පුවත්පත බිහිවීමට මූලික අඩිතාලම සකසන ලද්දේ කඩදාසි සහ මුද්‍රණ යන්ත්‍රය බිහි වීම ය. අපට යම් වචනයක් හෝ අකුරක් හෝ සංකේතයක් හෝ ලේඛන ගත කිරීම සඳහා කඩදාසි අවශ්‍යය ය. මෙම කඩදාසි බිහිවීම දීර්ඝ ඉතිහාසයක් දක්වා දිවයයි. ලේඛන ඉතිහාසයේ සඳහන්වන පරිදි මුල්ම කඩදාසිය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ කි‍්‍ර.ව. 105 දී පමණ සිටි චීන ජාතික සායිලූන් නැමැත්තෙකුට ය. එතෙක් කලක් ලේඛනගත කිරීමේ කාර්යය සඳහා යොදා ගත්තේ උණ බම්බු, බට පතුරු සහ පටපිළි ය. සායිලූන්ගේ පර්යේෂණය වූයේ මල්බෙරි ගසේ පොත්ත කුඩු කොට උකු දියරයක් ලෙස සාදා වේලෙන්නට තබා තුනී තහඩුවක් ආකාරයට එලාගැනීමය. පසුකාලීනව මෙය හේතු කොටගෙන වෙනත් ගස්වල ලී කුඩු වලින් ද කඩදාසි සාදාගත හැකි බව අවබෝධ විය. කඩදාසියක් මත ලිවීම සඳහා පස්වන සියවසේදී පමණ පිහාටු පෑන භාවිතා කරන ලදී. ලිවීමත් කඩදාසියත් අතර පවතිනුයේ අවියෝජනීය සබඳතාවයකි. ලෝකය පුරා එක් දිනයකදී කඩදාසි නොමැති වුවහොත් සියලුම ජනමාධ්‍යයන්ට වන බලපෑම අතිමහත්ය. මුල් කාලීන ලේඛනය මිනිසා අතින් සිදු වුවද පසුකාලීනව ඊට වැඩි පහසු මඟක් සොයා ගැනීමට පර්යේෂණ සිදුවිය.
මිනිසා සැමවිටම තොරතුරු දැන ගැනීමේ කුතුහලයකින් සහ පිපාසයකින් පෙළේ. ඔවුහු ඒ සඳහා විවිධ මාධ්‍ය හා මෙවලම් උපයෝගී කර ගත්හ. කලක් ගතවන විට තොරතුරු අවශ්‍යතාවය දැඩි වන්නට විය. මීට හේතු වූයේ පුළුල් වපසරියක පැතිරුණු මිනිස් අවශ්‍යතා සපුරාලීමට ප්‍රාථමික මෙවලම් ප්‍රමාණවත් නොවීමය. මෙකී පුද්ගලයාගේ තෙරතුරු පිපාසය සංසිඳුවීමට දියුණු ජනමාධ්‍යයක් අවැසි විය. ඒ සඳහා විවිධ පර්යේෂණ රැුසක් සිදුවිය. මෙහි එක් වැදගත් සංදිස්ථානයක් ලෙස 1439 දී ජර්මනියේ විසූ ජොහාන් ගුටෙන්බර්ග් විසින් සොයා ගන්නා ලද මුද්‍රණ යන්ත්‍රය සඳහන් කළ හැකි ය. මෙය තාක්ෂණික පර්යේෂණයක එක් ප්රතිඵලයකි. මේ හරහා පුවත් පිපාසය සංසිදුවීමට හැකිවිය. මිනිසාට තොරතුරු ලබාදීමට දැනුම ව්‍යාප්ත කිරීමට මහඟු පිටිබලයක් මෙම මුද්‍රණ යන්ත්‍රය මඟින් සැපයිණ. සැබවින්ම මුද්‍රණ යන්ත්‍රණය බිහිවීම ජනමාධ්‍යය පෝෂණයෙහිලා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළේය.
මුද්‍රණ යන්ත්‍රය හේතුවෙන් මෙතෙක් කල් විවිධ ක්‍රම මඟින් පවත්වාගෙන ආ විවිධ ආගමික දර්ශනවාද හා ඒවාට අයත් කෘතීන් මුද්‍රණය වන්නට විය. මේ අයුරින් සළකා බලන විට මුද්රණද්රවාරයෙන් එළි දුටු මුල්ම මුද්‍රිත ප්‍රකාශන ලෙස මෙම පතපොත සඳහන් කළ හැකි ය. ඉන්පසු වෙළඳ තොරතුරු නඩුහබ පිළිබඳ වාර්තා, රජයේ හා රාජ්‍ය ප්‍රධානීන්ගේ නියෝග හා අණපනත් ආදිය ඇතුළත් විවිධ පත්‍රිකා මුද්‍රණය වී කළඑලියට පැමිණියේ ය. මෙම පත්‍රිකා මුද්‍රණය හා අලෙවිය කල්යත් ම ව්‍යාපාරික මට්ටමින් දියුණු විය. එම මාධ්‍යයන් තොරතුරු දැනගැනීම හා පතුරුවාලීමේ පොදු මාධ්‍යයක් බවට පත්විය. ඒවායෙහි අන්තර්ගතය හා ආකෘතිමය අතින් විවිධ පරිවර්තනයන්ට ලක්වීමේ ප්‍රතිඵලය හේතුවෙන් මෙම පත්‍රිකා පුවත්පත් ලෙස කරලියට පැමිණියේය. තාක්ෂණික සොයා ගැනීම නිසා ජනමාධ්‍ය පාලනයට මුද්‍රණ ක්ෂේත්රය මේ අයුරින් සුවිසල් දායකත්වයක් සැපයීය. මේ හේතුවෙන් බිහිවූ පුවත්පත ජනතාවගේ අධ්‍යාපනික, ආගමික, සමාජීය, දේශපාලනික හා සෞඛ්‍යය තොරතුරු ලබාදීම දක්වා පසූ කාලීනව දියුණු තත්වයට පත්විය. මේ ආකාරය වූ පුළුල් පරාසයක් දක්වා දිවෙන්නට හේතු වූයේ තාක්ෂණික සොයා ගැනීම් ය. මුද්‍රණ තාක්ෂණය දියුණු නොවී තිබුණානම් වර්තමානය වන්නට පුවත්පත වැනි ජනමාධ්‍යක් සමාජයේ ස්ථාපිත නොවන්නට තිබුණි.
