිල් හා යුද කටයුතු භාර ප්‍රධාන නිලධාරියා වූ සිත්නරු නම් බූදල්නාවන්නාට පවරාදුන් ත්‍යාග හා වරප්‍රසාද ගැන මෙහි සදහන් වේ. 

මෙහි සදහන් කරුණු අතිශයෝක්‌තියෙන් තොරව අව්‍යාජව ඉදිරිපත් කර තිබේ. මෙකල සොළීන්ගෙන් එල්ල වූ පීඩාවන් හේතුවෙන් රාජ්‍යය අහිමි වූ බැවින් කදුකරයේ වන දුර්ග ප්‍රදේශවල ආරක්‌ෂාවට සැගවී ඇත. එහිදී රජුගේ සෙන්පතියෙකු වූ සිත්නරු නම් බූදල්නාවන්නා නම් රුහුණු දණ්‌ඩ නායකයා සිය පිරිවර සමග පැමිණ මුගලන් මහ රජු ඇතුළු මුළු රජ පවුලම රැකගත් බව එහි සදහන් වේ. එසේම ඔවුන් කුඩා කාලයේ හොදින් ඇති දැඩි කළ බවත් ඔහු ඔවුන්ව පෝෂණය කළ බවත් සතුරන්ගෙන් ආරක්‌ෂා කළ බවත් එහි දක්‌වා තිබේ. එසේම සෑම තැනකම සතුරා සමග සටන් කර පසුව රෝහණය පක්‌ෂපාතී කර කදුකරයෙන් ගරුබුහුමන්ව ගෙන්වා නැවත රාජ්‍ය ලබාදුන් බව විජයබාහු රජු එම සන්නසේ සදහන් කර ඇත. (රුහුනේසිටි බල සමිපන්න ජන ප්‍රධානි‍යෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් චෝල ආක්‍රමනික රජ උරුමක්කාර‍යින් සමූල ඝාතනය කරද්දී පනරැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු ‍රජ පවුල ‍රෝහනයට පැමිනෙයි. කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය. රහසේ රුහුනු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි.)

ඉහත සිදුවීම් විමසා බැලීමේදී විජයබාහු රජුගේ පියා මුගලන් බවත් විජයබාහු රජු රාජකීය උත්පත්තියක්‌ ඇති අයෙකු බව ,ඔකාවස්‌ රජ පරපුරෙන් බට කැත් උසබහට අග මෙහෙසුන් වූ, යනුවෙන් දක්‌වා තිබීමෙන් පැහැදිලි වේ. එසේම චෝල ආක්‍රමණයක්‌ මේ කාලයේ සිදුවී ඇති බවත් ඔවුන් අනුරාධපුර රාජධානිය ක්‍රමානුකූලව විනාශකළ බවත් මෙයින් හදුනාගත හැකිය. චෝල අධිරාජ්‍යයේ සිරකරුවකු වූ පස්‌වන මිහිඳුගේ මුණුබුරෙකු ලෙස මොග්ගල්ලාන (මුගලන්) හදුනාගත හැක.

පනාකඩුව තඹ සන්නසින් බූදල්නාවන්නාගේ පරම්පරාවට දෙන ලද රාජ වරප්‍රසාද ලෙස එතුමාගේ පරම්පරාවෙන් පැවත එන්නන්ගෙන් දඩ අය නොකිරීම, ඔවුන් සිරගත නොකිරීම, ඔවුන් සතු කිසිදු දේපළක්‌ රාජසන්තක නොකිරීමත් ඔවුන් ඉතා බලවත් අපරාධයක්‌ කළ ද තෙවරක්‌ ඔවුන්ට සමාව ලබාදිය යුතු බවත් එහි සදහන් වේ. තවද රාජ අපරාධයකදී වුවද ඔවුන්ට සමාව දිය යුතු බවද සන්නස මගින් ව්‍යවස්‌ථාපිත කොට ඇත. 




අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

https://si.wikipedia.org/wiki/

https://si.wikipedia.org/wiki/

http://historyofsrilankan.blogspot.com/


සාලිය අශෝකමාලා පෙම් පුවත හා සබැඳි ජනප්‍රවාද














ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ ප්‍රේම කතාවක් වන සාලිය අශෝකමාලා පුරාවෘත්තය තන්තිරිමලය හා සමඟ බැඳී පවතී. ශ්‍රි ලංකාවේ පෞරාණික, බලැති රජ කෙනෙක් වන දුටුගැමුණු රජුගේ එකම පුත්‍රයා සාලිය කුමාරයායි. ඒ අනුව රටේ කිරුළ හිමි කුමාරයා සාලිය කුමරු විය. වරක් අශෝක නැමති ගසකින් මල් නෙලන සුරූපි තරුණියක් ඔහුගේ නෙත ගැටුණි. ඇය හා සමඟ එසැණින් ඔහු ආදරයෙන් වෙලුණි. පසුව ඇය චණ්ඩාල කුලයට අයිති කුලයෙන් පහත් කෙනෙක් බව කුමරු දැන ගන්නා ලදි. එකල කුලය මෙවැනි සම්බන්ධතා වලට තදින්ම බලපාන කරුණක් වන අතර බොහෝ දුරට දෙදෙනාට ම මරණ දඬුවම හිමි විය හැකි විය.

