සිද්ධාර්ථ කුමාරයා ලොව පහළ වූවාට පසු මේ ලෝකයේ යම්කිසි දුකක් වේදනාවක් තිබෙන බව කාලයක් ගතවී හෝ අවබෝධ කරගත්තා. පසුව ඒ සඳහා හේතු වන හේතු සාධක මොනවා ද? යන්න සොයා යාමට තීරණය කළා. යම්කිසි ආකාරයක කායික හෝ මානසික පීඩාවන් තිබේනම් ඒවා නැති තත්ත්වයකට පත් කළ යුතුයි කියන ආකල්පය තමයි එතුමාගේ අභිප්‍රාය වුණේ. ඒකට හේතුව තමයි සිද්ධාර්ථ කුමාරයා කුඩා කාලයේ සිටම දුක කියන දේ හරියට වටහාගෙන නොසිටීම. එබඳු දෙයක් වටහා ගැනීමටවත් එතුමාට ඉඩක් තියලා තිබුණේ නෑ. ඒකට හේතු වුණේ නිමිති පාඨකයෝ පැවසූ කවදා හරි දවසක සසර ගමන තුළ සංසාරෙන් එතෙරවීම සඳහා ගිහිගෙයින් නික්ම ගොස් පැවිදි වෙනවා කියන අනාගත වාක්‍යය. නමුත් සමාජයත් එක්ක ගැවසෙන විට ගැටෙන විට සිද්ධාර්ථ කුමාරයා ප්‍රධාන වශයෙන් දුකට සම්බන්ධ කරුණු තුනක් හඳුනා ගන්නවා. ඒ තමයි ලෙඩවීම, වයසට පත්වීම සහ මරණය කියන දේ. මේ සඳහා විද්‍යාත්මක පිළිතුරක් ලබාගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. එතුමා බොහොම දියුණු මානසිකත්වයක් තිබුණු පුද්ගලයෙක් වගේම හේතුඵලවාදීව සිතන කෙනෙක්. ලෙඩවීම, වයසට පත්වීම, මරණයට පත්වීම බේත්හේත් වලින් යම්තාක් දුරකට සීමා කරගන්න පුළුවන්. නමුත් සදාකාලිකව නොමැරී ජීවත්විය නොහැකියි.
මේ අභියෝගය සඳහා නිවැරදි පිළිතුරක් සෙවීමට තමයි සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙයින් නික්මුණේ. තමන් සත්‍ය සොයා යාමේ දී මුල් කාලයේ දී කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග මහණුන්ගෙන් ද ඒ සඳහා මාර්ගයක් බලාපොරොත්තු වුවද නොලැබුණි. තමන් සොයන සත්‍ය ඔවුන් ළඟ නොමැති බව වටහා ගත් පසු තමන් විසින්ම සත්‍ය අවබෝධ කර ගැනීමට තීරණය කළා. සත්‍ය සොයා ගත් පසු ඔවුන්ට ද එම සත්‍යය අවබෝධ කරවීම සඳහා මුලින්ම ධම්මචක්කපවත්වන සූත්‍රය දේශනා කළා. මේ සූත්‍රයේ තමයි ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍යය (දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය) පිළිබඳව සඳහන් වෙන්නේ.

මේ ලෝකයේ සියලූ දේ වෙනස්වන සුලූයි. එය දුකක්. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුක ඇතිවීම. කැමති දේ වෙනස් වෙන එක තමයි දුක. ලෝකයේ හැමදේම වෙනස් වෙනවනම් වෙනස්වෙන දේට අපේ බැඳීමක් නැත්නම් දුකක් නෑ. ඒක තමයි උන් වහන්සේ පළමුවෙන්ම තේරුම් ගත් කාරණය. සමුදය ආර්ය සත්‍ය යනු දුක ඇතිවීමට හේතුව. මේ වෙනස්වීම කියන දේ අල්ලගෙන සිටීම තමයි දුක ඇතිවීමට හේතුව. මේ සඳහා තණ්හාව , ආශාව මූලික වෙනවා. එහෙමනම් අපිට ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවා. එකක් තමයි කැමති දේවල් අත්හැරීම. නැත්නම් කැමති දේවල් වෙනස් වෙනකොට ඒවා අත් හැරීමට පුරුදුවෙලා ඉන්න එක. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් දුක නැති කිරීම යි. දුක නැති කිරීමට හේතු පාදක වන මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය කියන්නේ.
