Monday, August 15, 2016

අනිසි සැකය සිත් රිදවීම්වල අාරම්භයයි






(තේමා වාදනය)

පොතේ ගුරු (narrator)


පන්සිය පනස් ජාතක පොතෙහි 156 ජාතකය වන ගුණ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට සළු දහසක් පිළි ගැන්වීම අරබයා දේශනා කරන ලදි. භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම පරිදි බුදුන් වහන්සේ අතීත කතාව ගෙනහැර දැක්වූහ.


ජවනිකා අංක 01  -  විලක් සමීපයෙහි (උදෑසන)


පොතේ ගුරු (narator)

දිනක් සිංහයෙකු ගොදුරු පතා යන ගමනේ දී පර්වතයක් මුුදුනේ සිට විලක් සමීපයෙහි මඩවී ඉවුරු බදී ගිය ඒ මත නිල් තණ ඇති පළෙක් දුටුවේ ය. එක් දිනක් සාවුන් මුවන් වැනි කුඩා සතුන් මෙහි තණ කමින් සිටියේ ය. මෙය දුටු බෝධිසත්ත්වයෝ සිංහනාද කොට ගොදුරු පතා සිය ශරීරයෙහි වීර්ය යොදා තණ පළස මතට පැන්නෝ ය. මඩ වගුරක් බව නොදත් ඒ සිංහයාගේ කකුල් සතරම ටැම් සතරක් මෙන් මඩෙහි එරී ගියේ ය. දින සතක් පමණ නිරාහාරව සිටින මොහොතේ එම ස්ථානය අසලින් කැණහිලෙකු ගමන් කරන බවක් සිංහයා දුටුවේ ය. කැණහිලා බියෙන් තැත් කළේ ය.
  

(පසුබිමින් ජලය ගලා බසින හඬ)


සිංහයා  : බිය නොවන්න, මාගේ යහළු කැණහිලාණෙනි. මා කරා බිය නැතිව පැමිණෙන්න. මට උපකාර කරනු මැන.. (ආයාචනාත්මක ස්වරයෙන්)
  
කැණහිලා : භය ඇත්තෙමි ස්වාමීනි. ඔබ වහන්සේ මා මරා ආහාරයට ගනියි. (බියෙන්)
   
සිංහයා :  බිය නොවනන් යහළුව. මට අනුකම්පා කරන්න. මම පර්වතයක් මුදුනේ සිට මඩ වගුරක්යැයි නොදැන ගොදුරු පතා පැන්නා. ශරීරයෙහි වේගය දරාගත නොහැකිව කකුල් හතරම මඩෙහි එරී ගියා. දින හතක් මා නිරාහාරව මෙලෙස කල්ගත කළා. කිසිවෙකුගේ පිහිටක් මට නොලැබුණා. මා දකින සතුන් බියේ  පලා යයි. මා මිතුර ඔබවත් මට උපකාර කරන්න. (ආයාචනාත්මක ස්වරයෙන්)
  
කැණහිලා: භය ඇත්තෙමි ස්වාමීනි. මම දන්නා උපායකින් ඔබ වහන්සේ ගලවා ගන්නම්. මට ජීවිත දානය දෙන්නේ නම් යහපති. (බියෙන්)
  
සිංහයා: කැණහිල, තෝ භය නොවී මට  උපකාර කරව. තොපට විනාශයක් නොකරමි. දිවි ඇති තෙක් මා ඔබ රක්ෂා කරන්නෙමි.  

පොතේ ගුරු  : සිංහයාගේ එබස් ඇසූ කැණහිලා සිංහයාගේ පාද මුල පසුරු ගාමින් විල දක්වා කුඩා ඇලක් කැන්නේ ය. ඒ ඇල හරහා ජලය ගෙන ආවේ ය. මෙතෙක්දිනක් වියළිව තිබූ මඩ තට්ටු ලිහිල් වන්නට විය. ඒ මොහොතෙහි කැණහිලා සිංහයාගේ යටි බඩින් ඔසවා වීර්ය කරන ලෙස අයැද සිටියේ ය. සිංහයා ද වීර්ය ගෙන ගොඩට ආවේ ය. ටික වේලාවක් නිස්කලංකව සැතපී සිටි සිංහයා ඒ අසලින් දුවනු දුටු මීමෙකු ගොදුරට හසුකර ගත්තේ ය. 
  
