පළමුවන විජයබාහු රජු (මහා විජයබාහු, විජය බා) (ක්‍රි.ව. 1055 සිට 1110 ) දක්වා පොළොන්නරුව අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රාජ්‍ය ලේ උරුමය ඇතිව එතුමා උපන්නේ ය. එකල ශ්‍රී ලංකාවේ කොටසක් ආක්‍රමණික ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යයයන් විසින් පාලනය කරන ලදි. 1055 දි රුහුණ හෙවත් දක්කිණ දේශයේ පාලනය බාර ගත් එතුමා පසුව වසර 17 ක දිගු සටන් මෙහෙයුමකින් පසු 1070 දි චෝල ආක්‍රමණිකයන් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේන් එලවා දැමීමට සමත් විය. සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරිමට එමගින් එතුමාට හැකිවිය. එතුමාගේ පාලන කාලය තුළ බුද්ධ ධර්මය නැවත පිහිටුවිමටත් යුද්ධය නිසා විනාශ වු යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අළුත් වැඩියා කිරිමටත් කටයුතු කරන ලදි.විජයබාහු , කිත්ති , කීර්ති යන නාමයෙන් ක්‍රි.ව. 1039 දි දක්කිණ දේශයේ රුහුණු රාජධානියේ උපත ලැබීය. එතුමා රුහුණු පාලකයා වු මොග්ගල්ලාන රජු හා ලෝඛිතා බිසවගේ පුතණුවන්ය. එකල ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වුවත් රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් පාලනය ගෙන යන ලදි.
එතුමාට වයස 15 දි රුහුණේ රාජ්‍යයත්වයට පත්විමේ අරමුණ ඇතිව ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වු ලෝකිස්සර පරාජය කරන ලදි. පසුව ක්‍රි.ව. 1055 දි විජයබාහු නමින් රුහුණේ රාජ්‍යයත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර නිතර ප්‍රහාර එල්ල කලත් ඒවා මැඩපවත්වා, ක්‍රි.ව. 1058 දී රුහුණ සම්පුර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කරල සම්පුර්ණ රුහුණු පාලනය එතුමාගේ යටතට ගැනිමට සමත් විය.
රුහුණ ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමෙන් අනතුරුව එකල අගනගරය වූ පොළොන්නරුව ආක්‍රමණය කිරීමේ පිපාසාවෙන් මඩිනු ලැබූ හෙතෙම 1066 දී පොළොන්නරුව වෙත තම මංගල ප්‍රහාරය මෙහෙයවා ලදි. මද කලෙකට එය තම ග්‍රහණයට නතු කරගත්තේ ය. එනමුදු දකුණු ඉන්දීය ආධාරයෙන් බල ගැන්වුනු සොලී චෝල හමුදාවන් නැවතත් ප්‍රහාර එල්ල කළෙන් විජයබාහු තෙම නැවත පසු බැස්සේ ය. එසේ පසුබැස වාකිරිගල දී නැවත සංවිධානය වුනු විජයබාහු පොළොන්නරුව තම ග්‍රහණයට ගැනීමේ නැවුම් වෑයමක් දියත් කළේ ය. එවිට පාලන බලය සඳහා සටන් වැදි වෙනත් පාර්ශවයන් විසින් දියත් කළ කැරළි සඳහා ද මුහුන දීමට ද සිදුවිය. ඒවා ද විජයග්‍රහණය කළ විජයබාහු ස්වකීය හමුදාවන් පොළොන්නරුව නැවත ගැනීමේ අදිටනින් යුතුව මෙහෙය වුවද සොලීන් අතික්‍රමණය කිරීමට නොපොහොසත් වූයේ ය.
සියලු බාධක බිද දමමින වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේ දී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
පනාකඩුව තඹ සන්නස
පළමු වැනි විජයබාහු රජතුමාට අයත් මෙම තඹ සන්නස ප්‍රමාණයෙන් දිගින් අඩි එකයි අගල් දෙකහමාරකි. එහි පළල අගල් තුනක් පමණ වේ. මෙහි සාමාන්‍ය ඝනකම අගලින් අටෙන් එකකිග සන්නසේ බර රාත්තල් දෙකක් සහ අවුන්ස දෙකහමාරකිග සන්නසේ එක් පත් ඉරුවක පේලිි හත බැගින් ලියූ අකුරු පේලි 28 කින් යුක්‌තය. පේලිි අතර පරතරය සෙන්ටිමීටර් 0.02 කින් යුක්‌ත වේ. අකුරක ප්‍රමාණය ගත්විට උස සෙන්ටි මීටර් 1.2 ක් හා පළල සෙන්ටිමීටර් 0.9 ක් පමණ වේ. අකුරු උල් රවුම් හැඩයක් ගන්නා ආකාරය දැකගත හැකිය. පනාකඩුව තඹ සන්නස තඹ පතක සටහන් කිරීමට මූලික හේතුව වශයෙන් හදුනාගත හැක්‌කේ එය සුරක්‌ෂිතව දිගුකාලයක් තබා ගැනීම සදහා ය.