තාක්ෂණික දියුවත් සමඟ පුවත්පත්වලින් තොරතුරු ජනතාව වෙත ලබාදෙන ආකාරය, භාවිතා කළ මෙවලම් ක්‍රමයෙන් වර්ධනය විය. මුල්කාලීනව තොරතුරු රැස් කිරීමට භාවිතා කළ ක්‍රමවේද හා මෙවලම් ඉතා සරල මට්ටමේ පැවතුණි. මුල්කාලීනව දුරබැහැරින් පැමිණි වෙළෙඳුන් හා සංචාරකයින්ගෙන් ලබාගත් තොරතුරු ලේඛනගත කිරීමට කුරුලූ පිහාටුවක කෙළවර පෑන් තුඩක් සේ උල්ව සිටින ලෙස සකසා ගත් පිහාටු පෑන භාවිතා විය. පසුකාලීනව උල්පත් පෑන ලෙසටත්, එය බෝල්පොයින්ට් පෑන ලෙසට මෙවලම්හි වර්ධනය සිදු වී ඇත. පුවත්පත්වලින් ආසන්න ප්‍රදේශවල තොරතුරු රැුස්කර ගැනීමට ලේඛනය සම්බන්ධ මෙවලම් උපකාරී වුවද වෙනත් දුර බැහැර ප්‍රදේශවල තොරතුරු ලබාගෙන රැුස්කර ගැනීමටත් මාධ්‍ය වෙත ලබාදීමටත් මීට වඩා දියුණු ක්‍රමයක් අවැසි විය. එකී සපුරාලීමටත් ක්ලෝඞ් වැප් නම් ප්රංස ඉංජිනේරුවා වර්ධනය කළ දෘෂ්‍ය ටෙලිග්රාපය ඉවහල් විය. යුරෝප රටවල් හා ප්‍රංශය වැනි රටවල් කීපයක් එක්කර ගනිමින් නිමැවුණු කුළුණු කිහිපයක් යොදා ගනිමින් මෙම ක්‍රමය කි‍්‍රයාත්මක විය. මෙම කුළුණක සිට අනෙක් කුළුණට පණිවිඩ යවන ලද්දේ සංඥා මඟින් ය. මෙහිදී තොරතුරු රැුස් කිරීමට භාවිත කළ උපකරණ හා මෙවලම් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් විවිධ බාධා ඇති කරන්නට විය. තොරතුරු රැස් කර ගැනීමට කාලය ගතවීම හා ඒවායින් නැවුම්බවක් නොමැතිවීම මෙහිදී සිදුවූ ප්‍රධානම බලපෑම විය.
කඩිනමින් තොරතුරු එක්රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ටෙලිග්‍රාප් ක්‍රමය හැඳින්විය හැකිය. තිත් හා ඉරි භාවිතා කොට ගනිමින් සංකේතානුසාරයෙන් පණිවිඩ යැවීම මෙහිදී සිදු වූ අතර මෙම පුරෝගාමියා වූයේ ඇමරිකානු ජාතික සැමුවෙල්් මෝර්ස් බැවින් මෙය ‘‘මෝර්ස් සංඥා ක්‍රමය’’ ලෙස හැඳින්විණ. ඉන්පසුව මෙය ජාතික මෝර්ස් සංඥා ක්‍රමය ලෙස ලොව ප්‍රකට සන්දේශ යැවීමේ ක්‍රමයක් බවට පත් විය. තොරතුරු එක්රැුස් කර ගැනීමට මෙන් හුවමාරු කරගැනීමට මෙයින් අවස්ථාව උදාවිණ. මෝර්ස් සංඥා ක්‍රමය පුවත්පත් මඟින් භාවිතා කිරිමට කටයුතු කරන ලදී. මේ හේතුකොටගෙන පුවත්පත් මාධ්‍යය දියුණු තත්වයට පත්විය.