නමුත් මේ වන විට හදට හද එකතු වී ඇති අතර නීතිය කුමක් වේවිද යන්න දැන සිටියේ නැත. ඔවුන් එකිනෙකා ඉතා ළගින් බැඳුණු අතර කුලය නැමති පටු අදහස ඔවුන්ගේ ආදරයට එබිකම් කරන්නට දුන්නේ නැත. මෙම රහසිගත ආදර කතාව සැනින් පැතුරුණු අතර රජුගේ ද කණ වැකුණි. රජතුමා අධික කෝපයෙන් යුතුව සැණින් කුමාරයා පිටුවහල් කරන ලදි. මෙම ඔටුණු හිමි කුමාරයාට ඔටුන්න ප්‍රසිද්ධිය හා සිය පවුල අහිමි විය. නමුත් ඔහු පොඩ්ඩක්වත් ඒ ගැන කනගාටු වූයේ නැත. මන්ද ඒ වන විට ඔහු අශෝකමාලා‍ කුමරියගේ හද තුළ කිරුළ පළඳා තිබුණු බැවිනි. ඔවුන්ගේ ආදරයේ රාජධානිය ලෙස තෝරා ගත්තේ තන්තිරිමලය යි.

මහා වංශයේ සඳහන් වන පරිදි  "දුටුගැමුණු රජුගේ රාජ්‍යයෙහි ජනයෝ පින ගිය සිත් ඇත්තෝ වූහ. ඒ රජ හට සහලි රාජකුමාරයයි විශ්‍රැත වු සිතෙක් විය. හෙ තෙමේ අතිශයින් පුණ්‍යවන්ත විය. සදාකලැ පුණ්‍යකර්ම කරණයේ ඇලුනෝ විය. හෙතෙම පුර්ව ජාතියෙහි සම්බන්ධ වු සැ‍ඩොල් කුල උපන් අශෝකමාලා නම් දේවීය ඉතා ලාවණ්‍ය රූ ඇති බැවින් අතිශයින්ම ඇය මත ප්‍රියකරන්නේ රාජ්‍යය නොපැතුවේය.” (පරිච්ඡේද - 33)

එක සමයක මහරජ මේ ප්‍රදේශය නැරඹීමට ගිය විට අශෝකමාලා විසින් පිසින ලද ඉතා රසවත්ල‍ ‍‍ඹෞෂධීය ආහාරයක් වන  "රත්තම්පලා” පිඟානක් යවන ලද අතර ඒවා කොහෙන් ලද්දේදැයි විමසීමට පෙළඹුණි. එහිදී සේවකයා පැවසූවේ, මහරජ අශෝකමාල ගෙන ආ බවයි. එවිට රජතුමා තරහින් වියරුවැටීල අතේ තිබුණු රත්තම්පලා පිඟාන බිත්තියට තදින් වදින ලෙස විසි කරන ලදි.

කාලය ටිකෙන් ටික ගෙවී ගිය අතර අනුරාධපුරයේ ‍රජු විසින් ගොඩනැගූ ගොඩනැගිලි වල ගල් මෙන් රජුගේ ගල් වැනි හිත ඔහුගේ පුත් කෙරේ කවදාවත්ම මොළොක් වූයේ නැත. වරක් කුඩා විසප්පු ගෙඩියක් නිසා රජුගේ කකුලේ තුවාලයක් හට ගත්හ. ඒක ඉතා වේදනාකාරී වු අතර රාජකීය වෙදවරුන් කැඳවන ලදි. ඔවුන් ඔවුන්ට හැකි අයුරින් වෙඳකම් කළ නමුත් තුවාලය එන්න එන්නම නරක් අතට හැරෙන්නට විය. අවසාන බෙහෙත් වට්ටෝරුවට  "රත්තම්පලා” අවශ්‍ය වුණ නමුත් එය කොහෙන්වත් සොයා ගැනීමට නොහැකි විය. එක්දිනක් රජතුමා බිත්තියට ගසා දැමු පිඟානේ තිබු රත්තම්පලා ඇලී වේලී තිබු අයුරු මතක් වුණ සේවකයා හැකි ඉක්මනින් ඒවා සූරාගෙන එන ලෙස දන්වමින් රාජ්‍ය ආරක්‍ෂකයින් පිටත් කර යවන ලදිග. බෙහෙත් ඉක්මනින් සොයාගත් අතර තුවාලය ද ඉක්මනින් සුව විය. පසුව රජු රත්තම්පලා කොහෙන් සොයාගත්තේදැයි විමසන්නට විය. එවිට සේවකයා බියෙන් යුතුව ඒ සම්බන්ධව සියළුම කතාව කියු අතර රජතුමා අශෝකමාලා ගැන මහත්සේ කනගාටු විය. එසැන්නිම එම දෙපල රජමාළිගයට කැඳවන ලද අතර දෙදෙනා සඳහා රාජ මංගල්ල්‍යයක් සැලසුම් කළේ ය. රජතුමා මේ සුන්දර තරුණිය දැක අතිශයින් ප්‍රීතියට පත් වු අතර සමාව ද දුන්හ.

නමුත් ඔවුන් තවමත් නගරයේ චණ්ඩාල කුලයේ වන නිසා ඔවුන් ජිවත් විය යුතුව ඇත්තේ තන්තිරිමලය සහ මහවිලච්චිය ප්‍රදේශයේ යි. රජතුමා අශෝකමාලා කුමරියට  "තන්තිරියා” නමින් හඳුන්වන ලබන සමනළ හැඩයට පබළු වලින් සාදන ලද රත්තරං මාලයක් තෑගි කරන ලදි. පසුව අශෝකමාලා කුමරිය විසින් එම මාලය ගලක නිධන් කරන අතර එම ස්ථානය  "තන්තිරිමලය” ලෙස හඳුන්වන ලදි.



අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.


http://www.tantirimale.com/