අපි හිතමු අපේ දේපල නාය ගියා කියලා. ඒක අපිට විශාල දුකක්. ඒත් අපේ ගෙවල් නාය ගිහිල්ලත් නෑ දේපල විනාශ වෙලත් නෑ කියලා හිතමු . ඒ නිසා අපිට දුකක් නෑ. ඒ දේවල් සිදුවුණ ප්‍රදේශවල ජනතාවට දුක ඇයි ? ඒ මින්ස්සු ඒ දේ අල්ල ගත්ත නිසානේ. ඒක මගේ කරගත්ත නිසානේ. අත්හැරීම සහ බැඳීම් දුරු කර ගැනීමෙන් අපිට සැනසීම ළඟා වෙනවා. ඒකට තමයි නිරෝධය කියන්නේ. මම කියන්නේ ශරීරය නම් දැන් මේ ශරීරය වෙනස් වෙනවා. ලෙඩ වෙනවා. වයසට පත් වෙනවා. එහෙම නම් මෙහි සත්‍යක් නෑ. මම කියන්නේ ප්රඥප්තියක් හෙවත් පනවා ගැනීමක් විතරයි. දුක නැති කිරීමේ මාර්ගය උන් වහන්සේ මාර්ග සත්‍ය මඟින් අවබෝධ කර ගත්තා. සම්මා දිට්ටි , සම්මා සංකප්ප, සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වශයෙන් මේ මාර්ග සත්‍ය විග්රහ කරලා තියෙනවා. ප්රායොග්ිකත්වය තුළ සම්මා වාචා යනු බොරුව, හිස්වචන, පරුෂ වචන ආදියෙන් වැළකී සිටීමයි.
බුදුන් වහන්සේ මාර්ග සත්‍යය අවබෝධ කරගත් පසුව උන් වහන්සේට බරපතල ගැටලූවක් තිබුණා. මිනිස්සු සැපයි කියලා හිතන දේ දුකයි කියලා දේශනා කිරීමට සිදුවන නිසා මේ අවබෝධ කරගත් දේ මිනිසුන්ට දේශනා කිරීමෙන් පලක් වේද? කියලා. රාගයෙන් ඇලූණු මිනිස්සු මේ සත්‍යය තේරුම් ගන්නේ නෑ. තමනුත් මෙයින් වෙහෙසට පත් වෙනවාය කියන සිතුවිල්ල උන් වහන්සේට ඇති වුණා. සහම්පති බ්‍රහ්මයා බුදුන්ගේ සිත විනිවිද දැක්කා. ඒ බ්‍රහ්මයා බුදුන්ට පැවසුවා ඔබ වහන්සේ මේ ධර්මය දේශනා නොකළොත් මේ ලෝකයේ ජීවත් වන සත්ත්වයෝ විනාශවෙයි කියලා. ඒ නිසා මේ ලෝකයේ ඉන්න රාගය අඩු ආශාවන් අඩු පිරිස තෝරාගෙන ධර්මය දේශනා කරන්නැයි ආරාධනා කර සිටියා.