ජනමාධ්‍යයන් අතර ප්‍රමුඛතම මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය සඳහන් කළ හැකි ය. මෙය බිහිවීම සඳහා පර්යේෂණ රැුසක් සිදුවිය. ශබ්ද මාධයය විද්්යුතයට පරිවර්තනය කිරීම සඳහා මෙහිදී අත්හදාබැලීම් විවිධ පර්යේෂකයන් විසින් සිදුකරනු ලැබීය. ශබ්දය පිළිබඳ පර්යේෂණ කරන්නන්ට ඊට අවධානය යොමුවීමට බලපෑ මූලිකම සාධයක් ලෙස ආලෝකය පිළිබඳ පර්යේෂණ ඉවහල් විය. මෙම ශබ්දයේ වේගය සොයා ගැනීම එක්තරා ආකාරයකින් එය විද්‍යුතයට පරිවර්තනය කිරීමට අශ්‍යතාවයක් සපුරා ගැනීමකි. මයිකල් ෆැරඬේ විසින් සොයාගෙන තිබූ විද්‍යුත් චුම්බක ශක්තිය මේ හඬ පරිවර්තනයට අවශ්‍යය තවත් සාධකයකි. මෙම විද්‍යුත් චුම්භක ශක්තිය හඬ බවට පරිවර්තනය කිරීම සොයා නොගත්තේ නම් සුවහසක් ජනතාවට තොරතුරු රසවින්දනය ලබාදෙන ගුවන්විදුලියේ බිහිවීමක් දක්නට නොලැබේ. මේ ආකාරයට හඬ තාක්ෂණික සොයා ගැනීම් මඟින් ජයගෙන ඇත. මේ හරහා පෙනෙන කරුණු වන්නේද ජනමාධ්‍යය පාලනයට තාක්ෂණික සොයාගැනීම් බෙහෙවින් බලපාන බව ය. මෙවැනි තාක්ෂණික සොයා ගැනීමක් නොමැති නම් අද වන විටද ගුවන්විදුලියක් දක්නට නොලැබේ. මෙය ගුවන්විදුලිය බිහිකිරීමට සමත් වූ මූලික සොයා ගැනීමක් ලෙස සඳහන් කළ හැකිය. ‘‘හඬ’’ ජයගත්තාසේ ම 1873 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් ශබ්ද තරංග විද්‍යුත් චුම්බක තරංග බවට පත්කිරීමේ හැකියාව සොයා ගන්නා ලදී. ඔහු විසින් සොයා ගත් හඬ විද්‍යුත් චුම්භක තරංග බවට පරිවර්තනය කිරීමේ හැකියාව හා වටිනා කමකින් සමන්විත ට්‍රාන්ස්මීටරය හෙවත් නැවත එය හඬ බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍යය කරන මූලික විසුරුවා හැරීමේ ක්‍රමය මේ හරහා හඳුනා ගනු ලැබීය.
ජනමාධ්‍යයන් අතර ප්‍රමුඛතම මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය සඳහන් කළ හැකි ය. මෙය බිහිවීම සඳහා පර්යේෂණ රැුසක් සිදුවිය. ශබ්ද මාධයය විද්්යුතයට පරිවර්තනය කිරීම සඳහා මෙහිදී අත්හදාබැලීම් විවිධ පර්යේෂකයන් විසින් සිදුකරනු ලැබීය. ශබ්දය පිළිබඳ පර්යේෂණ කරන්නන්ට ඊට අවධානය යොමුවීමට බලපෑ මූලිකම සාධයක් ලෙස ආලෝකය පිළිබඳ පර්යේෂණ ඉවහල් විය. මෙම ශබ්දයේ වේගය සොයා ගැනීම එක්තරා ආකාරයකින් එය විද්‍යුතයට පරිවර්තනය කිරීමට අශ්‍යතාවයක් සපුරා ගැනීමකි. මයිකල් ෆැරඬේ විසින් සොයාගෙන තිබූ විද්‍යුත් චුම්බක ශක්තිය මේ හඬ පරිවර්තනයට අවශ්‍යය තවත් සාධකයකි. මෙම විද්‍යුත් චුම්භක ශක්තිය හඬ බවට පරිවර්තනය කිරීම සොයා නොගත්තේ නම් සුවහසක් ජනතාවට තොරතුරු රසවින්දනය ලබාදෙන ගුවන්විදුලියේ බිහිවීමක් දක්නට නොලැබේ. මේ ආකාරයට හඬ තාක්ෂණික සොයා ගැනීම් මඟින් ජයගෙන ඇත. මේ හරහා පෙනෙන කරුණු වන්නේද ජනමාධ්‍යය පාලනයට තාක්ෂණික සොයාගැනීම් බෙහෙවින් බලපාන බව ය. මෙවැනි තාක්ෂණික සොයා ගැනීමක් නොමැති නම් අද වන විටද ගුවන්විදුලියක් දක්නට නොලැබේ. මෙය ගුවන්විදුලිය බිහිකිරීමට සමත් වූ මූලික සොයා ගැනීමක් ලෙස සඳහන් කළ හැකිය. ‘‘හඬ’’ ජයගත්තාසේ ම 1873 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් ශබ්ද තරංග විද්‍යුත් චුම්බක තරංග බවට පත්කිරීමේ හැකියාව සොයා ගන්නා ලදී. ඔහු විසින් සොයා ගත් හඬ විද්‍යුත් චුම්භක තරංග බවට පරිවර්තනය කිරීමේ හැකියාව හා වටිනා කමකින් සමන්විත ට්‍රාන්ස්මීටරය හෙවත් නැවත එය හඬ බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍යය කරන මූලික විසුරුවා හැරීමේ ක්‍රමය මේ හරහා හඳුනා ගනු ලැබීය.