පනාකඩුව තඹ සන්නස තුළින් පළමුවන විජයබාහු රජතුමා විසින් තම බාල කාලය පිළිබද කතා පුවත හැඟීම්බරව කිසිවක් නොසගවා නිහතමානීව ප්‍රකාශකර ඇත. සොළින්ගේ ආධිපත්‍යට යටත්ව තිබූ කාලයේ තමා පමණක් නොව පියාණන් වූ මුගලන් ඇතුළු සියලු ඥාතීන් මහත් ඕනෑකමින් ආරක්‌ෂා කළ නිසා ඒ උදවුවලට කෘතගුණ සැලකීමක් ලෙස බුද්ධරාජ හෙවත් රුහුණු ප්‍රදේශයේ සිවිල් හා යුද කටයුතු භාර ප්‍රධාන නිලධාරියා වූ සිත්නරු නම් බූදල්නාවන්නාට පවරාදුන් ත්‍යාග හා වරප්‍රසාද ගැන මෙහි සදහන් වේ.
මෙහි සදහන් කරුණු අතිශයෝක්‌තියෙන් තොරව අව්‍යාජව ඉදිරිපත් කර තිබේ. මෙකල සොළීන්ගෙන් එල්ල වූ පීඩාවන් හේතුවෙන් රාජ්‍යය අහිමි වූ බැවින් කදුකරයේ වන දුර්ග ප්‍රදේශවල ආරක්‌ෂාවට සැගවී ඇත. එහිදී රජුගේ සෙන්පතියෙකු වූ සිත්නරු නම් බූදල්නාවන්නා නම් රුහුණු දණ්‌ඩ නායකයා සිය පිරිවර සමග පැමිණ මුගලන් මහ රජු ඇතුළු මුළු රජ පවුලම රැකගත් බව එහි සදහන් වේ. එසේම ඔවුන් කුඩා කාලයේ හොදින් ඇති දැඩි කළ බවත් ඔහු ඔවුන්ව පෝෂණය කළ බවත් සතුරන්ගෙන් ආරක්‌ෂා කළ බවත් එහි දක්‌වා තිබේ. එසේම සෑම තැනකම සතුරා සමග සටන් කර පසුව රෝහණය පක්‌ෂපාතී කර කදුකරයෙන් ගරුබුහුමන්ව ගෙන්වා නැවත රාජ්‍ය ලබාදුන් බව විජයබාහු රජු එම සන්නසේ සදහන් කර ඇත. (රුහුනේසිටි බල සමිපන්න ජන ප්‍රධානියෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් චෝල ආක්‍රමනික රජ උරුමක්කාරයින් සමූල ඝාතනය කරද්දී පනරැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු රජ පවුල රෝහනයට පැමිනෙයි. කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය. රහසේ රුහුනු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි.)
ඉහත සිදුවීම් විමසා බැලීමේදී විජයබාහු රජුගේ පියා මුගලන් බවත් විජයබාහු රජු රාජකීය උත්පත්තියක් ඇති අයෙකු බව ,ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබහට අග මෙහෙසුන් වූ, යනුවෙන් දක්‌වා තිබීමෙන් පැහැදිලි වේ. එසේම චෝල ආක්‍රමණයක් මේ කාලයේ සිදුවී ඇති බවත් ඔවුන් අනුරාධපුර රාජධානිය ක්‍රමානුකූලව විනාශකළ බවත් මෙයින් හදුනාගත හැකිය. චෝල අධිරාජ්‍යයේ සිරකරුවකු වූ පස්‌වන මිහිඳුගේ මුණුබුරෙකු ලෙස මොග්ගල්ලාන (මුගලන්) හදුනාගත හැක.
පනාකඩුව තඹ සන්නසින් බූදල්නාවන්නාගේ පරම්පරාවට දෙන ලද රාජ වරප්‍රසාද ලෙස එතුමාගේ පරම්පරාවෙන් පැවත එන්නන්ගෙන් දඩ අය නොකිරීම, ඔවුන් සිරගත නොකිරීම, ඔවුන් සතු කිසිදු දේපළක් රාජසන්තක නොකිරීමත් ඔවුන් ඉතා බලවත් අපරාධයක් කළ ද තෙවරක් ඔවුන්ට සමාව ලබාදිය යුතු බවත් එහි සදහන් වේ. තවද රාජ අපරාධයකදී වුවද ඔවුන්ට සමාව දිය යුතු බවද සන්නස මගින් ව්‍යවස්‌ථාපිත කොට ඇත.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
https://si.wikipedia.org/wiki/
https://si.wikipedia.org/wiki/
http://historyofsrilankan.blogspot.com/
No comments:
Post a Comment