උන් වහන්සේ ලෝකයේ ජීවත්වන සැපය විඳින සාමාන්‍ය ජීවිතයක් ගත කරන රාග, ද්වේශ, මෝහ කියන සිතවිුලිවල ඇලී ගැලී සිටින ඒ වගේම ලෝකයේ තියෙන සැප සම්පත් පසුපස දුවන ලෞකික ජීවිතය නිසි ආකාරයෙන් කළමනාකරණය කරන මිනිසුන් වෙනුවෙන් නෙමෙයි චතුරාර්ය සත්‍ය දේශනා කළේ. අද සමාජයේ මිනිසුන් බොහෝ වෙලාවට කල්පනා කරන්නේ චතුරාර්ය සත්‍යය තුළින් අපිට පුළුවන් වෙයිද නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න එහෙමත් නැත්නම් අපිට පුළුවන්ද සැප සම්පත් වැඩි කර ගන්න , අපිට පුළුවන් ද අපේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරගන්න කියලා. ඒක වැරදියි. ඒක තමයි බෞද්ධයාගේ තියෙන වැරදි ආකල්පය. හේතුව තමයි අපේ බෞද්ධයා ධර්මයෙන් ඈත්වීම. ධර්මය තුළ සිටියනම් බෞද්ධයෙකුට ඔය වගේ ආකල්ප ඇති වෙන්නේ නැහැ. ලෝකයේ අද වන විට විද්‍යාත්මකව පිළිගත් සත්‍ය තමයි වෙනස්වීම කියන කාරණය. මේ වෙනස්වීම කියන කාරණය කිසිම කෙනෙකුට නවත්වන්න පුළුවන්කමක් නෑ. වෙනස්වීම නතර කරන්න බැරි නම් ඉතුරු වෙන්නේ දුක විතරයි. යථාර්ථයට මුහුණ දෙන්නේ නැතුව අපි උගුරට හොරා බෙහෙත් බොනවා වගේ වැඩ කරලා හරියන්නේ නෑ. හිතේ තියෙන දුක නැති කර ගැනීම සඳහා ලෞකික ජීවිතය තුළ තව තවත් දේපල රැස් කරන්න ව්‍යාපාර දියුණු කරගන්න බුදු දහමේ චතුරාර්ය සත්‍යයෙන් විසඳුමක් හොයනවානම් එය රැවටීමක්. මුලාවක්. ඉතින් ඒ නිසා තමයි ලෝකයේ බුද්ධ ධර්මය සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත නොවන්නේ. රාගයෙන් ඇලූණු (රාග රත්තා) මිනිස්සු බලන්නේ අද වැටුප විසි පන්දාහක් ගන්නවානම් ලබන මාසය වෙද්දී තිස්දාහක් කර ගන්න. අද ත්‍රීවීලරයක් තියෙන පුද්ගලයා කල්පනා කරන්නේ හෙට රෝද හතරේ වාහනයක් ගන්න.
ඉතින් ඔය වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයා සැපය සොයාගෙනම යනවා මිසක් සැපය සොයාගෙන යන ගමනේ දුක පිළිබඳව අංශු මාත්‍රයක්වත් ඒ අයට අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සු බුද්ධ ධර්මය භාවිතා කරන්නේ එදිනෙදා වත්පිළිවෙත් වලට. අසනීපයක් වුණොත් බෝධි පූජාවක් කරන්න එහෙම නැත්නම් නිවසට කරදරයක් වුණොත් කුමක් හෝ ආගමික කටයුත්තක් කරලා ආශිර්වාදයක් ලබා ගන්න. ඔය වගේ ලෞකික පරමාර්ථ වුදෙසා තමයි ආගම භාවිතා කරන්නේ. ඉතින් ඒ අයට බුද්ධ දේශනාව කියන්නේ ආගමක් විතරයි.