විද්‍යුත් චුම්භක ශක්තිය වෙන වෙනම හඳුනා ගැනීමේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ට්‍රාන්ස්මීටරය ජර්මන් ජාතික හෙන්රිකස් හර්ට්ස් විසින් සොයා ගන්නා ලදී. මෙම සොයා ගැනීම් සිදු කළ පර්යේෂකයින් අතරින් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනිට හිමිවන්නේ ද සුවිශේෂී වූ ස්ථානයකි. ඔහු විසින් සොයා ගන්න ලද වයලර්ස් ක්‍රමය නාවිකයන්ට ද ප්‍රයෝජනවත් විය. නැවක් අනතුරකට පත්වුවහොත් ඒ පිළිබඳව දැන්වීම පිණිස කෙටි දුරකට කතා කිරීමේ හැකියාවක් ඇති ‘‘මාර්කෝනි ඇපරේට්’’ නම් උපකරණය උපකාරී විය. සැතපුම් 50 සිට 70 දක්වා දුරක් කතා කිරීමට සෑදූ උපකරණයට පසුව ඊට එහා ගිය සැතපුම් 200 ක් දුරකට කතා කිරීමේ තත්වයට එම උපකරණය පත් කිරීම මාකෝනිගේ සොයා ගැනීම්වල ප්රමුඛ එක් අවස්ථාවකි. 1901 දී මාර්කෝනි විසින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් යැවීමේ ක්‍රමය සරුංගලයක් මත එල්ලන ලද ඒරියලය මඟින් හඳුනා ගත්තේය. 1920 පමණ වනවිට ශබ්ද මාධයක් ලෙස ගුවන්විදුලිය දියුණුවක් ලබා තිබිණ.
මෙවැනි වූ තාක්ෂණික සොයා ගැනීම් සිදු නොකළානම් වර්තමානය වන විට ද ගුවන්විදුලිය යන තාක්ෂණික මෙවලම දක්නට නොලැබේ. මෙය මානව ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයකි. මේ ඔස්සේ ජනමාධ්‍ය පාලනයේ වූ තාක්ෂණික සොයාගැනීම් මඟින් බව මොනවාට පැහැදිළි වේ. මේ ආකාරය බිහිවූ ගුවන්විදුලියේ නැගීමට බලපෑ කරුණු පිළිබඳව යුනෙස්කෝව විසින් පළ කරන ලද සන්නිවේදන පති‍්‍රකා අංක 1 හි සඳහන් කර ඇත. එයින් ප්‍රධාන කිහිපයක ප්‍රබලතාවන් මෙසේය.
1. ඉතා සමීප ලෙස සන්නිවේදනයක් ග්‍රහණය කර ගැනීමට ඉඩ සැළැස්වීම. ඒ අනුව කෙනෙකු ඈත සිට කියන දෙයක් තම දැනුම හා ශක්තිය උපයෝගී කරගෙන වටහා ගැනීමට ඩ සැලැස්වීම.
2. විනෝදාස්වාදය ලබාදෙන මාධ්‍යයක් වශයෙන් ගත්කළ ගුවන්විදුලිය අද්විතීය ලක්ෂණ සහිතය. ශ්‍රව්‍ය මාධ්‍යයක් වශයෙන් එය අසන්නට ඉතාමත් සමීප විනෝදාස්වාදය ලබාදෙයි.
සුවිශාල ජන කොටසකට එකවර තොරතුරු සම්පාදනය මේ හරහා ඉඩ ප්‍රස්ථාව හිමිවිය. මුල් කාලයේ කෙටි දුරකට සීමාවුවත් පසුව දිගු දුරක් දක්වා එය ගමන් කරන ලද්දේ මෙම තාක්ෂණික සොයා ගැනීම්වල ප්‍රබලත්වය හා දියුණුව නිසාම ය.
සිනමාව යනු ජීවිතය ප්‍රති නිර්මාණය කරන ගැඹුරු ස්පර්ශ කරන කාර්මික විප්ලවයෙන් පසු ලොව බිහිවූ එකම ලලිත කලාවයි. මෙහි බිහිවීම හා දියුණුව සඳහා තාක්ෂණික සොයා ගැනීම් බෙහෙවින් ඉවහල් විය. මුල්කාලීනව ගිනිගොඩවල් ගසා එහි ආලෝකයෙන් ජනයා දැක්වීම සෙවණැලි නාටක ක්‍රමය විය. තාක්ෂණික සොයා ගැනීම් මඟින් මෙය දියුණුව කරා ගමන් කිරීමට සමත් විය. එහි මුල් ම ප්‍රබල දියුණු අවස්ථාවක් ලෙස මැජික් ලන්තෑරුම් ක්‍රමය සඳහන් කළ හැකි ය. 1824 දී පීටර්මාක් රොජ් විසින් දෘෂ්ටියේ අඛණ්ඩතාවය සොයාගන්නා ලදී. 1870 දී කාච ද්වාරයේ වේගය වැඩිකොට ඒ හරහා පර්යේෂණ සිදු කළේය. මේ හරහා නිශ්චල කැමරාව බිහිවිය. සිනමා අභිවෘර්ධියට සුවිශාල සේවායක් සිදු කළ තෝමස් අල්වා එඞ්සන් විසින් සිනමාවේ අභිවෘද්ධියට විවිධ අත්හදා බැලීම් සිදු කරනු ලැබීය. ඒ අනුව චලනය රූපගත කිරීමට හැකි කැමරාවක් බිහිවිය. එහි මුල්ම ජායාරූපය ලෙස ඔවුන්ගේ සමාගමේ කාර්යයෙහි නියුතු තාක්ෂණික ශිල්පියෙකු විසින් කිවිසුමක් හරින දර්ශනය රූපගත විය. මෙම සොයා ගැනීම හරහා විවිධ සිදුවීම් රූපගත කිරීමේ හැකියාව ලැබී ඇත.
