අම්මාවරුනේ
අම්මාවරුනේ.....
අම්මාවරුනේ.....
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා.....
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ......
අම්මාවරුනේ.......
සෙනෙහස වැඩි දා
සිතද බොළවේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ.......
අම්මාවරුනේ........
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා.......
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරුනේ.......
අම්මාවරුනේ......
ගායනය - නන්දා මාලනී
බෝ මළුවේ මල් සුවඳක පැටලී
බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්
එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා
ගායනය - සනත් නන්දසිරි
දෙවනි බුදුන් ලෙස
දෙවනි බුදුන් ලෙස ලාවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවක උතුම් ලද
අම්මා...... අම්මා...... අම්මා......
දෙසවන් සනසා මා නැළවු ඔබ
මියුරු මියැසියෙ අරුත කියා දුනි
ඒ මියසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත
අම්මා.....අම්මා.......අම්මා
ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒදිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත
අම්මා......අම්මා.......අම්මා
ගායනය - සුනිල් එදිරිසිංහ
කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ.....
ගායනය - නිහාල් නෙල්සන්
දුරස් වන්නට මේ ලෙසින්
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ.....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ......//
අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද.......//
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද.....
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ......//
අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද......//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද....
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ....
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ//
ගායනය - අාචාර්ය දයාරත්න රණතුංග
දුක හාදු දෙන රැයේ
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා
ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ
නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
ගායනය - ගුණදාස කපුගේ
සැඳෑ කලුවර කුර ගගා විත්
සැඳෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳල තනි වෙලා මා තනි වෙලා
වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා
ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තෙ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා
ගායනය - නන්දා මාලිනී
සඳ තරු නිහඬයි
සඳ තරු නිහඬයිගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කලා
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා
ගායනය - ඩබ්. ඩී. අමරදේව
මේ නගරය මා ඔබ
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - මර්වින් පෙරේරා
සද මා හා සිනාසුනා
සද මා හා සිනාසුනා
තරු මා හා සිනාසුනා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතාකලේ නෑ....
පුරා පෝය හද අහසට එන විට
මා එනවා බෝ මලුව දිහාවට
බෝ මලුවේ හිද පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට
සද මා හා සිනාසුනා..........
පුරා පෝය හද පායන විලසේ
ඔබ එනවා බෝ සමිදු පුදන්නට
නාදුනනා ලෙස ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට
සද මා හා සිනාසුනා.........
ගායනය - දයාරත්න රණතුංග
ගායනය - දයාරත්න රණතුංග
සුළඟ නුඹ වගෙයි
සුළඟ නුඹ වගෙයිසිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි
සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන්ගියා
පුදුමයක් නොවෙයි
සුළඟ නුඹ වගෙයි......
සිත තනි කළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොයසොය
රිදෙවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි
සුළඟ නුඹ වගෙයි.......
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පූජාසනයේ ඔබ හිඳුවා
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
ඉසුරින් කිත් යසසින් බබලන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ
පූජාසනයේ ඔබ හිඳුවා....
කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ
පූජාසනයේ ඔබ හිඳුවා....
ගායනය :නන්දා මාලනී
No comments:
Post a Comment