අඩු ආශාවල් අඩු බලාපොරොත්තු සහිතව බොහොම සරල ජීවිතයක් ගතකරන අයට තමයි බුදු දහමින් ඇත්තටම සැනසීම තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගොවිතැන් කරගෙන සිටින මිනිසෙකු බලාපොරොත්තු වෙන්නේ නැහැ දේශපාලකයෙක් වෙන්න, මහාචාර්යවරයෙක් වෙන්න. මේ නිසා ඔහු සැනසීම තියාගෙන ඉන්නවා. මම වගා කරන කුඹුරෙන් මගේ පවුල නඩත්තු කරන්න තියෙනවානම් ඇති කියල හිතන ඒ අය මේ වෙන කොටත් චතුරාර්ය සත්‍යය තුළින් සැනසීමක් ලබන අය. නිරෝධය නිවීම කියන තැන ඒ අය ඉන්නවා. නිවීම කියන දේ ඒ අයට තියෙන්නේ අර කියන පවුල් කුටුම්භය තුළ. ඊට අමතරව කෝටිපති පුද්ගලයෙක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වීමට ඒ අය තුළ අදහසක් නෑ. ඒ නිසා ඔහු නිවීමට පත්වුණ පුද්ගලයෙක්. දුක බදාගෙන තමන්ට ළඟාවිය නොහැකි තත්ත්වයන් කරා ළඟා වෙන්න සිතන්නේ නැහැ. තෘෂ්ණාව වැඩිවෙන්න වැඩිවෙන්න දුක වැඩියි. බයිසිකලය මෝටර් සයිකලයක් බවට පත් කරගැනීමට යාම තුළ තව දුරටත් තම වැටුපෙන් වැය වෙනවා. එතකොට අතිකාල වැඩ කරන්න සිදුවෙනවා. පවුල් ජීවිතය කඩා වැටෙනවා. බිරිඳ, දරුවො ගැන සොයා බලන්න වෙලාවක් නැතුව යනවා. ඉතින් ඒ විදිහට යම්කිසි දෙයක් වෙනුවෙන් තව දුකක් බදා ගන්නේ නැතුව ඉන්නවා නම් ඔහු දුක, දුකට හේතුව යම් ආකාරයකින් තේරුම් ගත්ත පුද්ගලයෙක්. දුක නැතිවීමට හේතුව තේරුම් ගත් පසු මේ පසුපස යාම ඵලක් නෑ කියලා සැනසීමට පත්වෙනවා. එහෙනම් ඔවුන් නිරෝධයත් මාර්ගයත් දන්නවා. පස්පව් වලින් දස අකුසල් වලින් මිදිය යුතුයි කියලා දන්නවා. තෘෂ්ණාවෙන් මුදල් ඉපයීමට ගොස් තරුණ කාලයේ අකලට පැහුණු ගෙඩියක් වගේ නිකරුණේ අබල දුබල විය යුතු නැහැ. මම මගේ ජීවිතයේ සැනසීම ළඟා කරගන්න නම් මෙතනින් නතර විය යුතුයි කියලා සිතන පුද්ගලයන්ගේ ජීවිත තුළ යම්තාක් දුරකට මාර්ග සත්‍යය තියෙනවා. අදටත් චතුරාර්ය සත්‍යය තුළ සැනසීමට පත් වෙන ආශාවල් පසුපස නොයන තෘෂ්ණාබරිත නැති පුද්ගලයන් සමාජයේ දකින්න පුළුවන්. ඒ පුද්ගලයන් තමයි අදටත් චතුරාර්ය සත්‍යය තුළින් යම්කිසි සැනසීමක් ලබන්නේ. සාමාන්‍ය ගිහිජීවිතයට චතුරාර්ය සත්‍යය ළඟා කරගත් පසුව සැනසීමක් ලබාගත හැකි බව මේ සියලූ කරුණු වලින් පැහැදිළි වෙනවා. එයින් ජන ජීවිතය සකස් කර ගැනීමට මාර්ගය සැලසේ.

කථිකාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි
කැලණිය විශ්ව විද්‍යාලය
සටහන : ගයානි බාලසූරිය
සැනසුමට මං හෙළි කරන ලිපියක්
ReplyDeleteස්තූතියි ගංගා.
Deleteස්තූතියි ගංගා.
DeleteGood job.
ReplyDeleteThank you dr.
ReplyDeleteආගම සැනසීමට හේතුවක්
ReplyDeleteඔව් ජයනි.
Deleteඔව් ජයනි.
Deleteආගම සැනසීමට හේතුවක්
ReplyDelete