1893 දී මෙම තාක්ෂණික සොයා ගැනීම් පුළුල් කරමින් බැලැක් මාරියා නම් වූ චිත්රාගාරයක් බිහි වී තිබේ. රූපගත කරන ලද කුඩාදර්ශන මුදල් ගෙවා නැරඹීමට මේ හරහා හැකිවිය. එක්වරකට එක් පේ්රක්ෂකයෙකුට පමණක් එම දර්ශන නැරඹීමට හැකිවිය. මෙම ක්‍රමය කිනෙටෙස්කෝප් ලෙස හඳුන්වා ඇත. ලූමියර් සහෝදරයෙන් විසින් 1895 දී වැඩ නිම වී කර්මාන්ත ශාලාවෙන් එන සේවකයින්ගේ දර්ශන ඉදිරිපත් කරමින් මැජික් ලන්තෑරුමන් දෘෂ්ටියේ අඛණ්ඩතාවයක් එක් කරමින් කැමරාවක් හා ප්රක්පේෂණ යන්ත්‍රයක් සකස් කරන ලදී. සිනමා යන නාමය ප්‍රථම වරට භාවිතා කර ඇත්තේ ද මොවුන් බව සඳහන් වේ. ඔවුන් විසින් ශාලාවක් පිහිටුවා එහි ආසන පනවා. පේ්රෂකයන් 33 දෙනෙකුට පමණ පුළුල් තිරයක් මත දර්ශන පෙන්වා ඇත. ඔවුන් විසින් 1895 දී සිනමාව පිළිබඳ විවිධ අත්හදා බැලීම් සිදු කරන ලදී. 1895 මෙලෙස සිදුකළ දිනය සිනමාව නිල වශයෙන් ආරම්භ කළ දිනය විය. තාක්ෂණික සොයා ගැනීම් හරහා බිහිවූ සිනමාව හේතුවෙන් සුවහසක් ජනතාව රසවින්දනයත් ජීවිතාවබෝධයත් මේ හරහා ලබයි. මෙයින් පැහැදිලි වන්නේද තාක්ණික සොයා ගැනීම් මත ජනමාධ්‍ය පාලනය වමන බවය. තවද සිනමාවේ එක් තාක්ෂණික සොයා ගැනීමක් වන කැමරාව මඟින් සුවිශාල සේවයක් දියුණුවක් ජනමාධයේ ඇතිවිය. මෙහිදී ජෝර්ජ් ඊස්ට්මන් හට වැදගත් ස්ථානයක් හිමිවේ. ඔහු විසින් කොඩැක් නමින් කැමරාවක් හඳුන්වා දුන් අතර එය පහසුවෙන් කි‍්‍රයා කරවිය හැකි ගෘහ උපකරණයක් ලෙස ජනතාව අතර ප්‍රචලිත විය. ඔහුගේ තේමා පාඨය වූයේ ‘‘ඔබ බොත්තම ඔබන්න ඉතිරි සියලූ දේ අපි කරන්නම්’’ යනුවෙනි. පසුකාලීනව බිහි වූ ජනමාධ්‍යයන්ට මෙම කැමරාව හේතුවෙන් සුවිශාල දායකත්වයක් ලැබිණ. යම් ස්ථානයක සිදුවන දෙයක් මාධ්‍ය හරහා ජනතාව වෙත රූප මඟින් ගෙන ඒම තුළින් එහි සත්‍යබව ජනතාවට හට පසක් කරවීම මෙම තාක්ෂණික සොයා ගැනීම උපකාරි වේ. මෙම කරුණු මඟින් ද පැහැදිලි වන්නේ ජනමාධ්‍ය පාලනය වන හස්තය තාක්ෂණය සොයා ගැනීම් වන බව ය.
ඔහු අඟල් 8 x 10 තිරයක් මත රේඛා 30 ක් කරකවමින් මවනු ලැබූ රූප සමුදායක් ඉදිරිපත් කොට එම රූප එකතු කොට එක් රූපයක් තැනිය හැකිබව සොයා ගන්නා ලදී. 1935 වන විට මෙම ක්‍රමය අනුව රේඛා 240 ක් මඟින් තත්පරයක් ඇතුළත දී රූප 25 ක් මැවිය හැකි ව පෙන්නුම් කෙරිණි. රූපවාහිනිය බහුජන මාධ්‍යයක් ලෙස ජනතාව අතරට පැමිණියේ 1936 දී ය. රූපවාහිනී මාධ්‍ය පැමිණීමෙන් අනෙකුත් ජනමාධයයන් අභියෝග රැුසක් එල්ල විය. එහි ප්‍රධානම පහර එල්ල වූයේ සිනමා මාධ්‍යයටය. මෙතෙක් කලක් චිත්‍රපට නැරඹීම සඳහා සිනමාශාලා වෙත ගිය ජනතාව තම නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ විකාශයවන විවිධ වැඩසටහන් නරඹන්නට විය. මේ හරහා සිනමා මාධ්‍යයේ යම් පසුබෑමක් ඇතිවිය.
