Monday, August 29, 2016
Sunday, August 28, 2016
එදා මෙදාතුර හදවතෙහි රැඳි ගී
අම්මාවරුනේ
අම්මාවරුනේ.....
අම්මාවරුනේ.....
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා.....
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ......
අම්මාවරුනේ.......
සෙනෙහස වැඩි දා
සිතද බොළවේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ.......
අම්මාවරුනේ........
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා.......
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරුනේ.......
අම්මාවරුනේ......
ගායනය - නන්දා මාලනී
බෝ මළුවේ මල් සුවඳක පැටලී
බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්
එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා
ගායනය - සනත් නන්දසිරි
දෙවනි බුදුන් ලෙස
දෙවනි බුදුන් ලෙස ලාවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවක උතුම් ලද
අම්මා...... අම්මා...... අම්මා......
දෙසවන් සනසා මා නැළවු ඔබ
මියුරු මියැසියෙ අරුත කියා දුනි
ඒ මියසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත
අම්මා.....අම්මා.......අම්මා
ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒදිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත
අම්මා......අම්මා.......අම්මා
ගායනය - සුනිල් එදිරිසිංහ
කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ.....
ගායනය - නිහාල් නෙල්සන්
දුරස් වන්නට මේ ලෙසින්
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ.....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ......//
අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද.......//
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද.....
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ......//
අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද......//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද....
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ//
ගායනය - අාචාර්ය දයාරත්න රණතුංග
දුක හාදු දෙන රැයේ
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා
ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ
නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
ගායනය - ගුණදාස කපුගේ
සැඳෑ කලුවර කුර ගගා විත්
සැඳෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳල තනි වෙලා මා තනි වෙලා
වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා
ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තෙ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා
ගායනය - නන්දා මාලිනී
සඳ තරු නිහඬයි
සඳ තරු නිහඬයිගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කලා
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා
ගායනය - ඩබ්. ඩී. අමරදේව
මේ නගරය මා ඔබ
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - මර්වින් පෙරේරා
සද මා හා සිනාසුනා
සද මා හා සිනාසුනා
තරු මා හා සිනාසුනා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතාකලේ නෑ....
පුරා පෝය හද අහසට එන විට
මා එනවා බෝ මලුව දිහාවට
බෝ මලුවේ හිද පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට
සද මා හා සිනාසුනා..........
පුරා පෝය හද පායන විලසේ
ඔබ එනවා බෝ සමිදු පුදන්නට
නාදුනනා ලෙස ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට
සද මා හා සිනාසුනා.........
ගායනය - දයාරත්න රණතුංග
ගායනය - දයාරත්න රණතුංග
සුළඟ නුඹ වගෙයි
සුළඟ නුඹ වගෙයිසිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි
සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන්ගියා
පුදුමයක් නොවෙයි
සුළඟ නුඹ වගෙයි......
සිත තනි කළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොයසොය
රිදෙවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි
සුළඟ නුඹ වගෙයි.......
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පූජාසනයේ ඔබ හිඳුවා
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
ඉසුරින් කිත් යසසින් බබලන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ
පූජාසනයේ ඔබ හිඳුවා....
කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ
පූජාසනයේ ඔබ හිඳුවා....
ගායනය :නන්දා මාලනී
කෘතගුණ සැළකූ ශ්‍රේෂ්ට නිරිදුන්
මහා විජයබාහු (පළමුවන විජයබාහු රජු)
පළමුවන විජයබාහු රජු (මහා විජයබාහු, විජය බා) (ක්‍රි.ව. 1055 සිට 1110 ) දක්වා පොළොන්නරුව අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රාජ්‍ය ලේ උරුමය ඇතිව එතුමා උපන්නේ ය. එකල ශ්‍රී ලංකාවේ කොටසක් ආක්‍රමණික ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යයයන් විසින් පාලනය කරන ලදි. 1055 දි රුහුණ හෙවත් දක්කිණ දේශයේ පාලනය බාර ගත් එතුමා පසුව වසර 17 ක දිගු සටන් මෙහෙයුමකින් පසු 1070 දි චෝල ආක්‍රමණිකයන් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේන් එලවා දැමීමට සමත් විය. සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරිමට එමගින් එතුමාට හැකිවිය. එතුමාගේ පාලන කාලය තුළ බුද්ධ ධර්මය නැවත පිහිටුවිමටත් යුද්ධය නිසා විනාශ වු යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අළුත් වැඩියා කිරිමටත් කටයුතු කරන ලදි.විජයබාහු , කිත්ති , කීර්ති යන නාමයෙන් ක්‍රි.ව. 1039 දි දක්කිණ දේශයේ රුහුණු රාජධානියේ උපත ලැබීය. එතුමා රුහුණු පාලකයා වු මොග්ගල්ලාන රජු හා ලෝඛිතා බිසවගේ පුතණුවන්ය. එකල ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වුවත් රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් පාලනය ගෙන යන ලදි.
එතුමාට වයස 15 දි රුහුණේ රාජ්‍යයත්වයට පත්විමේ අරමුණ ඇතිව ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වු ලෝකිස්සර පරාජය කරන ලදි. පසුව ක්‍රි.ව. 1055 දි විජයබාහු නමින් රුහුණේ රාජ්‍යයත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර නිතර ප්‍රහාර එල්ල කලත් ඒවා මැඩපවත්වා, ක්‍රි.ව. 1058 දී රුහුණ සම්පුර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කරල සම්පුර්ණ රුහුණු පාලනය එතුමාගේ යටතට ගැනිමට සමත් විය.
රුහුණ ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමෙන් අනතුරුව එකල අගනගරය වූ පොළොන්නරුව ආක්‍රමණය කිරීමේ පිපාසාවෙන් මඩිනු ලැබූ හෙතෙම 1066 දී පොළොන්නරුව වෙත තම මංගල ප්‍රහාරය මෙහෙයවා ලදි. මද කලෙකට එය තම ග්‍රහණයට නතු කරගත්තේ ය. එනමුදු දකුණු ඉන්දීය ආධාරයෙන් බල ගැන්වුනු සොලී චෝල හමුදාවන් නැවතත් ප්‍රහාර එල්ල කළෙන් විජයබාහු තෙම නැවත පසු බැස්සේ ය. එසේ පසුබැස වාකිරිගල දී නැවත සංවිධානය වුනු විජයබාහු පොළොන්නරුව තම ග්‍රහණයට ගැනීමේ නැවුම් වෑයමක් දියත් කළේ ය. එවිට පාලන බලය සඳහා සටන් වැදි වෙනත් පාර්ශවයන් විසින් දියත් කළ කැරළි සඳහා ද මුහුන දීමට ද සිදුවිය. ඒවා ද විජයග්‍රහණය කළ විජයබාහු ස්වකීය හමුදාවන් පොළොන්නරුව නැවත ගැනීමේ අදිටනින් යුතුව මෙහෙය වුවද සොලීන් අතික්‍රමණය කිරීමට නොපොහොසත් වූයේ ය.
