Saturday, August 27, 2016

දුක් කම්කටොලු මැදින් පැමිණි ලොව ශ්‍රේෂ්ට ජනපති



අැමරිකානු ජනපති ඒ්බ්‍රහම් ලින්කන්





ඒබ‍්‍රහම් ලින්කන් උපන්නේ 1809 පෙබරවාරි 12 දින ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප‍්‍රදේශයේදීය. ඔහුගේ පියා තෝමස් ලින්කන් නම් වූ අතර ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු සහ ගොවියෙතු විය. මව නැන්සි හැන්ක්ස් නම් වූවාය. ඒබ‍්‍රහම්ට සාරා නමින් වැඩිමහල් සොයුරියක් ද තෝමස් නමින් බාල සොයුරෙක් ද වූහ. සොයුරා ළදරු වියේදීම මිය ගියේය. ගොවියෙකු වූ පියා සමග ඉතා කුඩා වියේ සිටම ඒබ‍්‍රහම් ගොවිපළට ගියේය. තිරිඟු වගාව සහ වට්ටක්කා වැවීම සඳහා ඔහු පියාට උදව් කළ අතර විශාල ගංවතුරක් නිසා එය විනාශ විය. කුඩා ඒබ‍්‍රහම් ඇතුළු ලින්කන් පවුල වාසය කළ නිවස සාදා තිබුණේ ලී කොට වලිනි. කුඩා ලී නිවස තුළ ඒබ‍්‍රහම් හා සාරා  ප‍්‍රීතියෙන් විසූහ. නිවස අසල තිබූ ගස් , වැල්, කඳු, හෙල්,  නිම්න, ඇළ දොළ ආදී ස්වභාවික දසුන් වලින් ඔවුන්ගේ සිත්වලට සතුටක් ගෙන ආවේය. කී‍්‍රඩා කිරීමට අපූරු ස්ථාන ද සුවඳ බැලීමට සුවඳැති මල් වර්ග ද බීමට සහ නෑමට පිරිසිදු සීතල ජලය ද කෑමට පලතුරු ද ඔවුන්ට සුලබ විය. ඔවුන් ගේ මව අකුරු ලිවීමට නොදැන සිටි නමුත් අකුරු කියවීමට දැනගෙන සිටියා ය. පියාට හැකි වූයේ නම ලිවීමට පමණි. විවේක සහිත සැන්දෑවල දී මව කුඩා ඒබ‍්‍රහම්ට සහ සාරාට බයිබලයේ කතා සහ වෙනත් කතා කියා දුන්නාය. ඒවාට ඉතා ආසාවෙන් සවන් දුන් ඒබ‍්‍රහම් ඒ පිළිබඳ වැඩිදුර විස්තර මවගෙන් ඇසුවේය.

වයස අවුරුදු හතේ දී ඒබ‍්‍රහම්ට පාසල් යාමට ලැබුණි. නමුත් ඔහුට දිගටම පාසල් අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ නැත. ඒබ‍්‍රහම්ට අවුරුදු 7 දී ලින්කන් පවුල කෙන්ටකි අතහැර ඉන්දියානා ප‍්‍රදේශයේ පදිංචියට ගියහ. එය වලසුන් ඇතුළු වන සතුන් බහුල ප‍්‍රදේශයක් විය. එහි පදිංචි වී සිටිය දී ඔවුන්ගේ ගව පට්ටියේ සිටි එළදෙනක විෂ සහිත තණකොළ වර්ගයක් කා ලබා දුන් එළකිරි බී මව රෝගාතුර වී මිය ගියාය. ඒ වන විට ඒබ‍්‍රහම්ට වයස අවුරුදු නවයකි. ඊළඟ සීත ඍතුව මවගේ උණුසුමෙන් තොරව ගත කරන්නට ඔහුට සිදු විය. ඊළඟ සීත ඍතුව වන විට පියා ඒබ‍්‍රහම්ට කුඩම්මා කෙනෙකු ගෙන ආවේය. නමුත් ඇය නපුරු කුඩම්මා කෙනෙකු නොවූ අතර ඇය කුඩා ඒබ‍්‍රහම්ට සහ සාරාට සැළකුවේ ඇයගේම දරුවන්ට මෙනි. කුඩම්මා ඒබ‍්‍රහම්ව පොත් කියවීම කෙරෙහි යොමු කළාය. ඔහු ඊසොප් ගේ උපමා කතා පොත ද රොබින්සන් කෲසෝ ද කියවන්නට වූ අතර ඇමරිකාවේ පළමු ජනපති ජෝර්ජ් වොෂිංටන් ගේ ජීවිත කතාව ද කියවූයේ ය. වොෂිංටන් ජනපතිගේ ජීවිත කතාව කියවීමෙන් ඒබ‍්‍රහම් ගේ සිත තුළ බොහෝ ශ්‍රේෂ්ඨ අදහස් පහළ විය. ඇතැම් දිනවල ඔහු පොත් සොයා සැතපුම් ගණන් දුර පයින් ඇවිද ගියේය.