සිංහයා: කැණහිල මේ මස් කොටස ඔබටයි. මෙතෙක් වේලා වෙහෙස වූ ඔබට කුසගින්න දැඩිව ඇති නිසා පළමුව ඔබ මේ මස් අනුභව කරන්න.
   
කැණහිලා: මා කොටසක් ආහාරයට ගෙන ඉතුරු කොටස මාගේ සොඳුරට ගෙන යනවා. (සිතයි)  

සිංහයා:  යහළුව, ඔබ මස් කොටසක් ඉතුරු කළේ ඇයි? ගෙන යන්නේ කාට ද?  

කැණහිලා:  සමාවන සේක්වා ස්වාමීනි. මේ මස් ගෙන යන්නේ ඔබ වහන්සේගේ සේවිකාවට. ඇය මා එනතුරු දෑස් දල්වාගෙන මග බලාගෙන ඉන්නවා. (යටහත් ලෙස)
  
සිංහයා:  බොහොම සතුටුයි යහළුව. ඔබ වගේ ස්වාමියෙකු ලබන්නට ඇය බෙහෙවින්  වාසනාවන්ත තැනැත්තියක විය යුතුයි. මේ වගේ කාලෙක ඔබ වගේ මිතුරෙකු මට හමුවුණේ මගේ පිනට. අද පටන් ඔබ මගේ කලණ මිතුරා ය. ඔබත් බිරිඳත් දෙදෙනාම මගේ නිවහන සමීපයෙහි නිවහනකට රැගෙන යනවා.  


ජවනිකා අංක 02  -  සිංහයාගේ නිවහන (ගුහාව) අසල (උදෑසන)


පොතේ ගුරු :   කල්ගත වන වන විට සිංහ ධේනවු සහ කැණහිල් ධේනවු පැටවුන් බිහි බිහි කරන්නේ ය. සිය මිත‍්‍රත්වය හේතුවෙන් සිංහයා කැණහිලාට, කැණහිල් ධේනුවට හා කැණහිල් පැටවුනට් නොමද සෙනෙහසක් දැක්වීය. මෙයින්  සිංහ ධේනුවගේ සිතෙහි සැකයක් දලූලා වැඩෙන්නට වූවා ය. සිංහයා සහ කැණහිලා ගොදුරු සොයාගෙන එ්ම පණිස සෑම දිනයකම සිය නිවහනෙන්  පිටව යයි. සිංහ ධේනවු සහ කැණහල් ධේනුව සිය දරුවන් සමග නිවහනෙහි රැදෙයි. 
  
සිංහ ධේනුව: (සුසුමක් හෙලමින්) මේ තරම් සෙනෙහසක් සිංහයා ඔවුන්ට දක්වන්නේ මන්ද? ඒකාන්තයෙන්ම කැණහිල් ධේනුව හා සංවාසය ඇති බව නම් නොරහසකි. මම ඇය භය කොට තර්ජනය කොට පීඩාවට පත්කොට  අපගේ වාසස්ථානය සමීපයෙන් පළවා හරින එක තමයි හොද. (තරහින්) 


(පසුබිමින් කුරුල්ලන්ගේ හඬ)

           
සිංහ ධේනුව:  කෝ.. මේ.. කැණහිල් ධේනුව. මොකද පේන්න නැත්තේ.. ආ.. අර ඉන්නෙ.. (සිතයි/තරහින්)  

කැණහිල් ධේනුව:  යෙහෙළියනි, මෙහි කුමක් කරන්නෙහි ද? දරුවන් කොහි ද? මොකද ඔවුන් පේන්න නැත්තෙ?  

සිංහ ධේනුව:  මාගේ දරුවන් ගැන හොයන්න බලන්න තී කවුද? තී මගේ කවුරුත් නෙමේ. 