පළමුවන විජයබාහු රජු (මහා විජයබාහු, විජය බා) (ක්‍රි.ව. 1055 සිට 1110 ) දක්වා පොළොන්නරුව අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රාජ්‍ය ලේ උරුමය ඇතිව එතුමා උපන්නේ ය. එකල ශ්‍රී ලංකාවේ කොටසක් ආක්‍රමණික ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යයයන් විසින් පාලනය කරන ලදි. 1055 දි රුහුණ හෙවත් දක්කිණ දේශයේ පාලනය බාර ගත් එතුමා පසුව වසර 17 ක දිගු සටන් මෙහෙයුමකින් පසු 1070 දි චෝල ආක්‍රමණිකයන් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේන් එලවා දැමීමට සමත් විය. සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරිමට එමගින් එතුමාට හැකිවිය. එතුමාගේ පාලන කාලය තුළ බුද්ධ ධර්මය නැවත පිහිටුවිමටත් යුද්ධය නිසා විනාශ වු යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අළුත් වැඩියා කිරිමටත් කටයුතු කරන ලදි.විජයබාහු , කිත්ති , කීර්ති යන නාමයෙන් ක්‍රි.ව. 1039 දි දක්කිණ දේශයේ රුහුණු රාජධානියේ උපත ලැබීය. එතුමා රුහුණු පාලකයා වු මොග්ගල්ලාන රජු හා ලෝඛිතා බිසවගේ පුතණුවන්ය. එකල ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වුවත් රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් පාලනය ගෙන යන ලදි.
එතුමාට වයස 15 දි රුහුණේ රාජ්‍යයත්වයට පත්විමේ අරමුණ ඇතිව ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වු ලෝකිස්සර පරාජය කරන ලදි. පසුව ක්‍රි.ව. 1055 දි විජයබාහු නමින් රුහුණේ රාජ්‍යයත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර නිතර ප්‍රහාර එල්ල කලත් ඒවා මැඩපවත්වා, ක්‍රි.ව. 1058 දී රුහුණ සම්පුර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කරල සම්පුර්ණ රුහුණු පාලනය එතුමාගේ යටතට ගැනිමට සමත් විය.
රුහුණ ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමෙන් අනතුරුව එකල අගනගරය වූ පොළොන්නරුව ආක්‍රමණය කිරීමේ පිපාසාවෙන් මඩිනු ලැබූ හෙතෙම 1066 දී පොළොන්නරුව වෙත තම මංගල ප්‍රහාරය මෙහෙයවා ලදි. මද කලෙකට එය තම ග්‍රහණයට නතු කරගත්තේ ය. එනමුදු දකුණු ඉන්දීය ආධාරයෙන් බල ගැන්වුනු සොලී චෝල හමුදාවන් නැවතත් ප්‍රහාර එල්ල කළෙන් විජයබාහු තෙම නැවත පසු බැස්සේ ය. එසේ පසුබැස වාකිරිගල දී නැවත සංවිධානය වුනු විජයබාහු පොළොන්නරුව තම ග්‍රහණයට ගැනීමේ නැවුම් වෑයමක් දියත් කළේ ය. එවිට පාලන බලය සඳහා සටන් වැදි වෙනත් පාර්ශවයන් විසින් දියත් කළ කැරළි සඳහා ද මුහුන දීමට ද සිදුවිය. ඒවා ද විජයග්‍රහණය කළ විජයබාහු ස්වකීය හමුදාවන් පොළොන්නරුව නැවත ගැනීමේ අදිටනින් යුතුව මෙහෙය වුවද සොලීන් අතික්‍රමණය කිරීමට නොපොහොසත් වූයේ ය.
සියලු බාධක බිද දමමින වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේ දී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
පනාකඩුව තඹ සන්නස
පළමු වැනි විජයබාහු රජතුමාට අයත් මෙම තඹ සන්නස ප්‍රමාණයෙන් දිගින් අඩි එකයි අගල් දෙකහමාරකි. එහි පළල අගල් තුනක් පමණ වේ. මෙහි සාමාන්‍ය ඝනකම අගලින් අටෙන් එකකිග සන්නසේ බර රාත්තල් දෙකක් සහ අවුන්ස දෙකහමාරකිග සන්නසේ එක් පත් ඉරුවක පේලිි හත බැගින් ලියූ අකුරු පේලි 28 කින් යුක්‌තය. පේලිි අතර පරතරය සෙන්ටිමීටර් 0.02 කින් යුක්‌ත වේ. අකුරක ප්‍රමාණය ගත්විට උස සෙන්ටි මීටර් 1.2 ක් හා පළල සෙන්ටිමීටර් 0.9 ක් පමණ වේ. අකුරු උල් රවුම් හැඩයක් ගන්නා ආකාරය දැකගත හැකිය. පනාකඩුව තඹ සන්නස තඹ පතක සටහන් කිරීමට මූලික හේතුව වශයෙන් හදුනාගත හැක්‌කේ එය සුරක්‌ෂිතව දිගුකාලයක් තබා ගැනීම සදහා ය.
පනාකඩුව තඹ සන්නස තුළින් පළමුවන විජයබාහු රජතුමා විසින් තම බාල කාලය පිළිබද කතා පුවත හැඟීම්බරව කිසිවක් නොසගවා නිහතමානීව ප්‍රකාශකර ඇත. සොළින්ගේ ආධිපත්‍යට යටත්ව තිබූ කාලයේ තමා පමණක් නොව පියාණන් වූ මුගලන් ඇතුළු සියලු ඥාතීන් මහත් ඕනෑකමින් ආරක්‌ෂා කළ නිසා ඒ උදවුවලට කෘතගුණ සැලකීමක් ලෙස බුද්ධරාජ හෙවත් රුහුණු ප්‍රදේශයේ සිවිල් හා යුද කටයුතු භාර ප්‍රධාන නිලධාරියා වූ සිත්නරු නම් බූදල්නාවන්නාට පවරාදුන් ත්‍යාග හා වරප්‍රසාද ගැන මෙහි සදහන් වේ.
මෙහි සදහන් කරුණු අතිශයෝක්‌තියෙන් තොරව අව්‍යාජව ඉදිරිපත් කර තිබේ. මෙකල සොළීන්ගෙන් එල්ල වූ පීඩාවන් හේතුවෙන් රාජ්‍යය අහිමි වූ බැවින් කදුකරයේ වන දුර්ග ප්‍රදේශවල ආරක්‌ෂාවට සැගවී ඇත. එහිදී රජුගේ සෙන්පතියෙකු වූ සිත්නරු නම් බූදල්නාවන්නා නම් රුහුණු දණ්‌ඩ නායකයා සිය පිරිවර සමග පැමිණ මුගලන් මහ රජු ඇතුළු මුළු රජ පවුලම රැකගත් බව එහි සදහන් වේ. එසේම ඔවුන් කුඩා කාලයේ හොදින් ඇති දැඩි කළ බවත් ඔහු ඔවුන්ව පෝෂණය කළ බවත් සතුරන්ගෙන් ආරක්‌ෂා කළ බවත් එහි දක්‌වා තිබේ. එසේම සෑම තැනකම සතුරා සමග සටන් කර පසුව රෝහණය පක්‌ෂපාතී කර කදුකරයෙන් ගරුබුහුමන්ව ගෙන්වා නැවත රාජ්‍ය ලබාදුන් බව විජයබාහු රජු එම සන්නසේ සදහන් කර ඇත. (රුහුනේසිටි බල සමිපන්න ජන ප්‍රධානියෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් චෝල ආක්‍රමනික රජ උරුමක්කාරයින් සමූල ඝාතනය කරද්දී පනරැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු රජ පවුල රෝහනයට පැමිනෙයි. කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය. රහසේ රුහුනු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි.)