ඒබ‍්‍රහම්ට වයස අවුරුදු 21 දී ලින්කන් පවුල ඉලිනොයිස් හි පදිංචියට ගියහ. ඒ වන විට ඒබ‍්‍රහම් අඩි 6 යි අඟල් 4 ක් උස දැවැන්තයෙක් බවට පත් වී සිටියේ ය. එහි දී ටික කලක් ගොවියෙකු ලෙස වැඩ කළ ඒබ‍්‍රහම් ඉන් පසු විවිධ රැකියාවල නිරත වන්නට විය. බෝට්ටු පදවන්නෙකු ලෙස ගබඩා පාලකයෙකු ලෙස තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙස සහ මිනින්දෝරුවෙකු ලෙස ද ඔහු සේවය කළේ ය. පසුව ඔහුට නීතිය හැදෑරීමට ආසාවක් ඇති විය. තනිවම ගණිතය සහ ව්‍යාකරණ හැදෑරූ ඔහු ඉන් පසු නීතිය ද හැදෑරුවේ ය. ඉන් පසු ඔහු නීති විභාගය සමත් වී නීතිඥයකු ලෙස දිව්රුම් දුන්නේ ය. පසුව ඇමරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුවේ කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයෙකු ලෙස තේරී පත් විය. පසුව ඇමරිකා එකසත් ජනපදයේ 16 වන ජනපතිවරයා බවට ද පත්වීමට ඔහු සමත් විය. ඔහුගේ අවංක නායකත්වය නිසා ඔහු ඇමරිකාව තුළ පමණක් නොව මුළු ලෝකය පුරා කීර්තියට පත් විය.

වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සශෝධනයක්‌ එක්‌ කරමින් වහල් භාවය ඇමරිකාවෙන් තුරන් කිරීමට කටයුතු කළේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය.








ලෝක ඉතිහාසය පුරාම මිනිස්‌ අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක්‌ ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි නොවේ. තෝමස්‌ ලින්කන් නම් වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස 1809 පෙබරවාරි 09 වැනිදා කෙන්ට්‌හිදී උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් දක්‌ෂ කථිකයෙක්‌ විය. තුරුණු වියට එළැඹෙද්දී සමාජ අත්දැකීම් අතරින් ඔහු අලුත් මාවතක්‌ සෙව්වේ ය. රටක නිදහස්‌ මිනිසුන් හරි අඩකුත්, වහල් මිනිසුන් හරි අඩකුත් සිටින්නේ කෙසේදැයි ඔහු තම සිතින් නිතරම ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස්‌ මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි. 1861 මාර්තු 04 වන දින ඒබ්‍රහම් ලින්කන් අන් අයට සවන් දුන් මිනිසෙකි. මේ පුංචි සිදුවීම ඔහුගේ නිරහංකාරකම විදහා දක්‌වන්නකි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරණයට මුහුණ දෙමින් සිටි අවධියේ දිනෙක ඔහුගේ නමට ආ ලිපි අතර කුඩා දැරියකගේ ලිපියක්‌ තිබිණි. ඒබ්‍රහම් ලින්කන් ඒ ලිපිය දෙතුන් වරක්‌ කියෙව්වේ ය.



වෙස්‌ට්‌ පීල්ඩ් ඉල්,
නිව්යෝර්ක්‌.
1860 ඔක්‌තෝබර් 15.

ගරු ඒ. ලින්කන් ප්‍රිය මහත්මයාණනි, 


ඔබ ඇමරිකාවේ ජනාධිපති වනවාට කැමැති අය අතර මමත් ඉන්නවා. හැබැයි මම තාමත් අවුරුදු 11 ක පුංචි ගැහැනු ළමයෙක්‌. මම ඔබට කැමැතියි. මං මේ විදිහට ලියනවට ඔබ මාත් එක්‌ක තරහා වෙන්න එපා. මම ඔබේ එක අඩුපාඩුවක්‌ දැක්‌කා. ඔබේ මුහුණ හැකිලිලා. හකු ඇතුළට ගිලිලා. කිසිම ප්‍රාණවත් ගතියක්‌ නැහැ. ජනාධිපති කෙනකුට හොඳ පෙනුමක්‌ තියෙන්න ඕනෑ. මම ඔබට හොඳ උපදෙසක්‌ දෙන්නම්. ඔබ රැවුල වවන්න. එතකොට මුහුණට අමුතුම පෙනුමක්‌ ලැබෙනවා. හැම අඩුපාඩුවක්‌ම වැහිලා යනවා. 