කැණහිල් ධේනුව:  මාගේ මිතුරිය වෙනදා වගේ නෙමේ අද වෙනස්. ඇයි මෙහෙම  වුණේ. මාතින් වරදක් සිදු වූයේ ද? (සිතයි/දුකින්)
  
සිංහ ධේනවු:  තී මාගේ ස්වාමියා, තීගේ මායා දැලෙන් අල්ලාගෙන මාගේ කුටුම්භය  විනාශ කළා. මෙතන ඉන්නේ ඇයි ද? වහා පලායව මේ තැනින්. මාගේ ස්වාමියා මා හට මාගේ දරුවන්ට කෙතරම් සෙනෙහසක්  
දැක්වූයේ ද? දැන් ඒ සෙනෙහස වෙනත් උන් කරා ගොස් ඇත. මට මෙය දරා ගන්නට බැහැ. (තරහින්)
  
කැණහිල් ධේනුව:  යෙහෙළිය, දන්නා තරමින් මා අතින් වරදක් සිදු වූයේ නැහැ. ඇයි?  මෙසේ වෙනස් වීමට හෙතුව. 

සිංහ ධේනුව:  මගෙන් හේතු විමසන්න තී කවු ද? තී මං කවුරු කියලද හිතන් ඉන්නේ.. අවුරුදු ගණනාවක් සෙනෙහෙ හුයින් බැදී ගොඩනගා ගත්ත මගේ  කැදැල්ල විනාශ කරන්න ආ හැතිරි.
  
පොතේ ගුරු:  කැණහිල් ධේනුව සිදුවූ කිසිවක් සිතාගත නොහැකිව විකෂිප්තව බලා සිටියි. 


ජවනිකා අංක 03  -  කැණහිලාගේ නිවස තුළ (හවස)

පොතේ ගුරු:  සුපුරුදු පරිදි සිංහයා සහ කැණහිලා ගොදුරු සොයාගෙන නිවස වෙත පැමිණෙයි. සිදුවූ කිසිවක් කැණහිල් ධේනුව කැණහිලා සමග නොපවසයි.  එහෙත් සෑම දිනයකදී ම සිංහ ධේනුවගේ මේ හැසිරීම ඉවසා සිටිනු නොහැකිව කැණහිල් ධේනවු කැණහිලා  සමග සිදුවූ සියල්ල පවසයි.  

කැණහිල් ධේනුව: ස්වාමීනි, අප අප මේ ස්ථානයේ වාසය කරන එක සුදුසු නොවේ. සිංහ ධේනුන්වහන්සේ ඔබ ගිය පසු නොයෙක් චෝදනා කරමින්  නිතර නිතර මා භය ගන්වනවා. තව ටික කාලයක් ගත වුවහොත් අප මරා දමන්න පුළුවන්. ඒ නිසා හිමියනි, අපි අපේ පරණ නවිසටම යමු. (ඉතා දුකින් හැගීම්බරව)


(පසුබිමින් දුක්මුසු සංගීත ඛණ්ඩයක් වාදනය වීම)

  
කැණහිලා : මා මේ සිදුවූ සියල්ල මාගේ මිතුරා සමග පැවසිය යුතු යි. නැතිනම් එය අපේ මිත‍්‍රත්වයට ද හානි පමුණුවයි. (සිතයි)
  
කැණහිලා: ස්වාමීනි, බොහෝ කාලයක් අප ඔබ සමීපයෙහි වාසය කළා. අපි බොහෝ  තුටින් කාලය ගත කළා. ඒත් මේ ළගකදි ඉදන් සිංහ ධේනුන් වහන්සේ, මාගේ අඹුව සම`ග අමනාපකමක් දකින්න ලැබෙනවා. ඉතින් යාළුවේ අපි  අපේ මිත‍්‍රකම හැමදාමත් තියා ගන්න නම් මම මාගේ අඹු දරුවන් කැටුව  අපේ පරණ නිවහනටම යන්නම්.(දුකින්)
  
පොතේ ගුරු:  කැණහිලා පැවසූ සියල්ලම සාවදානව සිංහයා අසා සිටියා ය. සියලූම ප‍්‍රශ්න  ගැටුම් වලට මුල සැකය යි. සිංහයා, කැණහිලා සහ තමන් අතර මිත‍්‍රත්වයක්  ගොඩ නැෙ`ගන්නට පසුබිම් වූ හේතු කාරණා සියල්ල ඇය සමග පවසයි.  අවසානයේ දී තමා කළ දේ පිළිබ`දව සිංහ ධේනවු දහස් වාරයක් පසු තැවේ.
   