ඉහත සිදුවීම් විමසා බැලීමේදී විජයබාහු රජුගේ පියා මුගලන් බවත් විජයබාහු රජු රාජකීය උත්පත්තියක් ඇති අයෙකු බව ,ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබහට අග මෙහෙසුන් වූ, යනුවෙන් දක්‌වා තිබීමෙන් පැහැදිලි වේ. එසේම චෝල ආක්‍රමණයක් මේ කාලයේ සිදුවී ඇති බවත් ඔවුන් අනුරාධපුර රාජධානිය ක්‍රමානුකූලව විනාශකළ බවත් මෙයින් හදුනාගත හැකිය. චෝල අධිරාජ්‍යයේ සිරකරුවකු වූ පස්‌වන මිහිඳුගේ මුණුබුරෙකු ලෙස මොග්ගල්ලාන (මුගලන්) හදුනාගත හැක.
පනාකඩුව තඹ සන්නසින් බූදල්නාවන්නාගේ පරම්පරාවට දෙන ලද රාජ වරප්‍රසාද ලෙස එතුමාගේ පරම්පරාවෙන් පැවත එන්නන්ගෙන් දඩ අය නොකිරීම, ඔවුන් සිරගත නොකිරීම, ඔවුන් සතු කිසිදු දේපළක් රාජසන්තක නොකිරීමත් ඔවුන් ඉතා බලවත් අපරාධයක් කළ ද තෙවරක් ඔවුන්ට සමාව ලබාදිය යුතු බවත් එහි සදහන් වේ. තවද රාජ අපරාධයකදී වුවද ඔවුන්ට සමාව දිය යුතු බවද සන්නස මගින් ව්‍යවස්‌ථාපිත කොට ඇත.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
https://si.wikipedia.org/wiki/
https://si.wikipedia.org/wiki/
http://historyofsrilankan.blogspot.com/
සාලිය අශෝකමාලා පෙම් පුවත හා සබැඳි ජනප්‍රවාද
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ ප්‍රේම කතාවක් වන සාලිය අශෝකමාලා පුරාවෘත්තය තන්තිරිමලය හා සමඟ බැඳී පවතී. ශ්‍රි ලංකාවේ පෞරාණික, බලැති රජ කෙනෙක් වන දුටුගැමුණු රජුගේ එකම පුත්‍රයා සාලිය කුමාරයායි. ඒ අනුව රටේ කිරුළ හිමි කුමාරයා සාලිය කුමරු විය. වරක් අශෝක නැමති ගසකින් මල් නෙලන සුරූපි තරුණියක් ඔහුගේ නෙත ගැටුණි. ඇය හා සමඟ එසැණින් ඔහු ආදරයෙන් වෙලුණි. පසුව ඇය චණ්ඩාල කුලයට අයිති කුලයෙන් පහත් කෙනෙක් බව කුමරු දැන ගන්නා ලදි. එකල කුලය මෙවැනි සම්බන්ධතා වලට තදින්ම බලපාන කරුණක් වන අතර බොහෝ දුරට දෙදෙනාට ම මරණ දඬුවම හිමි විය හැකි විය.
නමුත් මේ වන විට හදට හද එකතු වී ඇති අතර නීතිය කුමක් වේවිද යන්න දැන සිටියේ නැත. ඔවුන් එකිනෙකා ඉතා ළගින් බැඳුණු අතර කුලය නැමති පටු අදහස ඔවුන්ගේ ආදරයට එබිකම් කරන්නට දුන්නේ නැත. මෙම රහසිගත ආදර කතාව සැනින් පැතුරුණු අතර රජුගේ ද කණ වැකුණි. රජතුමා අධික කෝපයෙන් යුතුව සැණින් කුමාරයා පිටුවහල් කරන ලදි. මෙම ඔටුණු හිමි කුමාරයාට ඔටුන්න ප්‍රසිද්ධිය හා සිය පවුල අහිමි විය. නමුත් ඔහු පොඩ්ඩක්වත් ඒ ගැන කනගාටු වූයේ නැත. මන්ද ඒ වන විට ඔහු අශෝකමාලා කුමරියගේ හද තුළ කිරුළ පළඳා තිබුණු බැවිනි. ඔවුන්ගේ ආදරයේ රාජධානිය ලෙස තෝරා ගත්තේ තන්තිරිමලය යි.
මහා වංශයේ සඳහන් වන පරිදි "දුටුගැමුණු රජුගේ රාජ්‍යයෙහි ජනයෝ පින ගිය සිත් ඇත්තෝ වූහ. ඒ රජ හට සහලි රාජකුමාරයයි විශ්‍රැත වු සිතෙක් විය. හෙ තෙමේ අතිශයින් පුණ්‍යවන්ත විය. සදාකලැ පුණ්‍යකර්ම කරණයේ ඇලුනෝ විය. හෙතෙම පුර්ව ජාතියෙහි සම්බන්ධ වු සැඩොල් කුල උපන් අශෝකමාලා නම් දේවීය ඉතා ලාවණ්‍ය රූ ඇති බැවින් අතිශයින්ම ඇය මත ප්‍රියකරන්නේ රාජ්‍යය නොපැතුවේය.” (පරිච්ඡේද - 33)
එක සමයක මහරජ මේ ප්‍රදේශය නැරඹීමට ගිය විට අශෝකමාලා විසින් පිසින ලද ඉතා රසවත්ල ඹෞෂධීය ආහාරයක් වන "රත්තම්පලා” පිඟානක් යවන ලද අතර ඒවා කොහෙන් ලද්දේදැයි විමසීමට පෙළඹුණි. එහිදී සේවකයා පැවසූවේ, මහරජ අශෝකමාල ගෙන ආ බවයි. එවිට රජතුමා තරහින් වියරුවැටීල අතේ තිබුණු රත්තම්පලා පිඟාන බිත්තියට තදින් වදින ලෙස විසි කරන ලදි.
කාලය ටිකෙන් ටික ගෙවී ගිය අතර අනුරාධපුරයේ රජු විසින් ගොඩනැගූ ගොඩනැගිලි වල ගල් මෙන් රජුගේ ගල් වැනි හිත ඔහුගේ පුත් කෙරේ කවදාවත්ම මොළොක් වූයේ නැත. වරක් කුඩා විසප්පු ගෙඩියක් නිසා රජුගේ කකුලේ තුවාලයක් හට ගත්හ. ඒක ඉතා වේදනාකාරී වු අතර රාජකීය වෙදවරුන් කැඳවන ලදි. ඔවුන් ඔවුන්ට හැකි අයුරින් වෙඳකම් කළ නමුත් තුවාලය එන්න එන්නම නරක් අතට හැරෙන්නට විය. අවසාන බෙහෙත් වට්ටෝරුවට "රත්තම්පලා” අවශ්‍ය වුණ නමුත් එය කොහෙන්වත් සොයා ගැනීමට නොහැකි විය. එක්දිනක් රජතුමා බිත්තියට ගසා දැමු පිඟානේ තිබු රත්තම්පලා ඇලී වේලී තිබු අයුරු මතක් වුණ සේවකයා හැකි ඉක්මනින් ඒවා සූරාගෙන එන ලෙස දන්වමින් රාජ්‍ය ආරක්‍ෂකයින් පිටත් කර යවන ලදිග. බෙහෙත් ඉක්මනින් සොයාගත් අතර තුවාලය ද ඉක්මනින් සුව විය. පසුව රජු රත්තම්පලා කොහෙන් සොයාගත්තේදැයි විමසන්නට විය. එවිට සේවකයා බියෙන් යුතුව ඒ සම්බන්ධව සියළුම කතාව කියු අතර රජතුමා අශෝකමාලා ගැන මහත්සේ කනගාටු විය. එසැන්නිම එම දෙපල රජමාළිගයට කැඳවන ලද අතර දෙදෙනා සඳහා රාජ මංගල්ල්‍යයක් සැලසුම් කළේ ය. රජතුමා මේ සුන්දර තරුණිය දැක අතිශයින් ප්‍රීතියට පත් වු අතර සමාව ද දුන්හ.