මගේ සහෝදරයෝ හතර දෙනෙක්‌ ඉන්නවා. එයාලගෙන් දෙන්නෙක්‌ ඔබ ජනාධිපති වෙනවට හුඟක්‌ කැමැතියි. ඒත් අනෙක්‌ දෙන්නා තවමත් ඒ ගැන තීරණයක්‌ අරගෙන නැහැ. ඔබතුමා රැවුල වැව්වොත් මට පුළුවන් අනෙක්‌ සහෝදරයෝ දෙන්නට කියන්න ඔබට ඡන්දය දෙන්න කියලා. මට කරන්න පුළුවන් ලොකුම දේ ඒකයි. ඔබට ජය.


මෙයට,


ග්‍රේස්‌ බෙඩෙල්.




ග්‍රේස්‌ගේ ලිපිය දෙස බොහෝ වෙලාවක්‌ ලින්කන් බලා සිටියේ ය. මේ මොහොතේ රැවුල වැව්වොත් එය ඡන්ද උපක්‍රමයක්‌ ලෙස මිනිසුන් සිතයි ද? ඒත් ග්‍රේස්‌ගේ යෝජනාව ඉවත දැමිය නොහැකිය. ජනාධිපති අපේක්‍ෂකයෙක්‌ අවුරුදු එකොළහක පුංචි දැරිවියක්‌ කියන දේ විශ්වාස කළ යුතු ද? බොහෝ වේලාවක්‌ කල්පනා කළ ලින්කන් ග්‍රේස්ට ලිපියක්‌ ලීවේය. තමා ඇගේ අදහස අගය කරන බවත් රැවුල වැවීමට අදහස්‌ කළ බවත් ලියන්නට ලින්කන් අමතක නොකළේය.ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ඒබ්‍රහම් ලින්කන් ජයග්‍රහණය කළේ ය. ලින්කන් ජනාධිපතිවරයාට ධවල මන්දිරය කරා යැමට විශේෂ දුම්රියක්‌ පිළියෙල කෙරිණි. ධවල මන්දිරය කරා යන ජනාධිපතිවරයාට සුබ පතන්නට ජනතාව දුම්රිය මඟ දිගට පොරකමින් බලා සිටියහ. දුම්රිය වෙස්‌ට්‌ පීල්ඩ් නගරයට ආසන්න වන විට ජනාධිපතිවරයාට යමක්‌ සිහිපත් විය. ඔහු වෙස්‌ට්‌ පීල්ඩ්වල දුම්රිය නතර කරන ලෙස දැනුම් දුන්නේ ය. ධවල මන්දිරයට යෑම පසෙක තබා ඒබ්‍රහම් ලින්කන් දුම්රියෙන් බිමට බැස්‌සේ ය. මිනිසුන් ජය ඝෝෂා කරන්නට ගත්හ.

"ග්‍රේස්‌ බෙඩෙල් කියන පුංචි දැරිවි මෙතන ඉන්නව ද? එයා මට ලිපියක්‌ එවලා තිබුණා. මං ආවේ එයාව මුණගැහිලා ටිකක්‌ කතා කරලා යන්න. මේ සෙනග අතරේ එයා ඉන්නවා නම් මං ඒ පුංචි සුරංගනාවිය බලන්න ආශාවෙන් ඉන්නේ....... ඉදිරියට එන්න....."

ජනාධිපතිවරයා ඔල්වරසන් නඟන මිනිසුන් ඉදිරියට පැමිණ කීවේය. ඒ සෙනඟ අතරේ සිඟිති ග්‍රේස්‌ සිටියා ය. අැගේ මව ග්‍රේස්‌ව ජනාධිපතිවරයා ඉදිරියට ගෙන ආවාය. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඇයව තම දෑතින් ඔසවා ගත්තේ ය. අගේ කම්මුල් දෙක කිහිපවරක්‌ම සිප ගත්තේ ය. 

"ඔයා ද ග්‍රේස්‌ බෙඩෙල්"

  "හ්ම්" 

ඔයා කිව්වනේ මම රැවුල වැව්වම ලස්‌සනයි කියලා. ඔන්න මං රැවුල වැව්වා. දැන් මම ලස්‌සනද? මේ විදිහට රැවුල වැව්නම හොඳ ද?" ඒබ්‍රහම් ලින්කන් පුංචි දැරියගෙන් ඇසුවේය.

"ඔයා දැන් ලස්‌සනයි. ඔයයි මගේ ජනාධිපති.' ග්‍රේස්‌ කීවේය. ග්‍රේස්‌ව යළිත් වරක්‌ සිපගත් ලින්කන් ධවල මන්දිරයට ගියේ ඇමරිකානු ජනාධිපති ලෙස දිව්රුම් දෙන්නට ය. 

ග්‍රේස්‌ බෙඩෙල් තමා වෙත එවූ ලිපිය රාමුකර නිවසේ එල්ලා තැබීමට ලින්කන් අමතක නොකළේ ය. එම ලිපිය කෞතුක වස්‌තුවක්‌ සේ ඒබ්‍රහම් ලින්කන් නිවසේ සුරක්‌ෂිතව තබා ඇත.

ග්‍රේස්‌ බෙඩෙල් වෙත ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් යවන ලද ලිපිය 1966 වන තුරුත් ග්‍රේස්‌ගේ මුණුබුරන් සතුව තිබිණි. පසු කලෙකදී ඔවුන් එම ලිපිය ඩොලර් 20000 කට වෙන්දේසියේ විකුණනු ලැබීය. ජනාධිපති ලින්කන් විසින් ග්‍රේස්‌ වෙත එවන ලද ලිපිය ඩේවිඩ් වොල්පර් නම් සිහිවටන එකතු කරන්නෙකු සතුව පවතී. 


මෙම ලිපිය ඒබ්රහම් ලින්කන් ජනාධිපති විසින් තම පුතා ප්‍රථම වරට පාසල් යන අවස්ථාවේ පාසලේ ප්‍රධාන ගුරුවරයාට ලියූ ලිපියකි. මෙය අධ්‍යාපනය තුළින් සත්‍ය වශයෙන්ම ලැබිය යුතු වටිනා කරුණු රාශියක් ඇතුලත් මේ ලිපිය සර්වකාලීන ලියවිල්ලක් ලෙස වර්තමානයේදීත් පිළිගනී. මෙය කියවිය යුතුම ලිපියකි.











"ඔබ මා පුතණුවන්ට ඉගැන්විය යුතු දෑ එමටය. මා දන්නා පමණින් ඉන් සමහරකි මේ.

මිනිසත් බව ලත් මුත් සියල්ලෝම සත් ගුණවත් නොවන බවත්, සත්දම් නොදන්නෝ බවත් මා පුතුට පහදා දෙන්න.


කපටින් සැමහට එරෙහිව නැගී සිටින වීරයන් ඇත. දෝත පුරා බැංකු තර කරන පාලක නිහීනයන්ට පාඩම් ඉගන්වීමට ඇප කැප වූ නායකයන්ද ඇති බව මා පුතනුවන්ට කියා දෙන්න.


සතුරුකම් කරන දුදනන් පරයා කලණ මිතුදම් රකින සුදනන් ඇති බව උගන්වන්න.


අහස් කුසේ නිදහසේ පියාසරකරන සියොතුන් හිරු කිරණින් ඔද වැඩුණු මී මැස්සන් නිල්වන් මිටියාවත බබලවන වනමල ආදිය නරඹමින් ඒ තුල සැගවුණ සදාකාලික අභිරහස් ඉගි මගින් ඉගෙන කුල්මත් වීමටද කාලය මිඩංගු කරන්න.


පාසල් විභාග වලින් අසමත් වීම වංචාවෙන් සමත් වීමට වඩා නම්බුකාර බවත් යුක්ති යුක්ත බවත් අගයන්න.


නිරවද්‍ය තම මතයට කොයි කවුරු අව කැපුවත් අදිටනෙන් එල්බ සිට නිවැරද්දම තහවුරු කිරීම පිණිස දිරි දෙන්න.


මෙත් කුළුණෙන්ද සැර වැරෙන්ද හික්මිය යුත්තන් සිටින බව පහදා දෙන්න.


අනුකරණය කොපමණ පලදායී වුවත් ආත්ම ශක්තියේ අගය අමිල බවත් උගන්වන්න.


අන් මනු වදන් මැන කිරා බලා සත් වදන් සමග උරගා බලා හොද නරක වෙන් වෙන්ව පෙරා හොද දේ පමණක් ඇගයීමට උගන්වන්න.


දුකේදී පවා සිනාසීමට උගන්වන්න හැකි නම් මැනවි.


වැඩි කල් ගතවුවත් තම වෑයමෙන් උපයා ගත් සොච්චම උරුම වූ දායාදයට වඩා නම්බුකාර බව හැකි නම් උගන්වන්න.


පරාජය පිළිගැනීම මෙන්ම ජය පැන් බීමටත් උගන්වන්න.


ඔබට හැකි නම් අව්‍යාජ සිනහවේ රහස උගන්වන්න.


අයුතු බලපාන තක්කඩියන් මැඩලීම වඩා පහසු බව ඉක්මනින් වටහා ගන්නට ඉඩ සලස්වන්න.


පොත පතෙහි සැගවුණ රමණීය සුන්දරත්වය උරා බොන හැටි හැකිනම් කියා දෙන්න.


කදුළක් හෙලීම ලැජ්ජාවක් නොවන බව පවසන්න.


සමච්චලය මායිම් නොකරන්නටත් චාටු පැසසුමෙන් නොරැවටෙන්නටත් දිරි දෙන්න.


ශ්‍රම ශක්තිය හා ඥානය වැඩි මිලට තක්සේරු වන මුත් ළබැදියාව සහ ආත්ම ගරුත්වය සැමදා අමිල බවත් ම පුතණුවන්ට පහදා දෙන්න.


බෙරිහන් දෙන සටන් පාඨවලට කන් නොදී හද තුළ කා වැදී ඇති සත්‍යන් වෙනුවෙන් සටන් වදින්නට ම පුතණුවන් හික්මවන්න.


ඔහුට කරුණාවෙන් සලකන්න. වැඩි ආදර සැලකුම් නොදක්වන්න. ඉස්තරම් වානේ පදම් වන්නේ ගිණියම් උදුණකිනිග ඉවසීමෙන් ඔහු නිර්භීත විය යුතුය.


සැමදා සිතතුල රැව් දෙන සත්ගුණ ඇදහීමෙන් පොදු මානව බැතිදම් ලියලන බව ඒත්තු ගන්වන්න.


මෙය ඉතා බැරෑරුම් අපේක්ෂාවකි. හැකි පමණින් ඉටු කරන්න. මගේ පුතා ඉතා විනීත දරුවෙකි."





මෙම ලිපියෙහි සඳහන් උපදෙස් වර්තමාන අධ්‍යාපන ක්‍රමයටත් බෙහෙවින් ගැළපේ. මෙවැනි ලිපියක් ලිවීම තුළින්ම ලින්කන් ජනපතිගේ ගෞරවනීය නිහතමානීත්වය පසක් ව්.




අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.




http://srilife.lk/topics/history/











Friday, August 26, 2016

කවියට මානව දයාව කැන්දූ කොළඹ යුගයේ කිවියර




                                විමලරත්න කුමාරගම











කොළඹ යුගයේ විසු සුප්‍රසිද්ධ කවියෙකු වු විමලරත්න කුමාරගම මහතා 1919 ජනවාරි මස 18 වන දා පාතදුම්බර නාරම්පනාවේ දී උපත ලැබීය. පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත් දෙනෙකුගෙන් යුක්ත පවුලක දෙවනියා විය.

ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර පාසැල් කාලයේ ද සිංහල කවිය පිළිබඳ  උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේ ද නියැළුණි.

මුලික අධ්‍යාපනය නිම කල මෙතුමා මුලින්ම සේවය කළේ 1942 වසරේ අනුරාධපුර දිසාපති කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙසය.1942 වසරේදී ආදායම් පාලක තනතුරට උසස් වු මෙතුමා කලවාන, බිම්තැන්නල, කොළොන්න, වන්නි හත්පත්තුව හා සංගිලි පාලම වැනි ප්‍රදේශ වල සේවය කළේය. වෘත්තියට අමතරව කලාවට ද සම්බන්ධ වු මෙතුමා පාඨක හදවත් තුළ ඉක්මණින් ලැඟුම් ගත්තේ ය.

මෙතුමාගේ රචනාවල දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය වන්නේ වන්නිකරයේ ගැමි ජනතාවගේ දුක්බර ජීවිතය පිළිබඳව අත්දැකීම් තම නිර්මාණවලට උපයෝගි කර ගැනීමය. 'අයියනායක’ හා 'හේරත් හාමි’ මෙයට හොඳම නිදසුන්ය. මෙතුමාගේ නිර්මාණ පාඨක සහෘදයන්ගේ හදවත් තුළ ලැගුම් ගත්තා පමණක් නොව විචාරකයන්ගේ ප්‍රශංසාවට ද ලක් විය. මෙතුමා පුවත් පත් හා සඟරා වලටද පද්‍ය රචනා කළේය. කුමාරගම මහතා කෙටි කලක් අගනුවර තරුණ කවි සමාජයේ සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කෙළ්ය. ආණමඩුව, අනුරාධපුරය, බින්තැන්න, මහියංගන වැනි කර්කෂ ප‍්‍රදේශවල සේවය කිරීමට කුමාරගමයන් වඩා පි‍්‍රය කළේ ය. අහිංසක දුගී දුප්පත් වන්නියේ ජීවත්වූ ජනතාවට උපරිම වශයෙන් සේවය කිරීම ඔහුගේ එක ම අදිටන විය. ඔහු ජීවත්වූයේ, සේවය කළේ, කිහිරගුරක් වැනි රත්වුණු පරිසරයක ය. වන්නියෙන් තොර ජීවිතයක් ද ඔහුට නොවී ය.  කවි සිතුවිලි ද ගොඩනැගුණේ මේ පරිසරය වටා ය. ඒ කවිවලින් වහනය වූයේ වන්නියේ අව්‍යාජ ගැමි සුවඳයි. මෙයට කදිම සාක්ෂියකි ඔහුගේ අපූරු කාව්‍ය සංකල්පනා. වන්නියේ මල්ල හරක් හොරා, අයියනායක, යම්තම් බේරුණා, ගමේ වැව, හේරත්හාමි වැනි කවි නිර්මාණ තුළින් වන්නියේ සුන්දර ගැමියන්ගේ ජීවන සුවඳ අපට දැනෙන්නට ඔහු සැලැස්වී ය. 

ඔහුගේ වලස් දඩයම පද්‍ය පන්තියෙහි ඒන කවි වල මෙලෙස සඳහන් වේ.


පුලයි මායි පලුගස් දෙබලක                      මැස්සේ
සයිමා සමඟ කඩියා කැටවල                      අස්සේ
මෙහි ඇති හැම හඬට මගෙ හදවත            ගැස්සේ
අඩහඳ පලුව අද වනරොද මුදුනට               ඉස්සේ


ඒම අවස්ථාවේ දී ඔහුගේ හදවත සැලුණ අන්දම ද මානව දයාව ද මෙම පද්‍ය පන්තියෙන් විශද වේ.


හදිසියෙ දුටිමු කලුවක් වැව වෙත                අැදෙන 
වැලහින්නක් ය - අැය පසු පස දරු              දෙදෙන
යන්තම් අැසුණි හඬ පැටවුන් දිය                     අදින
කැටවල තුළින් එකණෙහි වෙඩි හඬ            නැගිණ


වම් ඉළයට වැටී ගති ඒ්                          වැළහින්න
මම කෑගැසිමි කඩියට වෙඩි                නොතියන්න
දගලන අතර අෑ තැතිගෙන                    නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු               දෙන්න


පොඩි පැටවුනුත් අැදගෙන රැඳෙනු         ඉඩ නොදී
අා කැලයට ම ඒ මව පැනපි                      අැදි අැදී
කකුලක් කැඩී ගියමුත් අැයගෙ                වෙඩි වැදී
දරුපෙම් මරන්නට ඒ මවට                        ඒය මදි 


හෙමිහිට අැදී යනතුරු දුරට ම                    බැද්දේ
හදවත පෙළී පැටවුන් වැළපෙන                  සද්දේ 
සංවේගයෙන් මා සිටි මැස්ස ද                    පැද්දේ
වැලපෙයි කිරළ රැළ උඩ පැන වැව             මැද්දේ


ගොලුවන් කියන දේ වැටහෙන සවන්           පෙතී
මා සතු වෙන්ට ඒදවස සිට පටන්                     ගතී
දරුවන් දකින විට සිය මෑණියන්                    නැතී
ඒ හැම දෙනම මගෙ නෑසියන්                       වෙතී


විමලරත්න කුමාරගම සූරීන් වන්නියේ ගැමි විශ්වාසයන් තමා පිළිනොගත්ත ද ඔවුන්ගේ ඇදහිලි, විශ්වාසයන් කෙදිනකවත් විවේචනයට ලක් නොකළේ ය. එය සක්සුදක්සේ පැහැදිලි වන්නේ ඔහුගේ අයියනායක කාව්‍ය නිර්මාණයෙන් ය.


සංහිඳ ළඟදි බාරෙට කිරි                          ඉතිරීම
කෙම්මුර දවස්වල පානින්                       සැරසීම
වන අතු කඩා ගස් දෙබලක                     දැවටීම
මා නොකෙරුවත් නෙකෙළෙමි එය        ගැරහීම


කොළඹ යුගයේ කවියකු වූ එච්.එම්.කුඩලිගම මෙන් පරිසර වැනුම්වලට ද විමලරත්න කුමාරගම දැක්වූයේ අසීමිත ආශාවකි. මෙහි වැදගත් ම විශේෂත්වය වූයේ වන්නි පරිසරය ඔහුගේ කාව්‍යවල පෝෂණ ගුණය වීමයි.

හිරිමල් පිපි හැම තුරු ලියකම                  බැද්දේ
සිරිබර ගතිය යන එන පවනෙහි               පැද්දේ
එක දවසකින් මේ සිරි කෝමද                  ලද්දේ
බඹරුනි කිමද අද මේ මංගල                     සද්දේ

විමලරත්න කුමාරගමයන්ගේ ඇතැම් කවි තුළ ජන කවියේ ලක්ෂණයන් ද ගැබ්වී තිබේ. මුවදෙනෙක් වෙඩි කා මියගිය පසුව ඉතිරිවුණු මුව පැටවුන්ගේ හැඟීම් අපගේ හදවතට මෙසේ දැනෙන්නට හේ සැලැස්වීය. මින් අපගේ සිත සසල වේ. මේ දෙපදය තුළින් අපට සිහිවන්නේ යසෝදරාවතයි.


ඉර පායා ඉර මුදුනට එන්න            එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න  එපා


විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ කාව්‍ය තුළ ප‍්‍රගතිශීලී ලක්ෂණ දක්නට ලැබුණි.  "හේරත් හාමි” කවිපෙළෙන් හේරත් හාමි කුමාරගම දකින්නේ, තමාට ද වඩා විසි තිස් ගුණයකින් දැහැමි පුද්ගලයෙකු ලෙස ය.


අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                          රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                   රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                   රයි



”වනපෙත දැවෙන විට
වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට
ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී
සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක්
එතැන ඇත”


යන කවිය ඉමහත් විමසුමෙන් බලන විට ගැමි ජනතාවගේ දෙවියන් ඇදහීමට නොගැරහීමේ විශාල මානව භක්තියක් කවියා තුළ නොඅඩුව අඩංගු වූ බැව් මනාව ඔප්පු වනු නිසැකය.  "හැමදා උදේ – හවසට බොන ගිනි වතුරයි – ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි” යනුවෙන් ඉතාම පහළ මධ්‍යම පාන්තික ශ්‍රමිකයකුගේ පපුව තුළට සැබෑවටම එබී බලා අදාළ මිනිස්කම හොඳාකාරව අවබෝධ කරගත් විමලරත්න කුමාරගමයෝ එමඟින් සහෘදයා කදිමට දැනුවත් කරලූහ.


       
පද්‍ය ග්‍රන්ථ


  •   සංවේග වේදනා   (1946)
  •   නිල් සිහිනය        (1941)
  •   ඔරුව                  (1942)
  •   සපුමලී                (1946)
  •   සුරතල්ලු             (1961)



  පද්‍ය රචනා      
  

  •  හේරත්හාමි
  •  යන්තම් බේරුනා
  •  පුසිගේ මරණය 
  •  ආරචිචිරාල
  •  වලස් දඩයම
  •  කිරා
  •  සිරගෙය
  •  හරක් හොරා
  •  සුන්දර හාමි
  •  මුතුගේ ප්‍රශ්න
  •  වන්නියෙ දොස්තර
  •  අවුරුදු නිවාඩුව
  •  ආගන්තුක සත්කාරය
  •  බුදුරුව


මනා පෞරුෂයකින් යුක්ත විමලරත්න කුමාරගමයන්ට සිංහල හා ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳව ද ඉතා උසස් දැනීමක් තිබිණි. හේ විවේක අවස්ථාවල දී ඉංගී‍්‍රසි සහ සිංහල පොත්පත් කියැවීමට දැක්වූයේ අසීමිත ආශාවකි. රත්නපුරයේ දිස්ති‍්‍රක්ක ආදායම් නිලධාරීවරයා ලෙස සේවය කරන සමයේදීල ඔහුගේ දිසාපතිධුරය දැරූවේ ඉංගී‍්‍රසි ජාතිකයෙකි.

කුමාරගම, කවියකු බව දිසාපතිතුමා දැන සිටියේ ය. ඉංගී‍්‍රසි දිසාපතිවරයා, තමාගේ දෙවනියා වූ උප දිසාපති විමලරත්න කුමාරගමටල ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳවත් විශේෂයෙන් ම ඉංගී‍්‍රසි කාව්‍ය ගැනත් තමාගේ දැනුම පෙන්වීමට හා බහුශ‍්‍රැතයෙක් බව කියාපෑමට ඉංගී‍්‍රසි කවියක් හඬගා කීවේය.


”විමලරත්නල ඔයා දන්නවද මා කිව්ව මේ අපූරු කවිය ටී.එස්. එලියට්ගේ  (T.S.Elliot) නිර්මාණයක්, ප‍්‍රබන්ධයක් බව.”

”සමාවෙන්න සර් ඔබතුමා ඔය කිව්ව කවිය එලියට්ගේ නොවෙයි. විලියම් ශේක්ස්පියර්ගේ. මං කියන්නම් ඔබට එලියට්ගේ කවි කිහිපයක්.”


දිය ඇල්ලක් ගලන්නාක් මෙන් එක දිගට ම එලියට්ගේ කවි කීපයක් ශබ්ද නගා රිද්මයානුකූලව කීමෙන් පසුව උප දිසාපතිගේ ඉංගී‍්‍රසි භාෂා ඥානය හා ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳ දැනුම ඉංගී‍්‍රසි ජාතික දිසාපතිතුමා මනා ව වටහාගත්තේ ය. ”ඔබ වැනි සිංහල, ඉංගී‍්‍රසි වියතෙක් ඇසුරු කරන්නට ලැබීම මගේ භාග්‍යයක්.” ඉංගී‍්‍රසි දිසාපති පැවසී ය. කවි දහස් ගණනක් ලියූ කුමාරගම විසින් ලියා පළකරන ලද්දේ කවිපොත් දෙකක් පමණි. 1940 දී "සංවේග වේදනා” ලියා පළකල අතර ඔහුගේ දෙවන කෘතිය වූයේ  "හපුමලී” ය.

ඉතාමත් සුන්දර, අව්‍යාජ ගැමියෙකු ලෙස ජීවත්වුණු විමලරත්න කුමාරගමයන් වන්නියට හා සිංහල කවියට ආභරණයක් විය. තමා යටතේ සේවය කළ කාර්යය මණ්ඩලවලට අසීමිත ආදරයක් දැක්වූ ඔහුට සේවක සේවිකාවන් මෙන් ම පොදු ජනතාව ද හදවතින් ම ඇලුම් කළේ ය. තනතුරුවලින් ඉහළ යන්නට යන්නට හේ තව තවත් නිහතමානී විය.

පාඨක හදවත් තුළ සදා නොමැකෙන අමරණීය කාව්‍ය රාශියක් බිහිකළ විමලරත්න කුමාරගම මහතා 1962.12.30 දින අප අතරින් වියෝ විය. "විමලරත්න කුමාරගමයන් අපූරු සුන්දර මිනිසෙකි. ඔහු ගැමියන්ට හදවතින් ම ආදරය කළේ ය. ඔවුන්ගේ දුකේදීත් සැපේදීත් කුමාරගමයන් ඔවුන් සමග විය."

පුදුමය !





                                                   කරන්නට යමක් ඇරඹූ කල
                                                   කියයි නිබඳ
                                                   ”නොහැක එය කරනට
                                                   වැඩක් නැහැ එය
                                                   කළ හැකි ද එය ඔබට ! ”

                                                   එයම ඔවුනට කරනට

                                                   අවැසි වූ සඳ
                                                   කියයි
                                                   ”එය සුපිරි වැඩක්
                                                   කළ හැකිය මට
                                                   කර ගත්තොත් ගොඩ”

                                                   තමා නොකරන දෙය

                                                   අවැඩක් ය
                                                   එයම තමනට කර ගැන්මට
                                                   අවැසි වූ කල
                                                   කෙලෙසද එය සුපිරි වූයේ

                                                   පුදුමයකි !


















කලණ මිතුදම









           සිප්සයුර තරණය කරන සඳ

           මිතුදම පසෙකලා
           ආත්මාර්ථයම
           නැගේ නම්
           කොහිද ඒහි මිතුදම

           කලණ මිතුරන්

           හබල වුණි
           පැදයන සිප් නෞකාවට
           සැමදින

           විදු මව්ගේ නොමඳ සෙනෙහස

           මැද
           සිප්සයුර තරණයට
           ආත්මාර්ථයම දිවිය
           කර නොගත්
           දුලබ කලණ මිතුරන් ද
           හමු විය

           ඔබ ද මා ද මෙ සයුර තරණය

           කළ යුතුම  ය
           පැතුමෙන් යාත‍්‍රා කළෙමු
           සරසවි මව් වෙත තුටින

           තරණය කොට

           ඔබට සවියක් නොවී මා
           නතර වුණි නම් නුඹ
           මා යන මේ ගමනේ
           කිසිදු අරුතක් නොදකිනුය
           මා

           ඒ

           ඔබ මා හුදු මිතුරෙකු නොව
           මා දිවියේ කලණ මිතුරෙකු
           වන බැවිනි නිබඳ

           කලණ මිතුරෙකු වන්නේ නිරතුරු

           වදනකට නොව
           හදවත පත්ලෙන්
           ගලා එන
           උත්තරීතර හැඟීමක්ය එය
           සැමදින

Thursday, August 25, 2016

ඔබ මා රැවටුවා සම්බුලා











මේඝ වලාවන් තුරු මුදුන් පසු කරමින් 

වනයේ ඒ මේ අත සැරිසරද්දී
අඳුර මා සිත ලූහුබැන්දා.....
වටින තුටින හමන මඳ පවන
මා ගත දවා ගියා.....

සියතුන්ගේ අඳෝනාව වන මැදින්
ඇසී නෑසී ගියා
ඔබ තාම නෑ.......
අහරට වන පලා 
සොයමින් වන මැද ඔබ
ලතැවෙන්නේ......

මා සිත ගිනියම් තැටියක් ලෙද
දැවෙයි සොවින......
රාග දැලෙන් මත් වී නුඹ
වන මැද තවකෙකු සමඟින
රති කෙළියෙහි යෙදෙනායුරු
මා සිත් අබියස මැවි මැවී පෙණින
නිබඳ......
ඔබ මා රැවටුවා සම්බුලා

ආවෙමු ඔබ මා කැටුව රජ මැදුරෙන් 
වන වෙත.....
සුවපත් කරනට මා.....
”පලවැල සොයනට යමි 
මම දැන් හිමියනි වනයට”
කී ඔබ පැමිණියේ නැත තවම

හෝරා ගණනින් පසු වී ගොස් ය දැන්
දවයි මා ගත සිත නිබඳ.....
කුෂ්ට රෝගියෙකි මා දැන් 
ඔබට නොපෑහෙන.....
ඇයි  මා රැවටුවේ සම්බුලා