රූපවාහිනී මාධ්‍යයේ තවත් එක් වර්ධනීය අවස්ථාවක් ලෙස කේබල් රූපවාහිනී ක්‍රමය හා වර්ණ රූපවාහිනිය සඳහන් කළ හැකිය. 1954 වසරේ දී පමණ මේ හරහා බටහිර යුරෝපීය රටවල් ගුවන් යාත්‍රා, මුහුදු යාත්‍රා සහ සබ්මැරීනවල සිට කේබල් රූපවාහිනී ක්‍රමය මගින් වැඩසටහන් හුවමාරු කර ගැනීම ආරම්භ කරන ලදී. 1980 දශකයේ දී සුලූ නගර, ප්‍රධාන නගර රාශියකට කේබල් රූපවාහිනී සේවා සැපයීමේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවිය. සමහර සේවා දැවැන්ත සංස්ථා ලෙස වර්ධනය විය. 80 දශකය අභිභවන විට කේබල් රූපවාහිනී සේවාව සපයන ආයතන හාරදහස ඉක්මවා ගිය අතර ඒ ඇමරිකානු ටෙලිවිෂන් ග්රාහකයෝ 20% කට එම සේවාව සැපවූහ. 1987 වන විට එම ප්‍රතිශතය 45% දක්වා ඉහළ නැංගේය. සමහර දැවැන්ත කේබල් රුපවාහිනී ආයතන දශලක්ෂ ගණනකට සේවා සැපයූවේය. මේ අයුරින් තාක්ෂණික සොයා ගැනීම් මත දියුණුවට පත් වූ රූපවාහිනිය ජනතාව හට නැතිව බැරි උපකරණයක් බවට පත්වී ඇත. විනෝදාත්මක, අධ්‍යාපනික මෙන්ම සෞඛ්‍ය තාරතුරු සපයන මාධ්‍යයක් බවට මේ වන විට රූපවාහිනිය ජනතාවට සුවිසල් මෙහෙවරක් කරයි. කිසියම් ස්ථානයක සිදු වූ සිදුවීමක් එම මොහොතේම රූපවාහිනී මාධ්‍ය හරහා සජීවීව සමීප කරවීමේ හැකියාවක් ඇත. එය ජනතාව බලාපොරොත්තු වන ක්රමවේදයකි. මෙමඟින් ද පැහැදිලි වන්නේ රූපවාහිනී මාධ්‍යය සමාජය තුළ ස්ථාපති වී දියුණුවට පත්ව ඇත්තේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවය.
![]() |
රූපවාහිනී මාධ්‍යයේ තවත් එක් වර්ධනීය අවස්ථාවක් ලෙස කේබල් රූපවාහිනී ක්‍රමය හා වර්ණ රූපවාහිනිය සඳහන් කළ හැකිය. 1954 වසරේ දී පමණ මේ හරහා බටහිර යුරෝපීය රටවල් ගුවන් යාත්‍රා, මුහුදු යාත්‍රා සහ සබ්මැරීනවල සිට කේබල් රූපවාහිනී ක්‍රමය මගින් වැඩසටහන් හුවමාරු කර ගැනීම ආරම්භ කරන ලදී. 1980 දශකයේ දී සුලූ නගර, ප්‍රධාන නගර රාශියකට කේබල් රූපවාහිනී සේවා සැපයීමේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවිය. සමහර සේවා දැවැන්ත සංස්ථා ලෙස වර්ධනය විය. 80 දශකය අභිභවන විට කේබල් රූපවාහිනී සේවාව සපයන ආයතන හාරදහස ඉක්මවා ගිය අතර ඒ ඇමරිකානු ටෙලිවිෂන් ග්රාහකයෝ 20% කට එම සේවාව සැපවූහ. 1987 වන විට එම ප්‍රතිශතය 45% දක්වා ඉහළ නැංගේය. සමහර දැවැන්ත කේබල් රුපවාහිනී ආයතන දශලක්ෂ ගණනකට සේවා සැපයූවේය. මේ අයුරින් තාක්ෂණික සොයා ගැනීම් මත දියුණුවට පත් වූ රූපවාහිනිය ජනතාව හට නැතිව බැරි උපකරණයක් බවට පත්වී ඇත. විනෝදාත්මක, අධ්‍යාපනික මෙන්ම සෞඛ්‍ය තාරතුරු සපයන මාධ්‍යයක් බවට මේ වන විට රූපවාහිනිය ජනතාවට සුවිසල් මෙහෙවරක් කරයි. කිසියම් ස්ථානයක සිදු වූ සිදුවීමක් එම මොහොතේම රූපවාහිනී මාධ්‍ය හරහා සජීවීව සමීප කරවීමේ හැකියාවක් ඇත. එය ජනතාව බලාපොරොත්තු වන ක්රමවේදයකි. මෙමඟින් ද පැහැදිලි වන්නේ රූපවාහිනී මාධ්‍යය සමාජය තුළ ස්ථාපති වී දියුණුවට පත්ව ඇත්තේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවය.
මෙකී ජනමාධ්‍යයන්ගේ සුවිශාල ඉදිරි පිම්මක් ලෙස නව මාධ්‍යය බිහිවීම සඳහන් කළ හැකි ජංගම දුරකථන, පරිගණකය, අන්තර්ජාලය ආදිය නිදසුන් කිහිපයකි. එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගැනීමට සජීවී බවක් ගෙන ඒමට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් නැමැති ස්කොට්ලන්ත ජාතිකයා සමත් විය. ඒ අනුව ඔහුගේ පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස දුරකථනය බිහිවිය. මෙම දුරකථනය පසුකලෙකදී තාක්ෂණික වශයෙන් විශාල දියුණුවක් ලැබීය. ඒ හරහා ජංගම දුරකථනය සමාජය තුළ ජනමාධ්‍යයක් ලෙස ස්ථාපිත විය. රැහැන් සහිත දුරකථන මුල් කාලීනව තිබූ නමුත් මෙය රැුහැන් රහිත දුරකථනයකි. මෙය ශබ්දය සම්පේ‍්‍රෂණයට හා ලබා ගැනීමට භාවිතා කරන විදුලි සන්දේශ උපකරණයකි. මෙමඟින් සංඥා හා කටහඬ ආදී වර්ග දෙකක තොරතුරු හසුරවනු ලැබේ. ජංගම දුරකථන ඉතිහාසය මූලික වශයෙන් පැතිකඩ හරතකට බෙදා ඇත.
1. සෙලියුලර් ජාල සමාජය 1G
2. ඩිජිටල් දුරකථනජාල සමාජය 2G
3. අධිවේගී දත්තජාල සමාජය 3G
4. ALL-IP ජාල සමාජය 4G
මෙම දුරකථන සේවා අතර අධිවේගී අන්තර්ජාල සමාජය සුවිශේෂී වේ. එය ඉතා දියුණු තාක්ෂණික ක්රමයන් රැුසක් යටතේ අරඹන ලදී. දකුණු කොරියාවේ SK ටෙලිකොම් හා KTF සමාගම හා ඇමරිකාවේ monet යන සමාගම් විසින් 2002 දී අන්තර්ජාල තාක්ෂණය CDMA 2000 IXEVනමින් දියත් කළේය. මෙම සෙලියුලර් සමාජයේ සුවිශේෂත්වය වන්නේ GPRS ක්‍රමය හඳුන්වා දීමය. මෙම කාලය වනවිට තාක්ෂණික උපකරණ වන ඩොන්ගල් හා රවුටර් වෙළඳපොළට පැමිණ ඇත. ඊළඟ දුරකථන සමාජය වන 4G හි තාක්ෂණය මීටත් වඩා දියුණුය. මෙහිදී පරිපථ කි‍්‍රයාත්මක කිරීම ඉලෙක්ට්‍රොනික පද්ධතියෙන් ඉවත් කිරීම සිදුවිය. LAN හෝ WAN තාක්ෂණය යොදා කටහඬ මඟින් පණිවිඩ ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. මෙම තාක්ෂණය හරහා වර්තමානයේදී සියලූම ජනමාධ්‍ය පාලනය වන ආකාරයක් දක්නට ලැබේ. ජනතාව හට තවකෙකුට පණිවිඩයක් ලබාදීමට අවැසි නම් ජංගම දුරකථනය හරහා එය එම මොහොතේදීම කටහඬ ඔස්සේ සජීවීව ලබාදිය හැකිය. වර්තමානය වන විට ජංගම දුරකථනය බහුවිධ කාර්යයන් සිදු කරන මාධ්‍යයක් බවට පත්වී ඇත. අනෙකුත් සියලූ මාධ්‍යයන්ගෙන් සිදු කරන දේ මෙමඟින් කළ හැකිවීම තාක්ෂණය සුවිසල් ඉදිරි පිම්මකි. ඇමතුම් ලබා ගැනීම, ගුවන්විදුලියට සවන්දීම, පින්තූර ගැනීම, රූපවාහිනිය නැරඹීම, අන්තර්ජාලය ඇසුරු කිරීම ආදිය මෙමඟින් සිදුකරන බහුවිධ කාර්යයෝ වෙති. මේ අනුව පෙනීයන පැහැදිළිම කරුණ වන්නේ ජනමාධ්‍ය සැබවින්ම පාලනය වන්නේ තාක්ෂණය සොයා ගැනීම් මඟින් බවය.
තාක්ෂණයේ තවත් එක් වැදගත් සංදිස්ථානයක් ලෙස පරිගණකය සඳහන් කළ හැකිය. සුපිරි මෙවලම් භාවිතය සන්නිවේදනයේ විප්ලවයේ මූලිකාංගය වූ පසු එහි ප්‍රබල කි්රයාකරුවා වූයේ පරිගණකය යි. පරිගණකය බිහිවීමත් සමඟ ලොව ‘‘විශ්ව ගම්මානයක් යන සංකල්පය බිහිවිය. මේ හරහා ලෝකයේ පවතින තොරතුරු ලබාගත හැකිය. මෙම සුවිසල් කර්තව්‍යයේ පුරෝගාමියා වූයේ චාල්ස් බැබේජ් ය. 1946 දී ඊනියැක් නම් වූ ප්‍රථම විද්‍යුත් අංකන පරිගණකය සකස් කිරීම සිදුවිය. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වැනෙවර් බුෂ් විසින් මෙම පරිගණකය නිමවන ලදි. වැකියුම් ටියුබය සොයා ගැනීමත් සමඟ 1930 දී බිහි වූ පරිගණක තාක්ෂණයේ තවත් එක් කඩඉහක් ලෙස අන්තර්ජාලය සඳහන් කළ හැකිය. 1950 දී අන්තර්ජාල ක්‍රමය ඇරඹිණි. අන්තර්ජාල ක්‍රමය පරිගණකය ආශ්රයෙන් සිදුවන තොරතුරු හුවමාරු ක්රමවේදයකි. 1969 දී ඇමරිකාව තුළ කි‍්‍රයාත්මක වූ මෙම ජාලාක්රමය ආපානෙට් නම් විය. 70 දශකයේදී මෙම තාක්ෂණය තව තවත් දියුණු වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස පරිගණක ජාල කරණයට ලක් විය.
තාක්ෂණයේ ඉදිරි පිම්මක් වන පරිගණකයද බහුවිධ ජනමාධ්‍යයකි. මෙමඟින් පණිවිඩ ලබාගැනීම හා යැවීම, පින්තූර ලබාගැනීම, රූපවාහිනිය නැරඹීම, ගිත ඇසීම වැනි කාර්යයන් සිදු කරගත හැකිය. වර්තමානය වන විට මෙය ලැප්ටොප් පරිගණකය හා ටැබ් දක්වා දියුණු වී ඇත. පරිගණකයෙහි ජාල වෙබ් අඩවි රැුසක් තිබෙන අතර නිදසුන් ලෙස සමාජජාලා වෙබ් අඩවි, සෙවුම් වෙම් අඩවි හා බ්ලොග් අඩවි සඳහන් කළ හැකිය. ඒ හරහා වෙනත් රටවල මෙන්ම දේශීය විසිරිලා සිටින පුද්ගලයන් සමඟ මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවස්ථාව ජනතාව හට හිමිවී ඇත. තමන්ට අවශ්‍ය කරන තොරතුරු ලබාගැනීමට සෙවුම් වෙබ් අඩවි හරහා හැකි අතර තම නිර්මාණ යවා ඔවුන් සමඟ හුවමාරු කර ගැනීමට බ්ලොග් අඩවි හරහා හැකියාව පවතී. වර්තමානය වන විට මේ අංග සියල්ලම ජනතාව හට අත්‍යවශ්‍යම අංග බවට පත් වී හමාරය. තාක්ෂණික සොයා ගැනීමක් නොමැතිනම් ජනමාධ්‍යය මෙලෙස බිහිවන්නේද නැත. තාක්ෂණය සහ ජනමාධ්‍ය අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවයකි. මේ ආකාර වූ පරිගණක මෘදුකාංග තාක්ෂණය පරිගණකයේ ද ඉදිරි පිම්මක් ලෙස සඳහන් කළ හැකිය.
පරිගණකය මඟින් ජනමාධ්‍ය ක්ෂේත්රය තව තවත් පුළුල් කිරීමට සමත් විය. විශ්ව ගම්මාන සංකල්පයෙන් ඇරඹි එය විශ්ව පවුල දක්වා පැමිණි අතර වර්තමානය වනවිට විශ්ව පුද්ගලයා බවට පත්වී හමාරය. මේ සියල්ල සිදුවූයේ තාක්ෂණයේ නිම්වළලූ පුළුල් විමත් සමඟ ය. එලෙසම මෙකී ජනමාධ්‍යයන්ගේ දියුණුව සඳහා බෙහෙවින් බලපෑ සාධකයක් ලෙස නැවත නැවතත් විද්‍යුතය සොයා ගැනීම සඳහන් කළ යුතුය. මන්ද මෙකී ජනමාධ්‍යන් සියල්ලක්ම පාහේ පවතින්නේ විද්‍යුතයේ උපකාරය නිසාවෙනි. විද්‍යුතය සොයා නොගත්තේනම් මෙකී ජනමාධ්‍යන් ලොව පුරා ස්ථාපිත නොවන්නට ඉඩ තිබුණි.
සැබවින්ම ජනමාධ්‍යය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් මතය. තාක්ෂණය නොමැති නම් ජනමාධයක් ද නොමැත. එබැවින් තාක්ෂණය හා ජනමාධ්‍යය අතර පවතිනුයේ අවියෝජනීය සබඳතාවයකි. මෙකී තාක්ෂණයේ දියුණුවත් සමග ජනමාධ්‍යය ද සුවිශාල දියුණුවකට පත්වී තිබීම දක්නට ලැබෙන කරුණකි. සැබැවින්ම ජනමාධ්‍ය කි‍්‍රයාත්මක වන්නේ තාක්ෂණයේ පිහිට පදනම් කර ගෙනය.
ආශ්රිත ග්රන්ථ
මහේන්ද්‍ර සුනන්ද (1987) ජනමාධ්‍යයේ නැගීම, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
වීරසූරිය මෙත්ලාල් (1999) මුළු ලොව එක්කළ තොරතුරු සක්වළ, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
හපුආරච්චි අජන්තා (1998) සුපිරි සන්නිවේදන මාවත, එස් ඇන්ඩ්.එස්. පි‍්‍රන්ට්ස්, දෙමටගොඩ
වලේබොඩ කමල් (2010) ගුවන්විදුලි මාධ්‍ය සම්භවය හා විකාශනය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
ආශ්රිත ග්රන්ථ
මහේන්ද්‍ර සුනන්ද (1987) ජනමාධ්‍යයේ නැගීම, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
වීරසූරිය මෙත්ලාල් (1999) මුළු ලොව එක්කළ තොරතුරු සක්වළ, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
හපුආරච්චි අජන්තා (1998) සුපිරි සන්නිවේදන මාවත, එස් ඇන්ඩ්.එස්. පි‍්‍රන්ට්ස්, දෙමටගොඩ
වලේබොඩ කමල් (2010) ගුවන්විදුලි මාධ්‍ය සම්භවය හා විකාශනය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
wadagath lipiyak
ReplyDeleteස්තූතියි ගංගා.
DeleteVery significant article.
ReplyDeleteThank you dr.
Deletemeka vatinawa masscom karana hemotama
ReplyDeletemeka vatinawa masscom karana hemotama
ReplyDeleteOw dr.
ReplyDeleteOw dr.
ReplyDeleteGodak watina article ekak gayani..oyata hodata article liyanna puluwan..keep it well..good luck.. :-)
ReplyDeleteKotaram thakshanaya diyunu unat puwatpatata tibu thena neti une ne. Eka adatat pradhana sanniwedana madyak.
ReplyDelete