නමුත් ඔවුන් තවමත් නගරයේ චණ්ඩාල කුලයේ වන නිසා ඔවුන් ජිවත් විය යුතුව ඇත්තේ තන්තිරිමලය සහ මහවිලච්චිය ප්‍රදේශයේ යි. රජතුමා අශෝකමාලා කුමරියට "තන්තිරියා” නමින් හඳුන්වන ලබන සමනළ හැඩයට පබළු වලින් සාදන ලද රත්තරං මාලයක් තෑගි කරන ලදි. පසුව අශෝකමාලා කුමරිය විසින් එම මාලය ගලක නිධන් කරන අතර එම ස්ථානය "තන්තිරිමලය” ලෙස හඳුන්වන ලදි.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
http://www.tantirimale.com/
Saturday, August 27, 2016
දුක් කම්කටොලු මැදින් පැමිණි ලොව ශ්‍රේෂ්ට ජනපති
අැමරිකානු ජනපති ඒ්බ්‍රහම් ලින්කන්
ඒබ‍්‍රහම් ලින්කන් උපන්නේ 1809 පෙබරවාරි 12 දින ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප‍්‍රදේශයේදීය. ඔහුගේ පියා තෝමස් ලින්කන් නම් වූ අතර ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු සහ ගොවියෙතු විය. මව නැන්සි හැන්ක්ස් නම් වූවාය. ඒබ‍්‍රහම්ට සාරා නමින් වැඩිමහල් සොයුරියක් ද තෝමස් නමින් බාල සොයුරෙක් ද වූහ. සොයුරා ළදරු වියේදීම මිය ගියේය. ගොවියෙකු වූ පියා සමග ඉතා කුඩා වියේ සිටම ඒබ‍්‍රහම් ගොවිපළට ගියේය. තිරිඟු වගාව සහ වට්ටක්කා වැවීම සඳහා ඔහු පියාට උදව් කළ අතර විශාල ගංවතුරක් නිසා එය විනාශ විය. කුඩා ඒබ‍්‍රහම් ඇතුළු ලින්කන් පවුල වාසය කළ නිවස සාදා තිබුණේ ලී කොට වලිනි. කුඩා ලී නිවස තුළ ඒබ‍්‍රහම් හා සාරා ප‍්‍රීතියෙන් විසූහ. නිවස අසල තිබූ ගස් , වැල්, කඳු, හෙල්, නිම්න, ඇළ දොළ ආදී ස්වභාවික දසුන් වලින් ඔවුන්ගේ සිත්වලට සතුටක් ගෙන ආවේය. කී‍්‍රඩා කිරීමට අපූරු ස්ථාන ද සුවඳ බැලීමට සුවඳැති මල් වර්ග ද බීමට සහ නෑමට පිරිසිදු සීතල ජලය ද කෑමට පලතුරු ද ඔවුන්ට සුලබ විය. ඔවුන් ගේ මව අකුරු ලිවීමට නොදැන සිටි නමුත් අකුරු කියවීමට දැනගෙන සිටියා ය. පියාට හැකි වූයේ නම ලිවීමට පමණි. විවේක සහිත සැන්දෑවල දී මව කුඩා ඒබ‍්‍රහම්ට සහ සාරාට බයිබලයේ කතා සහ වෙනත් කතා කියා දුන්නාය. ඒවාට ඉතා ආසාවෙන් සවන් දුන් ඒබ‍්‍රහම් ඒ පිළිබඳ වැඩිදුර විස්තර මවගෙන් ඇසුවේය.
වයස අවුරුදු හතේ දී ඒබ‍්‍රහම්ට පාසල් යාමට ලැබුණි. නමුත් ඔහුට දිගටම පාසල් අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ නැත. ඒබ‍්‍රහම්ට අවුරුදු 7 දී ලින්කන් පවුල කෙන්ටකි අතහැර ඉන්දියානා ප‍්‍රදේශයේ පදිංචියට ගියහ. එය වලසුන් ඇතුළු වන සතුන් බහුල ප‍්‍රදේශයක් විය. එහි පදිංචි වී සිටිය දී ඔවුන්ගේ ගව පට්ටියේ සිටි එළදෙනක විෂ සහිත තණකොළ වර්ගයක් කා ලබා දුන් එළකිරි බී මව රෝගාතුර වී මිය ගියාය. ඒ වන විට ඒබ‍්‍රහම්ට වයස අවුරුදු නවයකි. ඊළඟ සීත ඍතුව මවගේ උණුසුමෙන් තොරව ගත කරන්නට ඔහුට සිදු විය. ඊළඟ සීත ඍතුව වන විට පියා ඒබ‍්‍රහම්ට කුඩම්මා කෙනෙකු ගෙන ආවේය. නමුත් ඇය නපුරු කුඩම්මා කෙනෙකු නොවූ අතර ඇය කුඩා ඒබ‍්‍රහම්ට සහ සාරාට සැළකුවේ ඇයගේම දරුවන්ට මෙනි. කුඩම්මා ඒබ‍්‍රහම්ව පොත් කියවීම කෙරෙහි යොමු කළාය. ඔහු ඊසොප් ගේ උපමා කතා පොත ද රොබින්සන් කෲසෝ ද කියවන්නට වූ අතර ඇමරිකාවේ පළමු ජනපති ජෝර්ජ් වොෂිංටන් ගේ ජීවිත කතාව ද කියවූයේ ය. වොෂිංටන් ජනපතිගේ ජීවිත කතාව කියවීමෙන් ඒබ‍්‍රහම් ගේ සිත තුළ බොහෝ ශ්‍රේෂ්ඨ අදහස් පහළ විය. ඇතැම් දිනවල ඔහු පොත් සොයා සැතපුම් ගණන් දුර පයින් ඇවිද ගියේය.
ඒබ‍්‍රහම්ට වයස අවුරුදු 21 දී ලින්කන් පවුල ඉලිනොයිස් හි පදිංචියට ගියහ. ඒ වන විට ඒබ‍්‍රහම් අඩි 6 යි අඟල් 4 ක් උස දැවැන්තයෙක් බවට පත් වී සිටියේ ය. එහි දී ටික කලක් ගොවියෙකු ලෙස වැඩ කළ ඒබ‍්‍රහම් ඉන් පසු විවිධ රැකියාවල නිරත වන්නට විය. බෝට්ටු පදවන්නෙකු ලෙස ගබඩා පාලකයෙකු ලෙස තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙස සහ මිනින්දෝරුවෙකු ලෙස ද ඔහු සේවය කළේ ය. පසුව ඔහුට නීතිය හැදෑරීමට ආසාවක් ඇති විය. තනිවම ගණිතය සහ ව්‍යාකරණ හැදෑරූ ඔහු ඉන් පසු නීතිය ද හැදෑරුවේ ය. ඉන් පසු ඔහු නීති විභාගය සමත් වී නීතිඥයකු ලෙස දිව්රුම් දුන්නේ ය. පසුව ඇමරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුවේ කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයෙකු ලෙස තේරී පත් විය. පසුව ඇමරිකා එකසත් ජනපදයේ 16 වන ජනපතිවරයා බවට ද පත්වීමට ඔහු සමත් විය. ඔහුගේ අවංක නායකත්වය නිසා ඔහු ඇමරිකාව තුළ පමණක් නොව මුළු ලෝකය පුරා කීර්තියට පත් විය.
වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සශෝධනයක් එක් කරමින් වහල් භාවය ඇමරිකාවෙන් තුරන් කිරීමට කටයුතු කළේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය.