සිංහ ධේනුව: (සුසුමක් හෙළා) යෙහෙළියනි, මට සමාවෙන්න. කිසි දෙයක් නොසොයා  නොබලා කටයුතු කළාට මට සමාව දෙනවද? මා සම`ග අපනාපයක් තිබේද?  (ඉතා දුකින්) 

කැණහිල් ධේනුව: නැහැ යෙහෙළියනි ඔබත් එක්ක මගේ කිසි අමනාපයක් නැහැ. මම ඔබට එකහෙළා සමාව දෙනවා. මේ ආත්මෙදිවත් උපනූපන්  හැම ආත්මයකදීවත් මම ඔබත් එක්ක තරහ නොවෙමි.           (හැගුම්බරව/දුකින්)

සිංහ ධේනුව:  මම දහස් වාරයක් පසුතැනෙවා.. ඔබ වගේ යහපත් තැනැත්තියකට එසේ සිදු කිරීම ගැන. මේ ආත්මෙදි වගේම හැම ආත්මයකදීම ඔබ තමයි මගේ කලණ මිතුරිය. (හැගුම්බරව/දුකින්)

සිංහයා : දැන් හැම දෙයක්ම විසඳුනානේ මගේ යහළුවේ. මේ හැමදේටම මුල සැකය. 
  
පොතේ ගුරු  : 
   
භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම පරිදි ගුණ ජාතකය දේශනා කළ බුදුන් වවන්සේ එහි එන කැණහිලා නම් ආනන්ද ස්ථවිරයන් බවත් සිංහයා බුදුවූ තමන් වහන්සේ බවත් වදාරන ලදි. මෙකී ජාතක කතාව මගින් සමාජයට සුවිසල් පණිවිඩ රැුසක් ගෙන  එයි. විවාහ ජීවිතයේ ඇති වැදගත්කම, මිත‍්‍රත්වය, කෘතගුණ සැළකීම ආදිය මෙයින් කියාපානු ලබයි. කලණ මිත‍්‍රත්වයක් ගොඩ නැගීමට බලය, ධනය පමණක් ප‍්‍රමාණවත් නොවන බවත් ඒ සදහා යහපත් ගුණධර්ම අවැසි බවත් ගම්‍යමාන වෙයි. වර්තමානයේදී බොහෝ විවාහ ජීවිත බිද වැටීමට තුඩු දී ඇත්තේ සැකය යි. එම සැකය පිළිබදව මෙම ජාතක කතාවෙන් මනාලෙස විවරණය කොට ඇත. කිසිවක් නොවිමසා කටයුතු කරන බිරින්දෑවරු සමාජයේ කොතෙකුත් සිටිත්. එලෙසම ඉවසීමෙන් කටයුතු කරන බිරින්දෑවරුන් ද ඒ අතර සිටින බව නොරහසකි. යහපත් ස්වාමියෙකුගේ ලක්ෂණ මෙයින් මනාලෙස විසද කරයි. බලයෙන් ආඪ්‍ය වූ තැනැත්තෙකුට වුව ද බල හීනයෙකුගෙන් උපකාර ලබා ගැනීමට සිදුවන අවස්ථා තිබේ. එකී අවස්ථාවේ දී උපකාර ලද තැනැත්තා දුන් පොරොන්දු කඩ නොකරන උතුමෙකු බව ජාතක කතාව පසක් කරයි. එසේ නොකොට කළගුණ නොසළකන දනෝ සමාජයේ ජීවත් වෙති. එකී සෑම කෙනෙකුටම මේ ජාතකය මගින් සදූපදේශ රැසක් සම්පාදනය කරයි. සැබැවින්ම නුවණැති කෘතගුණ දන්නෝ එම උපකාරය අමතක නොකරති. නිරන්තරයෙන්ම ප‍්‍රත්‍යුපකාරම කරති. 

(ගුණ ජාතකය අැසුරින් ලියන ලද නාට්‍ය පිටපතකි)


7 comments: