අපේ ජීවිතයේ හැමදාමත් මතක තියා ගන්න ඕනේ අපි ළඟින් හිටිය වචනයකින් හරි අපිට
උදව් කළ අයව. මොකද සමහරුන් ඉන්නවා මුහුණට මුහුණ හමු වුණත් නොහඳුනන අය වගේ
අහක බලාගෙන දැක්කත් නොදැක්ක විදිහට හිනාවත් නොවී යන අය. එයාලගේ හිනාව
පිරිසකට පමණක් සීමාවෙලා. වෙලාවකට හිතෙනවා මිනිස්සු මෙච්චර නිවට ඇයි කියලා.
ඇත්තටම හිතාගන්න බෑ මිනිස්සු ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. ඔවුන්ට වරදක්
කරලා නැතුවත් ඇයි මෙහෙම කියලා වෙලාවකට හිතෙනවා. (මිනිස්සු විවිධාකාරයි. ඒ අයගේ
දැක්ම අපිට වෙනස් කරන්න බෑ. එයාලා වෙනස් වුණොත් මිසක්. ඒ අයගේ ඒ හැසිරීම ගැන
කිසිම දුකක් නෑ. පුදුමයක් තියෙන්නේ. ) මුල් කාලයේ ඉඳන් අද වෙනකන් අපිත් එක්ක හිටිය
අය තාමත් ඉන්නවා. අලූතෙන් ජීවිතයට හමුවෙන අය නිසා කවදාවත් එයාලව අමතක
කරන්න හොඳ නෑ. අලූතෙන් මුණගැහුණ අය වගේම ඉස්සර ඉඳන්ම අපිත් එක්ක හිටිය අය
යන දෙපිරිසම එක්ක හොඳින් ඉන්න ඕනේ. මොකද ඒ අය අපේ ජීවිතයට ගොඩාක් වැදගත්
නිසා. මුහුණට මුහුණ දැක්කත් නොදැක්ක වගේ යන අයට වඩා අපේ ජීවිතයේ අපිට
පන්නරයක් වුණ අය හැමදාමත් වටිනවා. ඒ අය අපේ හදවත්වල හැමදාමත්ම ජීවත්
වේවි...........
hmmm aththa....hoda yaluwo hamadama innawa
ReplyDeleteඔව් හර්ෂනී ඒ කතාව අැත්ත.
ReplyDeletenice
ReplyDeleteThank you dr.
ReplyDeleteකෘතගුණ සිහියේ තබා ගැනීම වටිනවා...
ReplyDeleteකෘතගුණ සිහියේ තබා ගැනීම වටිනවා...
ReplyDeleteeka aththa
Deleteow
Deletehamoma minissu eka wage naa..samajaya wishamakarai
ReplyDeleteඔව් ඒ කතාව හරි.ඒ නිසා අපි හැමදාමත් අපි ලග හිටිය හැමෝම මතකයේ තියා ගන්න ඕනේ..
Deleteඔව් ඒ කතාව හරි.ඒ නිසා අපි හැමදාමත් අපි ලග හිටිය හැමෝම මතකයේ තියා ගන්න ඕනේ..
Delete