ලෝක ඉතිහාසය පුරාම මිනිස් අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක් ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි නොවේ. තෝමස් ලින්කන් නම් වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස 1809 පෙබරවාරි 09 වැනිදා කෙන්ට්‌හිදී උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් දක්‌ෂ කථිකයෙක් විය. තුරුණු වියට එළැඹෙද්දී සමාජ අත්දැකීම් අතරින් ඔහු අලුත් මාවතක් සෙව්වේ ය. රටක නිදහස් මිනිසුන් හරි අඩකුත්, වහල් මිනිසුන් හරි අඩකුත් සිටින්නේ කෙසේදැයි ඔහු තම සිතින් නිතරම ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස් මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි. 1861 මාර්තු 04 වන දින ඒබ්‍රහම් ලින්කන් අන් අයට සවන් දුන් මිනිසෙකි. මේ පුංචි සිදුවීම ඔහුගේ නිරහංකාරකම විදහා දක්‌වන්නකි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරණයට මුහුණ දෙමින් සිටි අවධියේ දිනෙක ඔහුගේ නමට ආ ලිපි අතර කුඩා දැරියකගේ ලිපියක් තිබිණි. ඒබ්‍රහම් ලින්කන් ඒ ලිපිය දෙතුන් වරක් කියෙව්වේ ය.
වෙස්‌ට් පීල්ඩ් ඉල්,
නිව්යෝර්ක්.
1860 ඔක්‌තෝබර් 15.
ගරු ඒ. ලින්කන් ප්‍රිය මහත්මයාණනි,
ඔබ ඇමරිකාවේ ජනාධිපති වනවාට කැමැති අය අතර මමත් ඉන්නවා. හැබැයි මම තාමත් අවුරුදු 11 ක පුංචි ගැහැනු ළමයෙක්. මම ඔබට කැමැතියි. මං මේ විදිහට ලියනවට ඔබ මාත් එක්‌ක තරහා වෙන්න එපා. මම ඔබේ එක අඩුපාඩුවක් දැක්‌කා. ඔබේ මුහුණ හැකිලිලා. හකු ඇතුළට ගිලිලා. කිසිම ප්‍රාණවත් ගතියක් නැහැ. ජනාධිපති කෙනකුට හොඳ පෙනුමක් තියෙන්න ඕනෑ. මම ඔබට හොඳ උපදෙසක් දෙන්නම්. ඔබ රැවුල වවන්න. එතකොට මුහුණට අමුතුම පෙනුමක් ලැබෙනවා. හැම අඩුපාඩුවක්‌ම වැහිලා යනවා.
මගේ සහෝදරයෝ හතර දෙනෙක් ඉන්නවා. එයාලගෙන් දෙන්නෙක් ඔබ ජනාධිපති වෙනවට හුඟක් කැමැතියි. ඒත් අනෙක් දෙන්නා තවමත් ඒ ගැන තීරණයක් අරගෙන නැහැ. ඔබතුමා රැවුල වැව්වොත් මට පුළුවන් අනෙක් සහෝදරයෝ දෙන්නට කියන්න ඔබට ඡන්දය දෙන්න කියලා. මට කරන්න පුළුවන් ලොකුම දේ ඒකයි. ඔබට ජය.
මෙයට,
ග්‍රේස් බෙඩෙල්.
ග්‍රේස්‌ගේ ලිපිය දෙස බොහෝ වෙලාවක් ලින්කන් බලා සිටියේ ය. මේ මොහොතේ රැවුල වැව්වොත් එය ඡන්ද උපක්‍රමයක් ලෙස මිනිසුන් සිතයි ද? ඒත් ග්‍රේස්‌ගේ යෝජනාව ඉවත දැමිය නොහැකිය. ජනාධිපති අපේක්‍ෂකයෙක් අවුරුදු එකොළහක පුංචි දැරිවියක් කියන දේ විශ්වාස කළ යුතු ද? බොහෝ වේලාවක් කල්පනා කළ ලින්කන් ග්‍රේස්ට ලිපියක් ලීවේය. තමා ඇගේ අදහස අගය කරන බවත් රැවුල වැවීමට අදහස් කළ බවත් ලියන්නට ලින්කන් අමතක නොකළේය.ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ඒබ්‍රහම් ලින්කන් ජයග්‍රහණය කළේ ය. ලින්කන් ජනාධිපතිවරයාට ධවල මන්දිරය කරා යැමට විශේෂ දුම්රියක් පිළියෙල කෙරිණි. ධවල මන්දිරය කරා යන ජනාධිපතිවරයාට සුබ පතන්නට ජනතාව දුම්රිය මඟ දිගට පොරකමින් බලා සිටියහ. දුම්රිය වෙස්‌ට් පීල්ඩ් නගරයට ආසන්න වන විට ජනාධිපතිවරයාට යමක් සිහිපත් විය. ඔහු වෙස්‌ට් පීල්ඩ්වල දුම්රිය නතර කරන ලෙස දැනුම් දුන්නේ ය. ධවල මන්දිරයට යෑම පසෙක තබා ඒබ්‍රහම් ලින්කන් දුම්රියෙන් බිමට බැස්‌සේ ය. මිනිසුන් ජය ඝෝෂා කරන්නට ගත්හ.
"ග්‍රේස් බෙඩෙල් කියන පුංචි දැරිවි මෙතන ඉන්නව ද? එයා මට ලිපියක් එවලා තිබුණා. මං ආවේ එයාව මුණගැහිලා ටිකක් කතා කරලා යන්න. මේ සෙනග අතරේ එයා ඉන්නවා නම් මං ඒ පුංචි සුරංගනාවිය බලන්න ආශාවෙන් ඉන්නේ....... ඉදිරියට එන්න....."
ජනාධිපතිවරයා ඔල්වරසන් නඟන මිනිසුන් ඉදිරියට පැමිණ කීවේය. ඒ සෙනඟ අතරේ සිඟිති ග්‍රේස් සිටියා ය. අැගේ මව ග්‍රේස්‌ව ජනාධිපතිවරයා ඉදිරියට ගෙන ආවාය. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඇයව තම දෑතින් ඔසවා ගත්තේ ය. අගේ කම්මුල් දෙක කිහිපවරක්‌ම සිප ගත්තේ ය.
"ඔයා ද ග්‍රේස් බෙඩෙල්"
"හ්ම්"
ඔයා කිව්වනේ මම රැවුල වැව්වම ලස්‌සනයි කියලා. ඔන්න මං රැවුල වැව්වා. දැන් මම ලස්‌සනද? මේ විදිහට රැවුල වැව්නම හොඳ ද?" ඒබ්‍රහම් ලින්කන් පුංචි දැරියගෙන් ඇසුවේය.
"ඔයා දැන් ලස්‌සනයි. ඔයයි මගේ ජනාධිපති.' ග්‍රේස් කීවේය. ග්‍රේස්‌ව යළිත් වරක් සිපගත් ලින්කන් ධවල මන්දිරයට ගියේ ඇමරිකානු ජනාධිපති ලෙස දිව්රුම් දෙන්නට ය.
ග්‍රේස් බෙඩෙල් තමා වෙත එවූ ලිපිය රාමුකර නිවසේ එල්ලා තැබීමට ලින්කන් අමතක නොකළේ ය. එම ලිපිය කෞතුක වස්‌තුවක් සේ ඒබ්‍රහම් ලින්කන් නිවසේ සුරක්‌ෂිතව තබා ඇත.
ග්‍රේස් බෙඩෙල් වෙත ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් යවන ලද ලිපිය 1966 වන තුරුත් ග්‍රේස්‌ගේ මුණුබුරන් සතුව තිබිණි. පසු කලෙකදී ඔවුන් එම ලිපිය ඩොලර් 20000 කට වෙන්දේසියේ විකුණනු ලැබීය. ජනාධිපති ලින්කන් විසින් ග්‍රේස් වෙත එවන ලද ලිපිය ඩේවිඩ් වොල්පර් නම් සිහිවටන එකතු කරන්නෙකු සතුව පවතී.
මෙම ලිපිය ඒබ්රහම් ලින්කන් ජනාධිපති විසින් තම පුතා ප්‍රථම වරට පාසල් යන අවස්ථාවේ පාසලේ ප්‍රධාන ගුරුවරයාට ලියූ ලිපියකි. මෙය අධ්‍යාපනය තුළින් සත්‍ය වශයෙන්ම ලැබිය යුතු වටිනා කරුණු රාශියක් ඇතුලත් මේ ලිපිය සර්වකාලීන ලියවිල්ලක් ලෙස වර්තමානයේදීත් පිළිගනී. මෙය කියවිය යුතුම ලිපියකි.
"ඔබ මා පුතණුවන්ට ඉගැන්විය යුතු දෑ එමටය. මා දන්නා පමණින් ඉන් සමහරකි මේ.
මිනිසත් බව ලත් මුත් සියල්ලෝම සත් ගුණවත් නොවන බවත්, සත්දම් නොදන්නෝ බවත් මා පුතුට පහදා දෙන්න.
කපටින් සැමහට එරෙහිව නැගී සිටින වීරයන් ඇත. දෝත පුරා බැංකු තර කරන පාලක නිහීනයන්ට පාඩම් ඉගන්වීමට ඇප කැප වූ නායකයන්ද ඇති බව මා පුතනුවන්ට කියා දෙන්න.
සතුරුකම් කරන දුදනන් පරයා කලණ මිතුදම් රකින සුදනන් ඇති බව උගන්වන්න.
අහස් කුසේ නිදහසේ පියාසරකරන සියොතුන් හිරු කිරණින් ඔද වැඩුණු මී මැස්සන් නිල්වන් මිටියාවත බබලවන වනමල ආදිය නරඹමින් ඒ තුල සැගවුණ සදාකාලික අභිරහස් ඉගි මගින් ඉගෙන කුල්මත් වීමටද කාලය මිඩංගු කරන්න.
පාසල් විභාග වලින් අසමත් වීම වංචාවෙන් සමත් වීමට වඩා නම්බුකාර බවත් යුක්ති යුක්ත බවත් අගයන්න.
නිරවද්‍ය තම මතයට කොයි කවුරු අව කැපුවත් අදිටනෙන් එල්බ සිට නිවැරද්දම තහවුරු කිරීම පිණිස දිරි දෙන්න.
මෙත් කුළුණෙන්ද සැර වැරෙන්ද හික්මිය යුත්තන් සිටින බව පහදා දෙන්න.
අනුකරණය කොපමණ පලදායී වුවත් ආත්ම ශක්තියේ අගය අමිල බවත් උගන්වන්න.
අන් මනු වදන් මැන කිරා බලා සත් වදන් සමග උරගා බලා හොද නරක වෙන් වෙන්ව පෙරා හොද දේ පමණක් ඇගයීමට උගන්වන්න.
දුකේදී පවා සිනාසීමට උගන්වන්න හැකි නම් මැනවි.
වැඩි කල් ගතවුවත් තම වෑයමෙන් උපයා ගත් සොච්චම උරුම වූ දායාදයට වඩා නම්බුකාර බව හැකි නම් උගන්වන්න.
පරාජය පිළිගැනීම මෙන්ම ජය පැන් බීමටත් උගන්වන්න.
ඔබට හැකි නම් අව්‍යාජ සිනහවේ රහස උගන්වන්න.
අයුතු බලපාන තක්කඩියන් මැඩලීම වඩා පහසු බව ඉක්මනින් වටහා ගන්නට ඉඩ සලස්වන්න.
පොත පතෙහි සැගවුණ රමණීය සුන්දරත්වය උරා බොන හැටි හැකිනම් කියා දෙන්න.
කදුළක් හෙලීම ලැජ්ජාවක් නොවන බව පවසන්න.
සමච්චලය මායිම් නොකරන්නටත් චාටු පැසසුමෙන් නොරැවටෙන්නටත් දිරි දෙන්න.
ශ්‍රම ශක්තිය හා ඥානය වැඩි මිලට තක්සේරු වන මුත් ළබැදියාව සහ ආත්ම ගරුත්වය සැමදා අමිල බවත් ම පුතණුවන්ට පහදා දෙන්න.
බෙරිහන් දෙන සටන් පාඨවලට කන් නොදී හද තුළ කා වැදී ඇති සත්‍යන් වෙනුවෙන් සටන් වදින්නට ම පුතණුවන් හික්මවන්න.
ඔහුට කරුණාවෙන් සලකන්න. වැඩි ආදර සැලකුම් නොදක්වන්න. ඉස්තරම් වානේ පදම් වන්නේ ගිණියම් උදුණකිනිග ඉවසීමෙන් ඔහු නිර්භීත විය යුතුය.
සැමදා සිතතුල රැව් දෙන සත්ගුණ ඇදහීමෙන් පොදු මානව බැතිදම් ලියලන බව ඒත්තු ගන්වන්න.
මෙය ඉතා බැරෑරුම් අපේක්ෂාවකි. හැකි පමණින් ඉටු කරන්න. මගේ පුතා ඉතා විනීත දරුවෙකි."
මෙම ලිපියෙහි සඳහන් උපදෙස් වර්තමාන අධ්‍යාපන ක්‍රමයටත් බෙහෙවින් ගැළපේ. මෙවැනි ලිපියක් ලිවීම තුළින්ම ලින්කන් ජනපතිගේ ගෞරවනීය නිහතමානීත්වය පසක් ව්.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
Friday, August 26, 2016
කවියට මානව දයාව කැන්දූ කොළඹ යුගයේ කිවියර
විමලරත්න කුමාරගම
කොළඹ යුගයේ විසු සුප්‍රසිද්ධ කවියෙකු වු විමලරත්න කුමාරගම මහතා 1919 ජනවාරි මස 18 වන දා පාතදුම්බර නාරම්පනාවේ දී උපත ලැබීය. පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත් දෙනෙකුගෙන් යුක්ත පවුලක දෙවනියා විය.
ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර පාසැල් කාලයේ ද සිංහල කවිය පිළිබඳ උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේ ද නියැළුණි.
මුලික අධ්‍යාපනය නිම කල මෙතුමා මුලින්ම සේවය කළේ 1942 වසරේ අනුරාධපුර දිසාපති කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙසය.1942 වසරේදී ආදායම් පාලක තනතුරට උසස් වු මෙතුමා කලවාන, බිම්තැන්නල, කොළොන්න, වන්නි හත්පත්තුව හා සංගිලි පාලම වැනි ප්‍රදේශ වල සේවය කළේය. වෘත්තියට අමතරව කලාවට ද සම්බන්ධ වු මෙතුමා පාඨක හදවත් තුළ ඉක්මණින් ලැඟුම් ගත්තේ ය.
මෙතුමාගේ රචනාවල දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය වන්නේ වන්නිකරයේ ගැමි ජනතාවගේ දුක්බර ජීවිතය පිළිබඳව අත්දැකීම් තම නිර්මාණවලට උපයෝගි කර ගැනීමය. 'අයියනායක’ හා 'හේරත් හාමි’ මෙයට හොඳම නිදසුන්ය. මෙතුමාගේ නිර්මාණ පාඨක සහෘදයන්ගේ හදවත් තුළ ලැගුම් ගත්තා පමණක් නොව විචාරකයන්ගේ ප්‍රශංසාවට ද ලක් විය. මෙතුමා පුවත් පත් හා සඟරා වලටද පද්‍ය රචනා කළේය. කුමාරගම මහතා කෙටි කලක් අගනුවර තරුණ කවි සමාජයේ සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කෙළ්ය. ආණමඩුව, අනුරාධපුරය, බින්තැන්න, මහියංගන වැනි කර්කෂ ප‍්‍රදේශවල සේවය කිරීමට කුමාරගමයන් වඩා පි‍්‍රය කළේ ය. අහිංසක දුගී දුප්පත් වන්නියේ ජීවත්වූ ජනතාවට උපරිම වශයෙන් සේවය කිරීම ඔහුගේ එක ම අදිටන විය. ඔහු ජීවත්වූයේ, සේවය කළේ, කිහිරගුරක් වැනි රත්වුණු පරිසරයක ය. වන්නියෙන් තොර ජීවිතයක් ද ඔහුට නොවී ය. කවි සිතුවිලි ද ගොඩනැගුණේ මේ පරිසරය වටා ය. ඒ කවිවලින් වහනය වූයේ වන්නියේ අව්‍යාජ ගැමි සුවඳයි. මෙයට කදිම සාක්ෂියකි ඔහුගේ අපූරු කාව්‍ය සංකල්පනා. වන්නියේ මල්ල හරක් හොරා, අයියනායක, යම්තම් බේරුණා, ගමේ වැව, හේරත්හාමි වැනි කවි නිර්මාණ තුළින් වන්නියේ සුන්දර ගැමියන්ගේ ජීවන සුවඳ අපට දැනෙන්නට ඔහු සැලැස්වී ය.
ඔහුගේ වලස් දඩයම පද්‍ය පන්තියෙහි ඒන කවි වල මෙලෙස සඳහන් වේ.
පුලයි මායි පලුගස් දෙබලක මැස්සේ
සයිමා සමඟ කඩියා කැටවල අස්සේ
මෙහි ඇති හැම හඬට මගෙ හදවත ගැස්සේ
අඩහඳ පලුව අද වනරොද මුදුනට ඉස්සේ
ඒම අවස්ථාවේ දී ඔහුගේ හදවත සැලුණ අන්දම ද මානව දයාව ද මෙම පද්‍ය පන්තියෙන් විශද වේ.
හදිසියෙ දුටිමු කලුවක් වැව වෙත අැදෙන
වැලහින්නක් ය - අැය පසු පස දරු දෙදෙන
යන්තම් අැසුණි හඬ පැටවුන් දිය අදින
කැටවල තුළින් එකණෙහි වෙඩි හඬ නැගිණ
වම් ඉළයට වැටී ගති ඒ් වැළහින්න
මම කෑගැසිමි කඩියට වෙඩි නොතියන්න
දගලන අතර අෑ තැතිගෙන නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු දෙන්න
පොඩි පැටවුනුත් අැදගෙන රැඳෙනු ඉඩ නොදී
අා කැලයට ම ඒ මව පැනපි අැදි අැදී
කකුලක් කැඩී ගියමුත් අැයගෙ වෙඩි වැදී
දරුපෙම් මරන්නට ඒ මවට ඒය මදි
හෙමිහිට අැදී යනතුරු දුරට ම බැද්දේ
හදවත පෙළී පැටවුන් වැළපෙන සද්දේ
සංවේගයෙන් මා සිටි මැස්ස ද පැද්දේ
වැලපෙයි කිරළ රැළ උඩ පැන වැව මැද්දේ
ගොලුවන් කියන දේ වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඒදවස සිට පටන් ගතී
දරුවන් දකින විට සිය මෑණියන් නැතී
ඒ හැම දෙනම මගෙ නෑසියන් වෙතී
විමලරත්න කුමාරගම සූරීන් වන්නියේ ගැමි විශ්වාසයන් තමා පිළිනොගත්ත ද ඔවුන්ගේ ඇදහිලි, විශ්වාසයන් කෙදිනකවත් විවේචනයට ලක් නොකළේ ය. එය සක්සුදක්සේ පැහැදිලි වන්නේ ඔහුගේ අයියනායක කාව්‍ය නිර්මාණයෙන් ය.
සංහිඳ ළඟදි බාරෙට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නෙකෙළෙමි එය ගැරහීම
කොළඹ යුගයේ කවියකු වූ එච්.එම්.කුඩලිගම මෙන් පරිසර වැනුම්වලට ද විමලරත්න කුමාරගම දැක්වූයේ අසීමිත ආශාවකි. මෙහි වැදගත් ම විශේෂත්වය වූයේ වන්නි පරිසරය ඔහුගේ කාව්‍යවල පෝෂණ ගුණය වීමයි.
හිරිමල් පිපි හැම තුරු ලියකම බැද්දේ
සිරිබර ගතිය යන එන පවනෙහි පැද්දේ
එක දවසකින් මේ සිරි කෝමද ලද්දේ
බඹරුනි කිමද අද මේ මංගල සද්දේ
විමලරත්න කුමාරගමයන්ගේ ඇතැම් කවි තුළ ජන කවියේ ලක්ෂණයන් ද ගැබ්වී තිබේ. මුවදෙනෙක් වෙඩි කා මියගිය පසුව ඉතිරිවුණු මුව පැටවුන්ගේ හැඟීම් අපගේ හදවතට මෙසේ දැනෙන්නට හේ සැලැස්වීය. මින් අපගේ සිත සසල වේ. මේ දෙපදය තුළින් අපට සිහිවන්නේ යසෝදරාවතයි.
ඉර පායා ඉර මුදුනට එන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා
විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ කාව්‍ය තුළ ප‍්‍රගතිශීලී ලක්ෂණ දක්නට ලැබුණි. "හේරත් හාමි” කවිපෙළෙන් හේරත් හාමි කුමාරගම දකින්නේ, තමාට ද වඩා විසි තිස් ගුණයකින් දැහැමි පුද්ගලයෙකු ලෙස ය.
අවනත සිනා රැලි වත නිතරම පතු රයි
හැම වදනක් ම අවිහිංසකව පතු රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු රයි
”වනපෙත දැවෙන විට
වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට
ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී
සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක්
එතැන ඇත”
යන කවිය ඉමහත් විමසුමෙන් බලන විට ගැමි ජනතාවගේ දෙවියන් ඇදහීමට නොගැරහීමේ විශාල මානව භක්තියක් කවියා තුළ නොඅඩුව අඩංගු වූ බැව් මනාව ඔප්පු වනු නිසැකය. "හැමදා උදේ – හවසට බොන ගිනි වතුරයි – ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි” යනුවෙන් ඉතාම පහළ මධ්‍යම පාන්තික ශ්‍රමිකයකුගේ පපුව තුළට සැබෑවටම එබී බලා අදාළ මිනිස්කම හොඳාකාරව අවබෝධ කරගත් විමලරත්න කුමාරගමයෝ එමඟින් සහෘදයා කදිමට දැනුවත් කරලූහ.
පද්‍ය ග්‍රන්ථ
- සංවේග වේදනා (1946)
- නිල් සිහිනය (1941)
- ඔරුව (1942)
- සපුමලී (1946)
- සුරතල්ලු (1961)
පද්‍ය රචනා
- හේරත්හාමි
- යන්තම් බේරුනා
- පුසිගේ මරණය
- ආරචිචිරාල
- වලස් දඩයම
- කිරා
- සිරගෙය
- හරක් හොරා
- සුන්දර හාමි
- මුතුගේ ප්‍රශ්න
- වන්නියෙ දොස්තර
- අවුරුදු නිවාඩුව
- ආගන්තුක සත්කාරය
- බුදුරුව
මනා පෞරුෂයකින් යුක්ත විමලරත්න කුමාරගමයන්ට සිංහල හා ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳව ද ඉතා උසස් දැනීමක් තිබිණි. හේ විවේක අවස්ථාවල දී ඉංගී‍්‍රසි සහ සිංහල පොත්පත් කියැවීමට දැක්වූයේ අසීමිත ආශාවකි. රත්නපුරයේ දිස්ති‍්‍රක්ක ආදායම් නිලධාරීවරයා ලෙස සේවය කරන සමයේදීල ඔහුගේ දිසාපතිධුරය දැරූවේ ඉංගී‍්‍රසි ජාතිකයෙකි.
කුමාරගම, කවියකු බව දිසාපතිතුමා දැන සිටියේ ය. ඉංගී‍්‍රසි දිසාපතිවරයා, තමාගේ දෙවනියා වූ උප දිසාපති විමලරත්න කුමාරගමටල ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳවත් විශේෂයෙන් ම ඉංගී‍්‍රසි කාව්‍ය ගැනත් තමාගේ දැනුම පෙන්වීමට හා බහුශ‍්‍රැතයෙක් බව කියාපෑමට ඉංගී‍්‍රසි කවියක් හඬගා කීවේය.
”විමලරත්නල ඔයා දන්නවද මා කිව්ව මේ අපූරු කවිය ටී.එස්. එලියට්ගේ (T.S.Elliot) නිර්මාණයක්, ප‍්‍රබන්ධයක් බව.”
”සමාවෙන්න සර් ඔබතුමා ඔය කිව්ව කවිය එලියට්ගේ නොවෙයි. විලියම් ශේක්ස්පියර්ගේ. මං කියන්නම් ඔබට එලියට්ගේ කවි කිහිපයක්.”
දිය ඇල්ලක් ගලන්නාක් මෙන් එක දිගට ම එලියට්ගේ කවි කීපයක් ශබ්ද නගා රිද්මයානුකූලව කීමෙන් පසුව උප දිසාපතිගේ ඉංගී‍්‍රසි භාෂා ඥානය හා ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳ දැනුම ඉංගී‍්‍රසි ජාතික දිසාපතිතුමා මනා ව වටහාගත්තේ ය. ”ඔබ වැනි සිංහල, ඉංගී‍්‍රසි වියතෙක් ඇසුරු කරන්නට ලැබීම මගේ භාග්‍යයක්.” ඉංගී‍්‍රසි දිසාපති පැවසී ය. කවි දහස් ගණනක් ලියූ කුමාරගම විසින් ලියා පළකරන ලද්දේ කවිපොත් දෙකක් පමණි. 1940 දී "සංවේග වේදනා” ලියා පළකල අතර ඔහුගේ දෙවන කෘතිය වූයේ "හපුමලී” ය.
ඉතාමත් සුන්දර, අව්‍යාජ ගැමියෙකු ලෙස ජීවත්වුණු විමලරත්න කුමාරගමයන් වන්නියට හා සිංහල කවියට ආභරණයක් විය. තමා යටතේ සේවය කළ කාර්යය මණ්ඩලවලට අසීමිත ආදරයක් දැක්වූ ඔහුට සේවක සේවිකාවන් මෙන් ම පොදු ජනතාව ද හදවතින් ම ඇලුම් කළේ ය. තනතුරුවලින් ඉහළ යන්නට යන්නට හේ තව තවත් නිහතමානී විය.
පාඨක හදවත් තුළ සදා නොමැකෙන අමරණීය කාව්‍ය රාශියක් බිහිකළ විමලරත්න කුමාරගම මහතා 1962.12.30 දින අප අතරින් වියෝ විය. "විමලරත්න කුමාරගමයන් අපූරු සුන්දර මිනිසෙකි. ඔහු ගැමියන්ට හදවතින් ම ආදරය කළේ ය. ඔවුන්ගේ දුකේදීත් සැපේදීත් කුමාරගමයන් ඔවුන් සමග විය."
පුදුමය !
කරන්නට යමක් ඇරඹූ කල
කියයි නිබඳ
”නොහැක එය කරනට
වැඩක් නැහැ එය
කළ හැකි ද එය ඔබට ! ”
එයම ඔවුනට කරනට
අවැසි වූ සඳ
කියයි
”එය සුපිරි වැඩක්
කළ හැකිය මට
කර ගත්තොත් ගොඩ”
තමා නොකරන දෙය
අවැඩක් ය
එයම තමනට කර ගැන්මට
අවැසි වූ කල
කෙලෙසද එය සුපිරි වූයේ
පුදුමයකි !
කලණ මිතුදම
සිප්සයුර තරණය කරන සඳ
මිතුදම පසෙකලා
ආත්මාර්ථයම
නැගේ නම්
කොහිද ඒහි මිතුදම
කලණ මිතුරන්
පැදයන සිප් නෞකාවට
සැමදින
විදු මව්ගේ නොමඳ සෙනෙහස
මැද
සිප්සයුර තරණයට
ආත්මාර්ථයම දිවිය
කර නොගත්
දුලබ කලණ මිතුරන් ද
හමු විය
ඔබ ද මා ද මෙ සයුර තරණය
කළ යුතුම ය
පැතුමෙන් යාත‍්‍රා කළෙමු
සරසවි මව් වෙත තුටින
තරණය කොට
ඔබට සවියක් නොවී මා
නතර වුණි නම් නුඹ
මා යන මේ ගමනේ
කිසිදු අරුතක් නොදකිනුය
මා
ඒ
ඔබ මා හුදු මිතුරෙකු නොව
මා දිවියේ කලණ මිතුරෙකු
වන බැවිනි නිබඳ
කලණ මිතුරෙකු වන්නේ නිරතුරු
වදනකට නොව
හදවත පත්ලෙන්
ගලා එන
උත්තරීතර හැඟීමක්ය එය
සැමදින
Thursday, August 25, 2016
ඔබ මා රැවටුවා සම්බුලා
මේඝ වලාවන් තුරු මුදුන් පසු කරමින්
වනයේ ඒ මේ අත සැරිසරද්දී
අඳුර මා සිත ලූහුබැන්දා.....
වටින තුටින හමන මඳ පවන
මා ගත දවා ගියා.....
සියතුන්ගේ අඳෝනාව වන මැදින්
ඇසී නෑසී ගියා
ඔබ තාම නෑ.......
අහරට වන පලා
සොයමින් වන මැද ඔබ
ලතැවෙන්නේ......
මා සිත ගිනියම් තැටියක් ලෙද
දැවෙයි සොවින......
රාග දැලෙන් මත් වී නුඹ
වන මැද තවකෙකු සමඟින
රති කෙළියෙහි යෙදෙනායුරු
මා සිත් අබියස මැවි මැවී පෙණින
නිබඳ......
ඔබ මා රැවටුවා සම්බුලා
ආවෙමු ඔබ මා කැටුව රජ මැදුරෙන්
වන වෙත.....
සුවපත් කරනට මා.....
”පලවැල සොයනට යමි
මම දැන් හිමියනි වනයට”
කී ඔබ පැමිණියේ නැත තවම
හෝරා ගණනින් පසු වී ගොස් ය දැන්
දවයි මා ගත සිත නිබඳ.....
කුෂ්ට රෝගියෙකි මා දැන්
ඔබට නොපෑහෙන.....
ඇයි මා රැවටුවේ සම්බුලා
Subscribe to:
Posts (Atom)